ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකට පන්දු 100 තරගාවලියේ අසුන් නැහැ

103

එළඹෙන වසරේ එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත “The Hundred” ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් තෝරාගැනීමේ වෙන්දේසිය ඊයේ (20) ලන්ඩන් නුවර දී පැවැත්විය.  

පන්දු 100 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 24ක්; වැඩිම ලංසුව මාලිට

එළඹෙන වසරේ එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත………

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් සහභාගී වන අතර තරගාවලිය 2020 ජූලි මස ආරම්භ වේ. ක්‍රීඩක වෙන්දේසිය සඳහා එංගලන්ත ක්‍රීඩකයින්ට අමතරව ලොව සිටින ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඔවුන්ගේ නම් ඉදිරිපත් නර තිබූ නමුත් ඉන් තෝරා ගැනුණේ ක්‍රීඩකයින් 24 දෙනෙක් පමණි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 24 දෙනෙක් තරගාවලිය සඳහා නම් ඉදිරිපත් කර තිබූ නමුත් ඒ කිසිදු ක්‍රීඩකයෙක්ට වෙන්දේසියේ දී ඉහළ මට්ටමේ අවධානයක් යොමු වූයේ නැත. ලසිත් මාලිංග තරගාවලිය තුල කුමන හෝ කණ්ඩායමක් නියෝජනය කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු දල්වා සිටි නමුත් එම බලාපොරොත්තුව ද බිඳ වැටුණු.

ඊට අමතරව කගීසෝ රබාඩා, බාබර් අසාම්, ක්‍රිස් ගේල්, ශකීබ් අල් හසන්, ට්‍රෙන්ට් බෝල්ට් හා කිරන් පොලාර්ඩ් වැනි ප්‍රබල ක්‍රීඩකයින් හට මේ වෙන්දේසිය ඉහළ මට්ටමේ අවධානයක් හිමි නොවීම කැපී පෙනුනි. 

මූලික වටයේ තරග 32ක් ද සමඟින් පුරා දින 38ක් පුරා පැවැත්වීමට සැලසුම් කර තිබෙන මෙම තරගාවලිය තුල ක්‍රීඩා කරන එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් තිදෙනෙක් ඇතුළත් විය යුතුය. එසේම එංගලන්ත ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ සිටින ක්‍රීඩකයෙක් අවම ලෙස එක් කණ්ඩායමක් සඳහා ඇතුළත් විය යුතුය.

වෙන්දේසියේ දී මුදල් කාණ්ඩ 7ක් (GBP 125,000, 100,000, 75,000, 60,000, 50,000, 40,000, 30,000) යටතේ ක්‍රීඩක වෙන්දේසිය සිදු කළ අතර ඉන් මිල අධිකම කාණ්ඩයේ පළමුවම වෙන්දේසි වූ ක්‍රීඩකයා බවට පත්වූයේ ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රෂීඩ් ඛාන්ය. 

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු තවත් දක්ෂ ක්‍රිකට් නායකයෙක් වන මහේල ජයවර්ධන එංගලන්ත මේ ක්‍රිකට් තරගාවලිය සඳහා තරග කරනු ලබන Southampton බ්‍රේව් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

මෙම තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 570ක් ඉදිරිපත් වූ අතර ඉන් 239 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් විය. කෙසේ නමුත් ඊයේ (20) පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී එක් එක් කණ්ඩායම් සඳහා තෝරගැනුනේ ක්‍රීඩකයින් 96 දෙනෙකු පමණි. 

ක්‍රීඩකයින් 34කට කොන්ත්‍රාත්තු; ඉහළම ගෙවීම මැතිව්ස්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරි මාස 14ක කාලය …..

වෙන්දේසියේ දී වෙන්දේසි වූ විදෙස් ක්‍රීඩකයින්,

රෂීඩ් ඛාන් (ඇෆ්ගනිස්තානය), ඩී’ආර්සි ෂෝර්ට් (ඕස්ට්‍රේලියාව), නේතන් කෝල්ටර්-නයිල් (ඕස්ට්‍රේලියාව),  ඇන්ඩ්‍රේ රසල් (බටහිර ඉන්දීය කොදෙව්), ඩේවිඩ් වෝනර් (ඕස්ට්‍රේලියාව), ශඩාබ් ඛාන් (පාකිස්තානය), ආරොන් ෆින්ච් (ඕස්ට්‍රේලියාව), මුජීබ්ර් රහ්මාන් (ඇෆ්ගනිස්තානය), ක්‍රිස් ලින් (ඕස්ට්‍රේලියාව), මිචෙල් ස්ටාර්ක් (ඕස්ට්‍රේලියාව), ස්ටීව් ස්මිත් (ඕස්ට්‍රේලියාව), කයිස් අහමඩ් (ඇෆ්ගනිස්තානය), සුනිල් නරීන් (බටහිර ඉන්දීය කොදෙව්), ෆේබියන් ඇලන් (බටහිර ඉන්දීය කොදෙව්), සන්දීප් ලැමිචේන් (නේපාලය), ඉම්රාන් තාහීර් (දකුණු අප්‍රිකාව), මිචෙල් සැන්ට්නර් (නවසීලන්තය), ඩැනියෙල් ක්‍රිස්ටියන් (ඕස්ට්‍රේලියාව), ග්ලෙන් මැක්ස්වෙල් (ඕස්ට්‍රේලියාව), මොහොමඩ් නබී (ඇෆ්ගනිස්තානය), මොහොමඩ් අමීර් (පාකිස්තානය), කේන් විලියම්සන් (නවසීලන්තය), ෂහීන් අෆ්රිඩි (පාකිස්තානය), ඇඩම් සැම්පා (ඕස්ට්‍රේලියාව)

