රිච්මන්ඩ් – ඇලෝසියස් රිදී ජුබිලිය කා හට ද?

764

දකුණු පළාතේ ප්‍රධාන පාසල් දෙකක් වන රිච්මන්ඩ් විද්‍යාලය හා ඇලෝසියස් විද්‍යාලය වාර්ෂිකව විවිධ ක්‍රීඩා ඉසව්වලින් තරගාවලි සංවිධානය කරන පාසල් ද්විත්වයකි.

ඒ අතරින් ඔවුන්ගේ මහා රග්බි තරගය ලෙස සැලකෙන එල්. වී. සුමනසේකර කුසලානය සඳහා වන රග්බි තරගය සුවිශේෂි තැනක් ගන්නා අතර එය මෙවර 25 වැනි වරටත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මලියදේව ක්‍රීඩකයින් විද්‍යාර්ථයින්ව හඬවයි

2018 ‘සිංගර්’ පාසල් රග්බි ලීග් තරගාවලියේ පළඟ ශූරතාවය සඳහා පැවැත්වෙන තරග වටයේ …

ජුනි මස 14 වැනිදා කොග්ගල ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්වෙන අතර ගිය වසරේ සිදු වූ පාඩුව පියවා ගැනීමේ අපේක්ෂාවෙන් රිච්මන්ඩ් ක්‍රීඩකයෝ මෙවර තරගය සඳහා පිවිසෙනු ඇත.

මෙම පාසල් ද්විත්වයම මෙවර සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය සඳහා තරග කරන අතර එහි දී රිච්මන්ඩ්වරුන් B කාණ්ඩය නියෝජනය කරමින් තරග කරන අතර ඇලෝසියස් ක්‍රීඩකයින් නියෝජනය කරන්නේ C කාණ්ඩය යි. මේ වන විට පාසල් දෙකේම ක්‍රීඩකයින් තරගය සඳහා මනා සූදානමකින් සිටින අතර කුසලානය දිනා ගන්නට ඔවුන් අතර තියුණු සටනක් නිර්මාණය වනු නොඅනුමානයි.

පසුගිය වසරේ පැවැත්වූ තරගය සඳහා ඇලෝසියස් කණ්ඩායම ෆිරාස් ෆයිරූස් යටතේ තරග බිමට පිවිසි අතර එහි දී සචින්ද්‍ර මදුලංක විසින් වාර්තා කළ උත්සාහක දිනුම් ත්‍රිත්වයත් සමඟින් ලකුණු 19-09ක් ලෙස දැවැන්ත ජයක් හිමි කර ගැනීමට ඇලෝසියස් ක්‍රීඩකයින් සමත් විය.

දැනට පවත්වා ඇති තරග 24 අතරින් තරග 12ක ජයග්‍රහණය තමන් සතු කර ගනිමින් ඇලෝසියස් ක්‍රීඩකයින් ඉදිරියෙන් පසුවන අතර රිච්මන්ඩ් ක්‍රීඩකයින්ට ජයග්‍රහණය කිරීමට හැකි වී ඇත්තේ තරග 9ක් පමණි. තවත් තරග 3ක් ජය පරාජයකින් තොරව නිමා වී ඇත.

මෙවර පැවැත්වෙන එල්. වී. සුමනසේකර කුසලානයේ රිදී ජුබිලිය ThePapare.com හමුවේ සජීව ලෙස ඔබට සමීප කිරීමට අප සූදානම්, රැඳී සිටින්න…

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<