කණ්ඩායම් ශූරතාවයත් සමඟින් ශ්‍රී ලංකාව බැඩ්මින්ටන්වලින් ඉදිරියට

208
Sri Lanka Badminton

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර තලයේ නැවත වතාවක් සුපිරි දක්ෂතා දක්වන්නට සමත් වූයේ පසුගිය දා අවසන් වූ Sudirman කුසලාන තරගාවලියේ කණ්ඩායම් ශූරතාවය දිනා ගනිමින්. ඒ සමඟම ඔවුන් ලෝක ශ්‍රේණිගත කිරීම් වල 21 වැනි ස්ථානයට ද පත් වීමට සමත් වුනා.

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම

2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සඳහා මේ වනවිට එංගලන්තය ලහි ලහියේ සූදානම් වෙමින් සිටී. එළඹෙන ජූලි මස 12 ආරම්භ වීමට

ශ්‍රී ලංකා කණ්ඩායම සචින් ඩයස්, තිළිණි හෙන්දහේවා, දිල්මි ඩයස්, දිනුක කරුණාරත්න, කවිඳි සිරිමාන්නගේ හා බුවනෙක ගුණතිලකගෙන් සමන්විත විය.

කාණ්ඩ අදියරේ දී අපරාජිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම දින තුනක තියුණු සටනකින් පසු කාණ්ඩ ශූරතාවයේ පදක්කම ලංකාවට දිනා දෙන්නට සමත් විය. ශ්‍රී ලංකාව හමුවේ ස්ලොවැකියාව, ලිතුවේනියාව හා ස්විස්ටර්ලන්තය පරාජය වූ අතර තමන් අයත් වූ කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගත් ඔවුන් ඊයේ (24) අවසන් තරගය සඳහා අයර්ලන්තය සමඟින් ක්‍රීඩා කරන ලදි.

අවසන් තරගයේ ආරම්භය ශ්‍රී ලංකාවට එතරම් සුබදායක වූයේ නැහැ. ආරම්භක තරග දෙක වූ මිශ්‍ර යුගල තරගය හා පිරිමි කේවල තරගය ඔවුන් පරාජය වූයේ කණ්ඩායම දෙසට ප්‍රබල පීඩනයක් එල්ල කරමින්. කෙසේ වෙතත් යොවුන් ක්‍රීඩකයින් 2-0ක පරාජයේ සිට ඊළඟට පැවති තරග තුනම ජය ගනිමින් අයර්ලන්ත කණ්ඩායම අන්දමන්ද කළේ කාණ්ඩ ශූරතාව දිනා ගනිමින්.

bwfsudirmancup.bwfbadminton.com

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ලොව 21 වැනි ස්ථානයට පත් වූයේ ශ්‍රී ලංකාව  අනෙක් ක්‍රීඩාවලට මෙන්ම බැඩ්මින්ටන් ක්‍රීඩා වලටත් දක්ෂ බව නැවත වතාවක් ඔප්පු කරමින්.

මූලික වටයන්

ශ්‍රී ලංකාව හා ස්ලොවැකියාව

ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු තරගයේ දී හමු වූයේ ස්ලොවැකියාවයි. පැවැත්වුණු තරග හතරකින් එක් තරගයක් පමණක් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට සුපිරි ආරම්භයක් ලබා ගන්නා ලදි. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වූයේ කාන්තා කේවල තරගය පමණයි.  

bwfsudirmancup.bwfbadminton.com
ශ්‍රී ලංකාව හා ලිතුවේනියාව

තරගාවලියේ දෙවන දිනයේ දී ශ්‍රී ලංකාව තරග වැදුණේ ලිතුවේනියාව සමඟයි. එහි දී ඔවුන් තරග පහක් ක්‍රීඩා කළ අතර තරග පහම ජය ගත් ඔවුන් ලිතුවේනියා කණ්ඩායම අසරණ කරමින් දෙවන වටයේ ඔවුන්ගේ අසුන පහසුවෙන් වෙන් කර ගැනීමට සමත් විය.

bwfsudirmancup.bwfbadminton.com
ශ්‍රී ලංකාව හා ස්විස්ටර්ලන්තය

තෙවන දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදුණේ ස්විස්ටර්ලන්තය සමඟයි. මෙම සංග්‍රාමය ඉතාම උණුසුම් වුනා. තරග 2-1ක් ලෙස පසුපසින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පිරිමි යුගල හා කාන්තා යුගල ඉසව් දෙකම ජය ගනිමින් සටන ජය ගන්නා ලදි.

ශ්‍රී ලංකාව පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බ්‍රසීලයට

12 වැනි ලෝක පාසල් පිහිනුම් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත. එම සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකු

සුපුරුදු පරිදි ජාතික ශූර දිනුක කරුණාරත්න පිරිමි කේවල තරගය පහසුවෙන් ජය ගත් නමුත් අනතුරුව ඔවුන් තරග දෙකක් පරාජය වූයේ මිශ්‍ර යුගල හා කාන්තා කේවල ඉසව්වලින්.

කෙසේ වෙතත් පිරිමි හා කාන්තා යුගල ඉසව් දෙකම ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ තියුණු තරග යුගලයකට පසුවයි.

bwfsudirmancup.bwfbadminton.com

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<