ප්‍රවීණ වොලිබෝල් පුහුණුකරු විජේපාල මහතා අවසන් ගමන් යයි

174

1991 දී ශ්‍රි ලංකාවේ දී පැවති 5 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා වොලිබෝල් රන් පදක්කම දිනූ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ කේ. ඒ. කේ. විජේපාල මහතා අභාවප්‍රාප්ත වී ඇත. මොහු ශ්‍රි ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාවට විශිෂ්ට සේවයක් කළ පුහුණුකරුවන් අතරින් අයෙකි.

ජනිත සුරත් තායිලන්ත ගුවන් හමුදාවට!

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන ජනිත සුරත් හට මෙතෙක් ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයෙකුට ලැබුණු …

ජාත්‍යන්තර වොල්බෝල් සම්මේලනයේ (FIVB) අදියර III පුහුණුකරු පාඨමාලාව සමත් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා සහ ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ පුහුණු උපදේශකවරයෙකු (1993 / 2006) වශයෙන් කටයුතු කළ විජේපාල මහතා ජාතික තරුණසේවා සභාවේ හිටපු නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂවරයෙක් මෙන්ම ජාතික තරුණ සේවා සභාවේ ආරම්භක වොලිබෝල් නියමුවා ද වේ.

ජාත්‍යන්තර තරගාවලි රැසක් සඳහා ශ්‍රි ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇති කේ. ඒ. කේ. විජේපාල මහතා ශ්‍රි ලංකාවට ජාත්‍යන්තර තරගාවලියක දී රන් පදක්කමක් ලබා ගැනීමට සමත් වූ එකම ප්‍රධාන පුහුණුකරු වේ.

ඔහුගේ දේහය ගම්පහ පාර, යක්කල යන ලිපිනයේ පිහිටි නිවසෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 2018.02.24 (සෙනසුරාදා) දින ගම්පහ බණ්ඩාරවත්ත පොදු සුසාන භූමියේ දී සිදු කිරිමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<