“පීඩනයක් තියෙනවා. ඒත් අභියෝගයට සූදානම්” – ඇන්ජලෝ මැතිව්ස්

320

2019 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින 03ක් පමණි. ලෝක ක්‍රිකට් වසන්තයට සියලු කණ්ඩායම් මේ වනවිට ලහි ලහියේ සූදානම් වෙමින් සිටී. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන සූදානම පිළිබඳව හිටපු නායකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් අදහස් දක්වා සිටියා. ඔහු පවසා සිටියේ එල්ල වන පීඩනය පාලනය කරගැනීම කණ්ඩායම සතු ප්‍රධානම අභියෝගය බවයි.

දඟපන්දු යවන්නන්ට අභියෝගාත්මකයි – ජෙෆ්රි වැන්ඩර්සේ

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නියෝජනය කරන ජෙෆ්රි වැන්ඩර්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක…

1996 වසරේ ලෝක ක්‍රිකට් කිරුළ පැළදීමට වාසනාවන්ත වූ ශ්‍රී ලංකා කණ්ඩායම, 2007 සහ 2011 ලෝක කුසලාන තරගාවලි වලදී අවසන් තරගය දක්වා පැමිණීමට සමත් විය. මෙවර ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව පැමිණෙන්නේ ශ්‍රේණිගත කිරීම්වල 09 වන ස්ථානය දක්වා පසුබසිමිනි. ඔවුන් 2018 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා එක්දින තරග 22කට මුහුණදී ඇති අතර ඔවුන් එයින් ජයග්‍රහණය කර ඇත්තේ තරග 6ක් පමණි.

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ ක්‍රීඩකයන් කිහිපදෙනකුම දිගු තරග විරාමයකින් අනතුරුව කණ්ඩායමට එක්වී තිබීම, කණ්ඩායමේ අත්දැකීම් ප්‍රමාණය අඩු වීමට හේතුවී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පසුගිය සතියේ පැවති තරග දෙකට පෙර කණ්ඩායම වෙනුවෙන් එක්දින තරගයකට ක්‍රීඩා කර තිබුනේ 2015 වසරේදී ය. ඒ 2015 ලෝක කුසලාන තරගාවලියේදී වීම විශේෂත්වයකි.

අත්දැකීම් බහුල ක්‍රීඩකයන් අතර සිටින ඇන්ජලෝ පවසා සිටියේ කණ්ඩායම තම අතීතය පසෙකලා “මේ මොහොතේ” ක්‍රීඩාකළ යුතු බවයි. “ලොකුම අභියෝගය පීඩනය පාලනය කරගැනීම” බවත් මැතිව්ස් පවසා සිටි.

“කණ්ඩායමේ ගොඩක් අය එංගලන්තයේ ක්‍රීඩා කරලා තියනවා. අපි මෙහේ ස්වභාවය දන්නවා. ඒ උනාට පීඩනය පාලනය කරගැනීම හා ඒ අවස්ථාවන්ට හොඳින් මුහුණදීම තමයි අභියෝගය වෙන්නේ.” තවදුරටත් අදහස් දක්වමින් මැතිව්ස් පැවසීය.

2015 වසරේ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට පැවරී තිබිනි. මෙවර තරගාවලිය ආරම්භයට පෙර තම අත්දැකීම් කණ්ඩායම සමඟින් බෙදාගනිමින් මැතිව්ස් පවසා ඇත්තේ අභියෝගය බාරගන්නා සේම තම නිදහස ද උපරිමයෙන් භාවිතා කරන ලෙසයි.

මහේල තනතුර ප්‍රතික්ෂේප කරයි

2019 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් දින 4ක් පමණක් ඉතිරිව ඇත. කණ්ඩායම් සියල්ල…

“මේ වගේ ලොකු තරගාවලි වලදී අපිට නිදහසේ සෙල්ලම් කරන්න වෙනවා. නිදහසේ සෙල්ලම් කරන එක තමයි හොඳම දේ වෙන්නේ. ඔව්, මේක ලෝක කුසලානයක්. දිනන්න නම් අපිට හොඳට සෙල්ලම් කරන්න වෙනවා. අභියෝගය බාරගන්නවා වගේම පීඩනය පාලනය කරගන්නත් අවශ්‍යයි. අපි පීඩනය පාලනය කරගත්තේ නැත්නම් ඒක අනවශ්‍ය බරක් වෙනවා. හැමවෙලේම අභියෝගයක් කියන්නේ අපිට දක්ෂතා පෙන්වන්න තියන අවස්ථාවක් ලෙස දකින්න ඕනේ. රට වෙනුවෙන් යමක් කරන්න ලැබෙන අවස්ථාවක් විදිහට දකින්න ඕනේ.” වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිව්ස් පවසා සිටියා.

