දෙවන පෙළ කාන්තා පාසල් ක්‍රිකට් ශූරතාව වේල්ස් කුමරියන්ට

දෙවන පෙළ කාන්තා පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

115

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ දෙවන පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (14) මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය සහ කෑගලු බාලිකා විද්‍යාලය අතර කොළඹ තර්ස්ටන් ක්‍රිකට් පිටියේ දී පැවැත්විය. 

එම තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගත් වේල්ස් කුමරි විද්‍යාලය මෙවර දෙවන පෙළ ශූරියන් ලෙස පළමු පෙළ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. 

ධර්මරාජයත් අවදානමෙන් මිදෙයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග…

කාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමරි විද්‍යාලයේ ආරාධනාවෙන් පළමුව පන්දුවට පහර දුන් කෑගලු බාලිකා විද්‍යාලය සිය නියමිත පන්දුවාර 25 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 158ක් වාර්තා කරගන්නා ලදි. 

ඔවුන්ගේ පළමු කඩුලු දෙක ලකුණු 44ක් තුල බිඳ වැටුණු නමුත් තෙවැනි කඩුල්ල සඳහා පිටියේ එක්වූ කණ්ඩායම් නායිකා ගිම්හානි මුණවීර සහ ඩිල්ශානි කුමාරසිරි එක්ව සාර්ථක ලකුණු 38ක සබඳතාවයක් ගොඩනංවමින් ඉනිම සවිමත් කළේය. 

Photos: Girls U19 Division II Schools Cricket Tournament 2019/20 – Final

දකුණතින් පිතිකරණයේ නිරත වන කුමාරසිරි 4 පහර 6ක් සමඟින් ලකුණු 50ක් ලබා ගන්නා විට, ගිම්හානි ලකුණු 30 ලබා ගත්තේ 4 පහර 3ක් එල්ල කරමිනි. නදීශානි සෙනෙවිරත්න ලකුණු 19යි. චතුරි ශ්‍රී මාලි, මිහිදි සඳුනි සහ හරිනි නෙලිත්මා යන ක්‍රීඩිකාවන් අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියේය.

එදා ලාහෝර්වල සිදුවීම මට ගොඩක් දේවල් ඉගැන්වුවා – සංගක්කාර

පාකිස්තානය ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල ඉස්මතු වීම සෙමෙන් නමුත් ක්‍රමයන් සිදුවෙමින් පවතී…

ලකුණු 159ක ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පැමිණි වේල්ස් කුමරි විද්‍යාලය පන්දුවාර 22කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගන්නා ලදි. මිහිදී සඳුනි පන්දුවෙන් දැක්වූ දස්කම් වලට අමතරව පිතිකරණයෙන් ද දස්කම් දක්වමින් මේ තරගය ජය ගැනීම සඳහා සිය කණ්ඩායමට දායකත්වය ලබා දුනි. මනුදි දුලංසා ලකුණු 28ක් ලබාගත් අතර ඩිල්ශානි කුමාරසිරි සහ ඩිල්ශානි සමන්කුමාරි කඩුලු 2ක බැගින් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

කෑගලු බාලිකා විද්‍යාලය – 158/5 (25) ඩිල්ශානි කුමාරසිරි 50, ගිම්හානි මුණවීර 30, නදීශානි සෙනෙවිරත්න 19, චතුරි ශ්‍රී මාලි 1/19, මිහිදි සඳුනි 1/24, හරිනි නෙලිත්මා 1/28.

වේල්ස් කුමරි විද්‍යාලය – 159/6 (22.5) මිහිදී සඳුනි 38, මනුදි දුලංසා 28, ඩිල්ශානි කුමාරසිරි 2/28, ඩිල්ශානි සමන්කුමාරි 2/29.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<