පොදු රාජ්‍ය මණ්ඩලීය ගිනි සිළුව ශ්‍රී ලංකාවට

179

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව දින හතරක කාලයක් ශ්‍රී ලංකාව තුළ තැබීමට එම ක්‍රීඩා උළෙලෙ සංවිධානය කරනු ලබන කමිටුව තීරණය කර ඇත.

ඒ අනුව ඊයේ (12) සිට ලබන 16 වැනිදා දක්වා ගිනි සිළුව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අධීක්ෂණය යටතේ රඳවා තැබෙන බව එම කමිටුව ප්‍රකාශ කර සිටියි.

හෙන්ඩර්සන් සිය දෙවැනි රන් පදක්කමත් ලබා ගනී

33 වෙනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග දෙවන දිනටත් ඊයේ (12) දියගම මහින්ද රාජපක්ෂ…

පොදුරදමඩුලු ගිනි සිළුව පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු නිලධාරින් පිරිසක් ඊයේ (12) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියහ. පසුව එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති නිල නිවසට රැගෙන යන ලදි.

පසුගිය මාර්තු 13 වනදා එංගලන්තයේ බකිංහැම් මාළිගයේ සිට ඇරඹුණු මෙම ගිනි සිළුවේ චාරිකාව දින 388ක් පුරාවට කිලෝමීටර 230,000 ආවරණය වන පරිදි, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල්වලට රැගෙන යනු ඇත.

ලබන වසරේ එනම් 2018 වර්ෂයේ දී 21 වන වතාවටත් පැවැත්වෙන මෙම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් හා ගෝල්ඩ් කෝස්ට් යන ප්‍රදේශ දෙක මුල්කරගෙන පැවැත්වෙන අතර, එය 2018 වර්ෂයේ අප්‍රේල් මස 4 වැනිදා සිට 15 වන දා දක්වා පැවැත්වෙනු ඇත.

මෙම තරග උළෙලේ සත්කාරකත්වය දැරීමට ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව තරග වැදුණු අතර, ඒ සඳහා පැවැත්වූ ඡන්දයේ දී ශ්‍රී ලංකාවට ලැබුණේ මනාප 27ක් පමණි. ඒ අනුව මනාප 47ක් ලබාගත් ඕස්ට්‍රේලියාවට එහි සත්කාරකත්වය හිමි විය.

ක්‍රීඩා ඉසව්වන් 18ක් පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙලට රටවල් 70ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් පැමිණීමට නියමිතව ඇත.

ගිනි සිළුව පිළිගැන්වීමේ අවස්ථාවට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ සභාපති ලුවිස් ලිවින්ස්ටොන් මාර්ටින් මහතා සහ ආසියානු කලාපයේ උප සභාපති ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරින් පිරිසක් ද සහභාගි විය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<