2020 The Hundred තරගාවලියේ සම්පූර්ණ සංචිතයන්,

ට්‍රෙන්ට් රොකට්

රෂීඩ් ඛාන්, ඩී’ආර්සි ෂෝර්ට්, ලුවිස් ග්‍රෙගරි, ඇලෙක්ස් හේල්ස්, නේතන් කෝල්ටර්-නයිල්, හැරී ගර්නි, ස්ටීවන් මුලනි, මැතිව් කාටර්, ලූක් වුඩ්, ටොම් මුවර්ස්, ඩේවිඩ් මාලන්, බෙන් කොක්ස්, ලූක් ෆ්ලෙචර්, ලූක් රයිට්, ජෝ රූට්.

සදර්න් බ්‍රේව්

ජොෆ්රා ආචර්, ක්‍රිස් ජෝර්ඩන්, ජේම්ස් වින්ස්, ඇන්ඩ්‍රේ රසල්, ඩේවිඩ් වෝනර්, ශඩාබ් ඛාන්, ටයිමල් මිල්ස්, රොස් වයිට්ලි, ඩෙල්රේ රාවලින්ස්, ඔලී පාප්, ජෝර්ජ් ගාටන්, ඇලෙක්ස් ඩේවිස්, මැක්ස් වොලර්, ක්‍රේග් ඕවර්ටන්.

නෝදර්න් සුපර්චාර්ජ්

බෙන් ස්ටොක්ස්, අදිල් රෂීඩ්, ඩේවිඩ් විලී, ආරොන් ෆින්ච්, මුජීබ්ර් රහ්මාන්, ක්‍රිස් ලින්, ඇඩම් ලයිත්, රිචඩ් ග්ලීසන්, බෙන් ෆෝක්ස්, ටොම් කොහ්ලර්-කැඩ්මෝර්, ඩේවිඩ් වයිස්, නේතන් රිම්මින්ටන්, බ්‍රයිඩන් කාර්ස්, එඩ් බාර්නාඩ්, ජෝන් සිම්සන්.

වේල්ස් ෆයර්

ජොනී බයර්ස්ටෝ, ටොම් බැන්ටන්, කොලින් ඉන්ග්‍රම්, මිචෙල් ස්ටාර්ක්, ස්ටීව් ස්මිත්, බෙන් ඩකට්, රවී රම්පෝල්, සයිමන් හාමර්, කයිස් අහමඩ්, ලියම් ප්ලන්කෙට්, රයන් ටෙන් ඩොස්චේට්, ඩේවිඩ් පේන්, රයන් හිගින්ස්, ඩැනී බ්‍රිග්ස්, ලියුස් ඩු ප්ලූයි.

ඕවල් ඉන්විසිබල්ස්

සෑම් කුරන්, ටොම් කුරන්, ජේසන් රෝයි, සුනිල් නරීන්, සෑම් බිලින්ස්, සන්දීප් ලැමිචේන්, රිලී රොසෝව්, රීස් ටොප්ලි, හාඩස් විල්ජොයින්, ෆේබියන් ඇලන්, ඇලෙක්ස් බ්ලේක්, විල් ජැක්ස්, ක්‍රිස් වුඩ්, නේතන් සෝවර්, ලෝරි එවාන්ස්.

මැන්චෙස්ටර් ඔරිජිනල්ස්

ජොස් බට්ලර්, සාකිබ් මහමුද්, මැට් පාකින්සන්, ඉම්රාන් තාහීර්, ඩේන් විලස්, ෆිල් සෝල්ට්, ටොම් ඇබෙල්, ඩැනියෙල් ක්‍රිස්ටියන්, වේන් මැඩ්සන්, වේන් පර්නෙල්, මිචෙල් සැන්ට්නර්, ජෝ ක්ලාක්, මාර්චන්ට් ඩි ලැන්ජ්, එඩ් පොලොක්, එඩී බයිරෝම්.

ලන්ඩන් ස්පිරිට්

රෝරි බර්න්ස්, ඩෑන් ලෝරන්ස්, ඉයන් මෝගන්, ග්ලෙන් මැක්ස්වෙල්, මොහොමඩ් නබී, මොහොමඩ් අමීර්, රෝලෝෆ් වැන්ඩර් මර්වේ, මාක් වූඩ්, ජෝ ඩෙන්ලි, ඩෑන් ලෝරන්ස්, මේසන් ක්‍රේන්, කයිල් ඇබට්, ඇඩම් රොසිංටන්, සැක් ක්‍රෝලි, ජේඩ් ඩර්න්බැක්, ලුයිස් රීස්.

බර්මින්හැම් ෆීනික්ස්

ක්‍රිස් වෝක්ස්, මොයින් අලී, පැට් බ්‍රවුන්, ලියම් ලිවිංස්ටන්, කේන් විලියම්සන්, රවී බෝපාරා, බෙනී හොවෙල්, ටොම් හෙල්ම්, ෂහීන් අෆ්රිඩි, ඇඩම් හෝස්, කැමරන් ඩෙල්පෝට්, හෙන්රි බෘක්ස්, ඇඩම් සැම්පා, රිකී වෙසල්ස්, ක්‍රිස් කුක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<