ශ්‍රී ලංකා විනිසුරුවරුන් දෙදෙනෙක්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට ඇරයුම්

118

2019 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ නිල තරග විනිසුරු මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිල වශයෙන් නිකුත් කර තිබේ. ඒ අතර ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් වන ලින්ඩන් හැනිබල් හා රවීන්ද්‍ර විමලසිරි යන දෙදෙනා ද ඇතුලත්ව සිටියි.

අංක එකේ පාකිස්තානුවන්ට සිංහ පැටව් ඉදිරියේ අන්ත පරාජයක්!

විස්සයි විස්ස තරග රටාවේ පළමු වරට පාකිස්තානු ……..

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මෙම තරගාවලිය රටවල් 14ක සහභාගීත්වයෙන් මේ මස 18 වැනිදා සිට නොවැම්බර් 2 වැනිදා දක්වා පැවැත්වේ. 

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ජෙෆ් ක්‍රෝව් මහතා සහ ජී. එස්. ලක්ෂ්මි යන ඉන්දියානු තරග විනිසුරුවරිය ද මෙවර තරගාවලියේ නිල තරග විනිසුරු මණ්ඩලයට ඇතුලත්ව තිබීම සුවිශේෂී වේ. 

එමිරේට්ස් ICC Elite තරග විනිසුරුවරුන්ගේ මණ්ඩලයේ සිටින ක්‍රෝව් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග 488ක් සඳහා සිය දායකත්වය දක්වා තිබෙන අතර ඒ තරග සඳහා ICC ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් ද ඇතුලත්ය. 

තරග තීරකවරුන් තිදෙනෙක් සහ තරග විනිසුරුවරුන් 12 දෙනෙකුගෙන් සමන්විත මෙම නිලධාරි මණ්ඩලය සඳහා ඇතුළත් වන ශ්‍රී ලාංකිකයින් දෙදෙනා වන වයස අවුරුදු 53ක් වන ලින්ඩන් හැනිබල් හා වයස අවුරුදු 50ක් වන රවීන්ද්‍ර විමලරිසිරි පිළිවෙළින් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග 8ක් හා 32ක් සඳහා සිය දායකත්වය දක්වා තිබේ.

Video – ශ්‍රී ලංකා පිතිකරුවන් ODI වලදී ගොඩනංවා තිබෙන හොඳම සබඳතා – සිංහලෙන් ක්‍රිකට් 05

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තාවන් තියන්න උපන් ……

රටවල් 14ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටය සඳහා කණ්ඩායම් 7 බැගින් වන කාණ්ඩයන් දෙකක් යටතේ කණ්ඩායම් තරග වදිනු ලබයි. ඒ ඒ කාණ්ඩයේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් 4 බැගින් කාණ්ඩයන් දෙකෙන් කණ්ඩායම් 8ක් මෙම තරගාවලියේ දෙවන වටය සඳහා තේරී පත්වීමට නියමිතයි. 

අවසානයේ එහි පළමු ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් හය 2020 වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය සඳහා තේරී පත්වේ. 

2019 විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ ක්‍රිකට් තරගාවලියේ නිල තරග විනිසුරු මණ්ඩලය පහත පරිදි වේ.

තරග තීරකවරුන්: ජෙෆ් ක්‍රෝව්, ජී. එස්. ලක්ෂ්මි, ජෙරාඩස් පියනාර්

තරග විනිසුරුවරුන්: රෝලන්ඩ් බ්ලැක්, ක්‍රිස් බ්‍රවුන්, ලින්ඩන් හැනිබල්, සෑම් නොගාජ්ස්කි, අහමඩ් ෂා පක්තේන්, අල්ලාහුදීන් පලේකර්, රෂීඩ් රියාස්, සුන්දරම් රවී, අහ්සාන් රාසා, ෂර්ෆුඩූලා ඉබ්නේ ෂාහිඩ්, ඇලෙක්ස් වෝෆ්, රවීන්ද්‍ර විමලරිසිරි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<