දෝනි යළිත් එළියට; පාන්ඩ්‍යාට වරමක්

103

දකුණු අප්‍රිකාවට එරෙහිව ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියට ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යාව නම් කර ඇත. 

අවසන් වරට පසුගිය ලෝක කුසලානය නියෝජනය කළ 25 හැවිරිදි පාන්ඩ්‍යාව මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියේ දී විවේක ගන්වා තිබුණි. ඊට හේතුව වූයේ එංගලන්තයේ පැවති පන්දුවාර විස්ස තරගාවලියක අවසානයේ දී හට ගත් සුළු ආබාධයක බලපෑම හේතුවෙනි.

මහේල ජයවර්ධන පුහුණුකරුවෙකු ලෙස එංගලන්තයට

සුපිරි ක්‍රිකට් නායක මහේල ජයවර්ධන එංගලන්ත The Hundred ක්‍රිකට් තරගාවලිය සඳහා…

වේගපන්දු යවන්නන් ලෙස ඉන්දීයාවේ මූලික තේරීම් වන බුවනේෂ්වර් කුමාර් සහ ජස්ප්‍රිට් බුම්රා දෙදෙනාව විවේක ගන්වා ඇති අතර විස්සයි විස්ස කණ්ඩායම සඳහා තවත් ආදේශක වේගපන්දු යවන විකල්ප සොයාගැනීමට තීරණය කර ඇත්තේ ලබන වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අරමුණු කරගනිමිනි. 

එම්.එස්. දෝනි ද ලෝක කුසලාන තරගාවලියෙන් පසුව මාස දෙකක් පමණ කාලයක් කණ්ඩායමෙන් ඉවත්ව සිටි අතර දිගින් දිගටම ඔහුව ඉවත් කර තැබීමට තීරණය කර ඇත්තේ ඔහුගේ ඉදිරි ජාත්‍යන්තර ක්‍රිකට් අනාගතය පිළිබඳව අවිනිශ්චිතභාවයක් මතු කරමිනි.

අත්දැකීම් ඉතාමත් අඩු වේගපන්දු යවන බලඇණියක් වුවද කලීල් අහමඩ්, නව්දීප් සයිනි සහ දීපක් චහාර් තිදෙනාගේම එකතුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 16ක් ක්‍රීඩා කර ඇත. හර්දික් පාන්ඩ්‍යාගේ ආගමනයත් සමඟම ඔවුන්ගේ පිතිකරණ බලඇණිය ද ශක්තිමත් වී ඇති අතර ඔහුගේ වේගපන්දුවෙන් ද නව ජීවයක් එක්ව ඇත.

දසුන්ගේ හුදකලා සටන අපතේ යයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම අතර අද (29…

නැවත වතාවක් කුල්දීප් යාදව් සහ යුස්වේන්දර් චහාල් දඟපන්දු යුගලය සමඟ ඉදිරියට යාමට එස්. කේ. ප්‍රසාද්ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති අතර වැඩි බරක් ලබා දී තිබෙන්නේ රවින්ද්‍ර ජඩේජා, කෘනාල් පාන්ඩ්‍යා, වොෂින්ටන් සුන්දර්, රාහුල් චහාර් යන පන්දු යවන්නන්යි. 

ඉන් තිදෙනෙකුටම පිතිකරණයේ යෙදීමට ද හැකියාවක් ඇති අතර ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා වෙනස්ම සංයුතියක් වෙත අවධානය යොමු කිරීමට ඉන්දියාව තීරණය කර ඇත.

වර්ෂාවේ බාධා කිරීම් මැද ප්‍රමෝද් – අශේන් ඉනිම පිළිසකර කරති

ශ්‍රී ලංකා – බංග්ලාදේශ නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේ තෙවැනි…

දකුණු අප්‍රිකාවට එරෙහිව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 15 වනදා ධර්මශාලාහීදී ඇරඹීමට නියමිතව ඇති අතර අනෙකුත් තරග මොහාලිහීදීත් (සැප්තැම්බර් 18), බෙන්ගලුරුහිදීත් (සැප්තැම්බර් 22) පැවැත්වේ.  මෙයින් පසුව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ඔක්තෝබර් 2 වැනිදා ඇරඹීමට නියමිතය.  

සංචිතය – විරාත් කෝලි (නායක), රෝහිත් ශර්මා (උපනායක), ශිකර් ධවාන්, කේ.එල්. රාහුල්, ශ්‍රෙයාස් අයර්, මනීෂ් පාන්ඩේ, රිෂාබ් පාන්ට් (කඩුලු රකින්නා), හර්දික් පාන්ඩ්‍යා, රවින්ද්‍ර ජඩේජා, කෘනාල් පාන්ඩ්‍යා, වොෂින්ටන් සුන්දර්, රාහුල් චහාර්, කලීල් අහමඩ්, දීපක් චහාර්, නව්දීප් සයිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<