යොවුන් ක්‍රීඩකයෙකුට ඉන්දියානු ටෙස්ට් කණ්ඩායමෙන් කැඳවුම්

127
(cricketcountry)

ඉන්දියානු යොවුන් ක්‍රීඩක ශුබ්මන් ගිල් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් යුතු ටෙස්ට් තරගාවලියට සහභාගී වන ඉන්දියානු සංචිතයට නම් කර තිබේ.

කේ. එල් රාහුල් ඉන්දීය ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඒ හැරුණු කොට බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට එක්වුණු කණ්ඩායමම පාහේ මෙම තරගාවලියටත් නම් කර තිබීම විශේෂත්වයක්. තවද රෝහිත් ශර්මාව මෙම තරගාවලියේ දී ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදා ගන්නා බව ද ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානි එම්. එස්. කේ ප්‍රසාද් ප්‍රකාශ කර සිටියා. 

“ඉන්දියාව අපිට කිසිම බලපෑමක් කළේ නැහැ” – හරීන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්තාන තරග සංචාරයට එක්වීම වැළැක්වීම සඳහා ඉන්දියාව බලපෑම් එල්ල කළ..

පසුගිය වසරේ එංගලන්තයට එරෙහිව ඕවල් පිටියේ දී රැස් කළ ශතකයට පසුව කේ. එල් රාහුල් ටෙස්ට් පිටියේ සාර්ථක නොවුණු අතර ඔහු එකඳු අර්ධ ශතකයක් වත් වාර්තා කර ගැනීමට සමත් වුනේ නැහැ. කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වුණු පළමු තරගයේ දී ඔහු පන්දු 38කින් ලකුණු 44 ක් රැස් කර ගැනීමට සමත් වුනත් දෙවන තරගයේ දී නම් ඔහු සාර්ථක වුනේ නැහැ.

සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීම සඳහා කණ්ඩායමට කැඳවුම් ලැබූ ශුබ්මන් ගිල් දකුණු අප්‍රිකානු A කණ්ඩායමට එරෙහිව පැවැත්වුණු නිල නොවන ටෙස්ට් තරගයක දී ලකුණු 90ක් හා ලකුණු 5ක් හා බැගින් රැස් කළේ ජාතික කණ්ඩායමේ සිය අසුන වෙන් කර ගනිමින්. 

ගිල් මේ වන විට පළමු පෙළ තරග 14ක් ක්‍රීඩා කර ඇති අතර ලකුණු 1443ක් ලකුණු 72.15ක සාමාන්‍යයකින් ඔහු රැස් කර ගෙන තිබෙනවා. ඊට ශතක හතරක් ද ඇතුළත්. මේ වසරේ ජනවාරි මාසයේ ගිල් නවසීලන්තයට එරෙහිව සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළා. 

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විත්ති කූඩුවට ගෙනා නේතන් බ්‍රැකන්

“ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් පසු ඔබ එතරම් පොරක් ලෙස සැලකෙන්නේ නැහැ.”මෙසේ කියන්නේ…

ජස්ප්‍රිත් බුම්රාහ් ඉන්දියාව තුළ සිය පළමු තරගය ක්‍රීඩා කරන්නට සුදානම් වෙද්දී ඉශාන්ත් ශර්මා හා මොහොමඩ් ෂාමි කණ්ඩයමේ අනෙක් වේගපන්දු යවන ක්‍රීඩකයින් වනු ඇත. අශ්වින්, ජඩේජා හා කුල්දිප් යාදව් කණ්ඩායමේ පළමු පෙළ දඟපන්දු යවන්නන් වන අතර පන්ට් කණ්ඩායමේ පළමු කඩුලු රකින්නා ලෙස තෝරා ගනු ඇත.

රෝහිත් ශර්මා දකුණු අප්‍රිකානු කණ්ඩායම හා තුන්දින පුහුණු තරගයක දී තරග වදින ඉන්දියානු ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම මෙහෙයවනු ඇත. එම කණ්ඩායමට ප්‍රියාන්ක් පංචාල්, අභිමන්යු ඉශ්වරන්, කරුන් නායර්, සිද්දේශ් ලාඩ් ද ඇතුළත්. ටෙස්ට් කණ්ඩායමේ ස්ථානය අහිමි වූ උමේෂ් යාදව් ද මෙම කණ්ඩායමට ඇතුළත්ව ඇති අතර Vizianagaram හි පැවැත්වෙන තරගය සඳහා අවේෂ් ඛාන්, ඉශාන් පොරෙල් හා ශර්දුල් තාකුර් වේගපන්දු යවන්නන් ලෙස සහභාගී වීමට නියමිතයි. 

ගාන්ධි –  මැන්ඩෙලා කුසලානය සඳහා ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරග ඔක්තෝබර් 2 දා විශාකපට්නම් හිදී ආරම්භ වන අතර දෙවන ටෙස්ට් තරගය ඔක්තෝබර් 10 දා පූනේ හිදී ආරම්භ වනු ඇත. අවසන් ටෙස්ට් තරගය ඔක්තෝබර් 19 සිට රන්චි හිදී ආරම්භ වීමට නියමිතයි.

ඉන්දියානු සංචිතය

විරාත් කෝලි (නායක), මයන්ක් අගර්වාල්, රෝහිත් ශර්මා, චේටෙශ්වර් පුජාරා, අජින්ක්යා රහනේ, හනුමා විහාරි, රිශ්බාහ් පන්ට්, ව්රිදිමාන් සහ, රවිචන්ද්‍රන් අශ්වින්, රවින්ද්‍ර ජඩේජා, කුල්දිප් යාදව්, මොහොමඩ් ෂමි, ජස්ප්‍රිත් බුම්රාහ්, ඉශාන්ත් ශර්මා, ශුබ්මන් ගිල්.

ඉන්දීය ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම

රෝහිත් ශර්මා, මායන්ක් අගර්වාල්, ප්‍රියාන්ක් පංචාල්, ඒ. ආර් ඉෂ්වරන්, කරුන් නායර්, සිද්දේශ් ලාඩ්, කේ. එස් භාරත්, ජලාජ් සක්සේනා, ධර්මේන්ද්‍රසිංග් ජඩේජා, අවේෂ් ඛාන්, ඉශාන් පොරෙල්, ශර්දුල් තාකුර්, උමේෂ් යාදව්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<