දකුණු ආසියාව කැලඹූ ලාංකේය රන් දස්කම්

624

3 වන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය, ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් 41කට හිමිකම් කියමින් පසුගිය දා අවසන් වූ අතර එහි දී ඔවුන් දෙවැනි වූයේ සමස්ත පදක්කම් 50කට හිමිකම් කියමින් සමස්ත පදක්කම් සටහනේ පළමු ස්ථානය දිනාගත් ඉන්දියාවට පමණි.

සුගතදාසය දෙවනත් කරමින් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් දිනති

2018 දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අද (06) සුගතදාස ජාත්‍යන්තර..

කෙසේ නමුත් ධාවන ඉසව්වල දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහි දී ඉන්දියානුවන් අභිබවමින් විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කරන්නට සමත් වූ අතර ඔවුන් හට නිසි යටිතල පහසුකම් ඇතුළු වෙනත් අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නම් ඔවුන්ට ඉදිරියේ දී ආසියානු තලය තුළ හොඳ තරගයක් ලබා දීමට හැකියාව ඇති බව ඔවුන් මෙහි දී පසක් කරනු ලැබීය.

බාලකයන්ට මග හැරුණු කීර්තිය බාලිකාවෝ රැක දෙති

2018 දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අද (05) සුගතදාස ක්‍රීඩා පිටියේ..

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් දිනා ගනු ලැබූ ධාවන ඉසව් පහතින් නරඹන්න.

කාන්තා මීටර 100 අවසන් තරගය - අමාෂාගේ රන් ධාවනය

කාන්තා මීටර 400 අවසන් තරගය - දිල්ෂි කුමාරතුංගට නව තරගාවලි වාර්තාවක් සමඟින් රන් පදක්කම

පිරිමි මීටර 400 අවසන් තරගය - පළමු ස්ථාන 3ම ශ්‍රී ලංකාවට

කාන්තා මීටර 400x4 අවසන් තරගය - නව ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාවක් සමඟින් රන් පදක්කම

කාන්තා මීටර 800 අවසන් තරගය - දිල්ෂිගෙන් තවත් රන් පදක්කමක්

පිරිමි මීටර 800 අවසන් තරගය - හර්ෂ කරුණාරත්න වලල ආධිපත්‍ය සම්පූර්ණ කරයි

පිරිමි මීටර 400 කඩුලු මතින් දිවීමේ අවසන් තරගය - උණුසුම් තරගයකින් අනතුරුව රන් පදක්කම පසිඳුට

කාන්තා මීටර 200 අවසන් තරග ඉසව්වේ සියලු පදක්කම් ශ්‍රී ලංකාවට

තරගාවලි වාර්තාවක් සමඟින් 4x400 ඉසව්ව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජය ගනිති

දකුණු ආසියානු කනිෂ්ඨ වාර්තාවක් සමඟින් ශ්‍රී ලංකා තරුණයෝ 4x400 රන් පදක්කමට