ගාලු පිටියේ මහා ක්‍රිකට් වංචාවක් හෙළි වේ; ශ්‍රී ලංකාවට කළු පැල්ලමක්

3137

මෙම වසරේ ඔක්තෝබර් මස 10 වැනිදා ආරම්භ වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ගාල්ල ක්‍රීඩාංගණයේ තණතීරුව බුකීකරුවන්ට අවශ්‍ය පරිදි වෙනස් කරමින් මුදලට තරග පාවා දීමේ සැලැස්මක් හෙළිකර ගැනීමට අල්ජසීරා මාධ්‍යවේදියෙකු සමත් වී තිබෙනවා.

ධනංජයගේ පියාට වෙඩි ප්‍රහාරයක්

මොරටුව ප්‍රදේශයේ දී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවෙකු…

ශ්‍රී ලංකාව සහ සංචාරක ඕස්ට්‍රේලියාව අතර 2016 වර්ෂයේ දී ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි ටෙස්ට් තරගය සඳහා ක්‍රිකට් බුකී ඔට්ටුකරුවන්ගේ අවශ්‍යතාවය අනුව තණතීරුව සකස් කරන ලද බවත්, ඒ සඳහා සම්බන්ධ වූ පුද්ගලයෙක් ක්‍රීඩාංගණයේ සේවකයන් විශාල පිරිසකට අල්ලස් ලබා දුන් බවත් එංගලන්තයේ ප්‍රසිද්ධ ක්‍රීඩා වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

එම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන්  ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 281ක් ලබා ගත් අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය මුල් ඉනිමේ දී ලකුණු 106කට සීමා විය.

දෙවැනි ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකාව ලකුණු 237ක් ලබා ගත් අතර තරගය ජය ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 413 ඉලක්කයක් හිමි වූ නමුත් සිය දෙවැනි ඉනිමේ දී ලබා ගත හැකි වූයේ ලකුණු 183ක් පමණි. එ් අනුව ලකුණු 229කින් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

මෙම තරගයේ දී ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ගේ තරග රටාව සම්බන්ධයෙන් ඔවුන් දැඩි දෝෂාරෝපණයට ලක්වූ අතර එහි දී ජෝ බර්න්ස් හා උස්මාන් කවාජා යන දෙදෙනාම දැවී ගියේ දුර්වල ක්‍රීඩා විලාසය නිසාවෙනි.

ශ්‍රී ලංකාව සමඟ හැප්පෙන කොදෙව් සංචිතය නිකුත් වේ

වමතින් පිත්ත හසුරුවන ඩෙවෝන් ස්මිත් වසර 3කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සඳහා කැඳවා ඇත.

වාර්තා වන පරිදි මෙම තරගය සඳහා භාවිතා කළ තණතීරුවේ දඟපන්දු යවන්නන් පන්දුව පතිත කරන ප්‍රදේශය ක්‍රිකට් ඔට්ටුකරුවන්ගේ අනුදැනුම මත විශේෂයෙන් සකස්කර තිබූ බව කියවේ.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් වන රංගන හේරත්, දිල්රුවන් පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් අතරේ කඩුලු දහඅටක් බෙදී ගිය අතර වමතින් වේගපන්දු යවන්නෙකු වන විශ්ව ප්‍රනාන්දුට එක් කඩුල්ලක් පමණක් දවා ගැනීමට හැකි විය.

ඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන රොබින් මොරිස්, ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහකාර කළමනාකරුවකු මෙන්ම තණතීරුව භාර නිලධාරියා වන තරංග ඉන්දික හා ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තරිඳු මෙන්ඩිස්  යන අය සමඟ බුකී කරුවන් සේ වෙස් වළාගෙන කළ සාකච්ඡාවක් ‘අල් ජසීරා’ රූපවාහිනී සේවයේ කණ්ඩායමක් විසින් රහසේ පටිගත කර ඇත.

තණතීරුව පිස දැමීමට කම්බි සහිත බුරුසු (වයර් බ්‍රෂ්) යොදා ගත් ආකාරයත්, එමගින් තණතීරුව කඩතොළු කර පන්දුවේ දඟ කැවීම වැඩි කර ගත් ආකාරයත් පිළිබඳ ඔවුන් කළ සාකච්ඡාවේ දී අසන්නට ලැබී තිබේ.

දඟපන්දු යවන්නන්ට වාසිදායක ආකාරයටත්, පිතිකරුවන් අන්දමන්ද වන අකාරයටත් තණතීරුවක් සකස් කිරීමට තමන්ට ඇති හැකියාව සම්බන්ධයෙන් අල්ජසීරා මාධ්‍යවේදියා සමඟ තරංග ඉන්දික බොහෝ දේ පවසා ඇත.

මේ එම අදහස් වලින් කිහිපයකි.

“තණතීරුවකින් අපට ඕනෑ දෙයක් කර ගන්නා හැටි අපි දන්නවා, අපිට ඔගොල්ලන්ට ඕන විදිහකට තණතීරුව හදන්න පුළුවන්.”

“දින පහේ ටෙස්ට් තරගයකට අපි තණතීරුව හදන්නේ රෝලරය යොදා නොගෙනයි. අපි දඟ කැවෙන තණතීරුවක් හදන්නේත් ඒ ආකාරයට තමයි.” යැයි ඔහු කියා තිබේ.

“අපි තණතීරුව සති දෙකක් විතර විවෘත කරලා තියනවා. ඒකට වතුර දාන්නෙත් නෑ. එයින් තණතීරුවට හානි වෙනවා.” යැයි ඉන්දික ව්‍යාපාරිකයෙකු ලෙස වෙස් වලාගත් අල්ජසීරා මාධ්‍යවේදියාට කියා තිබේ.

“ඔබට ඕනෑ තණතීරුව දඟ කැවෙන්න ද? වේගපන්දු යවන්නන්ට වාසිදායක වෙන්න ද? නැත්නම් පිතිකරුවන්ට හොඳ වෙන්නද? යැයි ඉන්දික වැඩිදුරටත් අදහස් දක්වා ඇත.

මාලිංග කැනඩාව දෙවනත් කරන්නට සැරසේ

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නිමා වීමෙන් පසු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග, කැනඩා ග්ලෝබල්…

එම වෙබ් අඩවියේ පවසන පරිදි ව්‍යාපාරිකයෙකු ලෙස වෙස් වලාගත් අල්ජසීරා මාධ්‍යවේදියෙකු ඉන්දීය හිටපු ක්‍රීඩකයෙකු සමඟ පැමිණ ගාල්ල ක්‍රීඩාංගණයේ සහය කළමනාකරු සහ හිටපු ශ්‍රී ලංකා දේශීය ක්‍රීඩකයෙකු සමඟින් එංගලන්ත තරගාවලියේ පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන තණතීරුව බුකී කරුවන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට රුපියල් ලක්ෂ 60කට ආසන්න මුදලක් ලබා ගැනීමට එකඟ වී තිබෙනවා.

මේ සියල්ල අල්ජසීරා මාධ්‍යවේදියා රූගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද අනාවරණය කර ඇති අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එසේම පානදුර ක්‍රිකට් සමාජය හා කළුතර ශාරීරික යෝග්‍යතා ක්‍රිකට් සමාජය අතර පැවැත්වූ තුන් දින ක්‍රිකට් තරගයක දී සිදුවූවා යැයි පැවසෙන මුදලට තරග පාවා දීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමට ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් වන රෝහිණී මාරසිංහ මහත්මිය පත්කර ඇති බව ඊයේ (25) දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<