ජාතික ඔලිම්පික් කමිටු නිල සඟරාව එළි දකී

87

ජාතික ඔලිම්පික් කමිටුවේ වසර 81ක ඉතිහාසය නිල සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ඔවුන්ගේ ප්‍රථම නිල සඟරාව වන ‘Good Sports’ සඟරාව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේ දී එළි දක්වනු ලැබීය.

ඒ අනුව මෙහි දී එම සඟරාවේ මුල් පිටපත ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා විසින් ගරු අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනමන ලදි.

ගම නගරය යා කරනා ජාතික තරගාවලියට ඔබ සූදානම් ද?

වොලිබෝල් ක්‍රීඩා පිටිය නැවත වරක් කාර්ය බහුල කරමින් “2018 මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය” ඔක්තෝබර් මස 01 වැනිදා ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය…

මෙම ‘Good Sports’ ත්‍රෛමාසික සඟරාවේ පළමු මුද්‍රණය පිටු 128කින් සමන්විත වන අතර පසුගිය දා අවසන් වූ ආසියානු තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එහි දී දැක්වූ දක්‍ෂතා මෙම සඟරාවේ නිරූපණය කර ඇත.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ අභිනව සභාපතිවරයා ලෙස මෙම වසරේ දී තේරී පත්වූ සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ අරමුණ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට යෝග්‍ය පරිසරයක් ගොඩනැඟීම වන අතර මෙහි දී ජාතික ඔලිම්පික් කමිටුව සමන්විත වන ක්‍රීඩා සංගම් 31 නියෝජනය කරන ක්‍රියාකාරී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත.

එහි පළමු පියවර ලෙස ආසියානු තරගාවලිය සඳහා ක්‍රීඩා ඉසව් 28ක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 173 දෙනෙකුට අධික සංඛ්‍යාවක් සහභාගී කෙරුණු අතර එය ඉතිහාසය තුළ ආසියානු තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ විශාලතම ක්‍රීඩක සංඛ්‍යාව ද වේ.    

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<