සුපිරි පළාත් අවසන් මහා තරගය කල් යයි

254

පවතින අයහපත් කාලගුණික තත්වය මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දින නියමයකින් තොරව කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (18) තීරණය කර ඇත.

ප්‍රියංජන්, සධීර වැස්සේ අර්ධ ශතක රැස්කරති

අන්තර් පළාත් සුපිරි 4 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවති තරගවලට..

ගාල්ල හා කොළඹ කණ්ඩායම අතර පැවැත්වෙන එම තීරණාත්මක අවසන් මහා තරගය ලබන 20 වැනි ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබුණි.

මේ තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක ඊයේ (17) දිනයේ දී ක්‍රියාත්මක වුවත් එම තරග දෙකම සාර්ථක ලෙස අවසන් කර ගැනීමට නොහැකි වූයේ වර්ෂාවෙන් එල්ල වූ දැඩි බලපෑම් නිසාවෙනි.

කොදෙව් සංචාරයේ වැඩි වාසිය ශ්‍රි ලංකාවට ද? – පිටියේ කතා

එළඹෙන කොදෙව් සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති තුරුම්පු, අභියෝග..

මේ දිනවල දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය තවත් සති දෙකක පමණ කාලයක් පුරාවට පවතින බව ශ්‍රී ලංකා කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ තීරණාත්මක අවසන් මහා තරගය පැවැත්වෙන දිනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරියේ දී දැනුම් දීමට නියමිතව ඇත. තරගාවලියේ තොරතුරු දැන ගැනීමට ThePapare.com හා රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<