මේ වනවිට 31 වන වියෙහි පසුවන මැතිව්ස්ට පසුගිය වසරේදී විටින් විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවූයේ ඔහුගේ ආබාධයන් නිසාවෙනි. කණ්ඩායමට අවශ්‍ය දායකත්වය ඕනෑම අවස්ථාවක ලබාදීමට සූදානමින් පසුවන ඇන්ජලෝ ඔහු ක්‍රීඩාකළ අවසන් එක්දින තරග 5 දී ශතකයක් සහ අර්ධ ශතක දෙකක් වාර්තා කිරීමට සමත්විය. එයට පසුගියදා දකුණු අප්‍රිකාව සමඟින් පැවති පුහුණු තරගයේදී ලබාගත් ලකුණු 64 ද ඇතුළත් වේ.

පසුගිය මාස කිහිපයේදී තම පිතිකරණයේ විශේෂ සන්ධිස්ථාන කීපයක්ම පසුකිරිමට මැතිව්ස් සමත්වන්නේ එක්දින සහ ටෙස්ට් තරග වලදී කැපීපෙනෙන දස්කම් දක්වමිනි. ලෝක කුසලාන සංචිතය පිළිබඳව අදහස් දක්වමින් මැතිව්ස් පවසා සිටියේ ඔහු තම ස්ථානය රැකගැනීමේ අරමුණින් ක්‍රීඩා නොකරන බවයි.  

“හැම තරගයක්ම තමන්ගේ දක්ෂතා වැඩි කරගන්න තිබෙන අවස්ථාවක්. අපි ඒ අවස්ථාව ලබාගන්නවා කියන්නේ ඒක කණ්ඩායමට හොඳ දෙයක්. ඒකේ ප්‍රතිඵලය ලැබෙන්නේ කණ්ඩායමට.”

මැතිව්ස්, ලසිත් මාලිංගට පසුව කණ්ඩායමේ වැඩිම එක්දින තරග ප්‍රමාණයක් ක්‍රීඩාකර ඇති ක්‍රීඩකයා වේ. ඔහු මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 204 කට ක්‍රීඩා කරමින් ලකුණු සාමාන්‍ය 42.03ක් ලෙස පවත්වාගෙන ඇත. කණ්ඩායමේ නවක ක්‍රීඩකයන්ට තම අත්දැකීම් බෙදාදීම ඔහුගේ අරමුණ වී ඇත.  


“මගේ ඉලක්කය හොඳින් සෙල්ලම් කරන අතර ස්ථාවරත්වය දිගටම තියාගන්න. ඒකට මම මගේ ශාරීරික යෝග්‍යතාවය පවත්වාගන්න ඕනේ. මම මගේ උපරිමය කරනවා. ඒ වගේම මම මගේ අත්දැකීම් නවක ක්‍රීඩකයන්ට ලබාදෙනවා. ඒකෙන් එයාලට ලොකු ප්‍රයෝජනයක් ලැබේවි.”

ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග මේ දිනවල පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම තම දෙවන පුහුණු තරගය ඕස්ට්‍රේලියාව සමඟින් ක්‍රීඩා කරනු ඇත.

ක්‍රිස් ගේල් නිසා ටේලර් උනන්දුවෙන්

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ අත්දැකීම් බහුලම පිතිකරුවා වන රොස් ටේලර් තමන්ට උත්තේජනයක්…


2019
ලෝක ක්‍රිකට් වසන්තයට තවත් ඉතිරිව ඇත්තේ දින 03ක් පමණි. මැයි මස 30 වනදා එංගලන්ත දකුණු අප්‍රිකා තරගයෙන් ලෝක කුසලානය ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලානය හඹායාම ජුනි 01වනදා නවසීලන්තය සමඟ කාඩිෆ් හිදී පැවැත්වෙන තරගයෙන් ආරම්භ වනු ඇත.

2019 ලෝක කුසලාන තරගාවලියේ නිල ඩිජිටල් වීඩියෝ පට වෙබ් අඩවියක් ලෙස ThePapare.com ලෝක කුසලානයේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටි. රැඳී සිටින්න ThePapare.com සමඟ.



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<