හැව්ලොක් – CH වේගවත් වෙයි

352

නිමා වූ ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සහ තෙවැනි ස්ථාන ජයග්‍රහණය කළ, හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ CH&FC කණ්ඩායමේ සිටි වේගවත් Wing Three Quarters ක්‍රීඩකයින් දෙදෙනෙකු කණ්ඩායම් දෙක අතර හුවමාරු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව CH&FC කණ්ඩායමේ හිටපු වේගවත් ධාවකයෙකු වන නවීන් හේනකන්කානම්ගේ මේ වසරේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන අතර හැව්ලොක් ක්‍රීඩා සමාජයේ තුරුම්පුවක් වන චාමර දාබරේ මේ වසරේ දී CH&FC කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇත.

ඩයලොග් අන්තර් සමාජ සත්සාමාජික තරගාවලිය 29 වැනිදා

ඩයලොග් අන්තර් සමාජ සත්සාමාජික රග්බි තරගාවලියේ කුසලානය එළිදැක්වීමේ මාධ්‍ය හමුවක්…

අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන චාමර දාබරේ 2012 වසරේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය ලීග් ශූරතාව කරා රැගෙන යෑමට විශාල මෙහෙවරක් කළ ක්‍රීඩකයෙකි. 2014 වසරේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජයට බැඳුණ දාබරේ වසර 5ක් මුළුල්ලේම හැව්ලොක් ක්‍රීඩා සමාජයට විශාල මෙහෙවරක් ඉටු කළ අතර පන්දු හැසිරවීමේ හැකියාව හා ක්‍රීඩකයින් මෙල්ල කිරීමේ හැකියාව නිසාම ඔහුට ක්‍රීඩාලෝලීන්ගෙන් ද හොඳ ප්‍රතිචාර හිමි විය. 

නමුත් ආබාධයක් හේතුවෙන් ඔහුගේ ක්‍රීඩා දිවියට තරමක් බාධා එල්ල වූව ද ඒ සියල්ලටම පිළිතුරු දෙමින් පසුගිය ලීග් ශූරතාවලියේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා බවට පත්වීමට ඔහු සමත් විය. 

රාජකීය විදුහලේ ආදී ශිෂ්‍යයෙකු වන දාබරේ ශ්‍රී ලංකා ජාතික සංචිතයට මෙන්ම සත් සාමාජික සංචිතය ද නියෝජනය කරමින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට විශාල වශයෙන් දායක වී ඇති ක්‍රීඩකයෙකි.

පළඟ ශූරතාවයෙන් A කාණ්ඩයට දොරටු ඇරෙන්නේ කාටද?

වෙහෙසකාරී සති 9ක පාසල් රග්බි ලීගයෙන් අනතුරුව සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ අවසන්…

නවීන් හේනකන්කානම්ගේ සාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍යයෙකි. ඔහු 2017 වසරේ සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායමට නායකත්වය ලබා දුන් අතර 2016 හා 2017 වර්ෂවල දී සාන්ත තෝමස් විදුහලට අන්තර් පාසල් සත් සාමාජික ශූරතාවය දිනා දීමට ද ඔහු සමත් විය. 

2017 වසරේ දී ඔහු ශ්‍රී ලංකා සත් සාමාජික සංචිතයට තේරී පත්වූ අතර ශ්‍රී ලංකා කනිෂ්ඨ රග්බි සංචිතයේ නායකත්වය ද ඔහු විසින් හොබවා ඇත. ඒ 2016 හා 2017 තරගවාර වල දී. එසේම නවීන් CH&FC කණ්ඩායමේ සිට හැව්ලොක් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන්නේ අන්තර් සමාජ ක්‍රීඩා පිටියේ ඔහු විසින් ලබා ගෙන ඇති වසරක පළපුරුද්ද සමඟිනි.

කෙසේ වෙතත් CH&FC කණ්ඩායමට හා හැව්ලොක් ක්‍රීඩා සමාජයට මෙම ක්‍රීඩක හුවමාරුවෙන් විශාල බලපෑමක් සිදු වීමට ඉඩක් නොමැති බවක් පෙනී යන්නේ කණ්ඩායම් දෙකටම “වේගයට වේගයක්” එක් වී ඇති නිසාවෙනි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<