ලෝක විස්සයි විස්ස කණ්ඩායමට තවත් දෙන්නෙක්

774

ඉන්දියානු තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා හා කඩුලු රකින පිතිකරු දිනේෂ් කර්තික් ICC ලෝක ක්‍රිකට් කණ්ඩායමට (ICC World XI) ක්‍රීඩා කිරීමට කැමැත්ත පලකර තිබේ.

මේ පිළිබඳ මධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අද (3) අදහස් දක්වා තිබුණි. පසුගිය වසරේ හරිකේන් තත්වයක් නිසා හානි වූ කැරිබියන් දූපත් යලි යථා තත්වයට පත් කිරීමට ආධාර එකතු කිරීමේ අරමුණින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩයම හා ලෝක විස්සයි විස්ස කණ්ඩයම අතර සුහද ක්‍රිකට් තරගයක් මැයි 31 වැනිදා එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ක්‍රිකට් ක්‍රීඩාංගණ කාර්ය බහුල කරවන නව සැලැස්මක්

2019 ලෝක කුසලානය මූලික කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයම ඉදිරි මාස 12 තුළ කාර්යබහුල…..

ලෝක ක්‍රිකට් කණ්ඩයම එංගලන්තයේ සීමිත පන්දුවාර නායක ඉයන් මෝර්ගන් (Eoin Morgan) විසින් මෙහෙයවන අතර පකිස්ථානයේ ෂහිඩ් අෆ්රිඩි, ෂොයිබ් මලික්, ශ්‍රී ලංකාවෙන් තිසර පෙරේරා, බංගලාදේශයෙන් ෂකිබ් අල් හසන් හා තමීම් ඉක්බාල් ද, ඇෆ්ගනිස්ථානයෙන් රෂිඩ් ඛාන් ද මේ වන විට කණ්ඩායමට ඇතුලත්ව සිටියි. ඉදිරි කාලයේ දී කණ්ඩායමට එක්වන ඉතිරි ක්‍රීඩකයින් නම් කරන බව ICC ප්‍රකාශ කර තිබේ.

අලුතින් එක්වූ ඉන්දියානු ක්‍රීඩකයින් දෙදෙනාම මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කරන අතර හර්දික් පාණ්ඩ්‍යා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමටත්, දිනේෂ් කර්තික් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමටත් ක්‍රීඩා කරනු ලබයි.

“ක්‍රීඩකයින් දෙදෙනාගේ දක්ෂතා බලන්න මෙය ඉන්දීය ප්‍රේක්ෂකයින්ට හොඳ අවස්ථාවක් වේවි, මෙම ක්‍රීඩකයින් දෙදෙනාම ඉතා හොඳ සුපිරි ක්‍රීඩකයින්, අපිට ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේ දී හොඳ තරගයක් බලා ගන්න පුළුවන් වේවි.” යැයි තරගාවලියේ සංවිධාන කටයුතු භාරව කටයුතු කරන ගයිල්ස් ක්ලාර්ක් මහතා පැවසිය.

රාශිඩ්, තමීම් හා ශකිබ් ලෝක ක්‍රිකට් කණ්ඩායමට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළින්ම සිටින ඇෆ්ගනිස්තානයේ රාශිඩ් කාන්…..

“ICC ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයේ දී පාකිස්තානයට එරෙහිව පාණ්ඩ්‍යා පන්දු 43ක දී රැස්කළ ලකුණු 76 හා නිමාවූ නිදහස් කුසලානයේ දී තරගයේ ජය ඉන්දියාවට ගෙන දීමට පන්දු අටකින් දිනේෂ් කර්තික් රැස්කළ ලකුණු 29 ප්‍රේක්ෂකයින්ට මතක තියේවි.”

වර්තමාන ලෝක විස්සයි විස්ස ශූරයින් වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩයම, කාලෝස් බ්‍රාත්වෙයිට් විසින් මෙහෙයවන අතර සුපිරි විස්සයි විස්ස තරු වන ක්‍රිස් ගේල්, මාලන් සැමුවෙල්ස්, සැමුවෙල් බද්රි හා අන්ද්රේ රසල් බටහිර ඉන්දීය කොදෙව් දූපත් නියෝජනය කරනු ඇත.

ඉර්මා හා මරියා යන චණ්ඩ මාරුත වලින් විනාශ වූ හා හානි වූ ඇන්ගුලියා හී රොනල්ඩ් වෙබ්ස්ටර් පාක්, ඇන්ටිගුවා හී සර් විව් රිචඩ්ස් ක්‍රීඩාංගණය, ඩොමිනිකා හී වින්ඩ්සර් පාක්, බ්‍රිතාන්‍ය වර්ජිනියා දූපත් හී ඒ. ඕ ශේර්ලි ක්‍රීඩාංගණය හා සාන්ත මාර්ටෙන් හී කැරිබ් ලුම්බර් බෝල් පාක් ඇතුළු ක්‍රීඩාංගණ අලුත්වැඩියා කිරීම සඳහා මෙම තරගයෙන් ලැබෙන මුදල් යෙදවෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<