ක්‍රීඩා ඇමතිගෙන් අත් ට්‍රැක්ටර්

926

13 වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙල මේ වසරේ දෙසැම්බර් මස 01 සිට දෙසැම්බර් 11 දක්වා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා මේ වන විටත් ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් වෙමින් පවතී. 

Track එකේ ගෙවෙන ගිම්හාන සැණකෙළිය

ජාතික මලල ක්‍රීඩාවේ “මෞලි මංගල්‍ය” ලෙස අප හඳුන්වනු ලබන ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ 97 වන දිගහැරුම අගෝස්තු මස 16…..

2019 දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට පෙර පුහුණුවීම් කටයුතු කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු අමාත්‍යතුමා අතින් අද (30) ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කරන ලදි. මෙහි දී ක්‍රීඩා සංගම් 19කට ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කළ අතර එහි මුළු වටිනාකම රුපියල් 16,773,000.00කි. 

තවද අද පාසල් ක්‍රිකට් ක්‍රීඩා පිටි 100ක් සඳහා යටිතල පහසුකම් ලබා දීමේ වැඩසටහනක් ද පැවැත්විය. මෙහි දී පාසල් 100ක් සඳහා අත් ටැක්ටර්, තණකොළ කැපීමේ යන්ත්‍ර, අත් රෝල් යන්ත්‍ර ආදී උපකරණයන් ලබා දෙන ලදි. 

ලැබිය යුත්තන්ට ලැබීම

2018 ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් ජයග්‍රහණය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ත්‍යාග මුදල් ප්‍රදානය…..

මේ වසරේ දී 13 වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාව නේපාලයේ කත්මන්ඩු අගනගරයේ දී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය තුල නව නීතියක් හඳුන්වා දී ඇති අතර එහි දී එක් ඒකල ඉසව්වක් සඳහා එක් රටකින් සහභාගී විය හැක්කේ එක ක්‍රීඩකයෙකුට පමණි. 

එම හේතුව නිසා එළඹෙන ජාතික මලල ක්‍රීඩා ශුරතාවයෙන් දස්කම් දක්වන ක්‍රීඩකයන් අතරින් එක් ඒකල ඉසව්වකින් තරගකරුවන් දෙදෙනෙකු තෝරා පත්කරගනු ලබන අතර දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට පෙර ඉන් එක් ක්‍රීඩකයෙකුට ආබාධයක් ඇති වුවහොත් අනෙක් ක්‍රීඩකයා තරගාවලිය සඳහා සහභාගී වනු ඇත. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<