DSI වොලිබෝල් සටනේ දී උහන, ගලිගමුව සහ හුංගම බාලිකාවන්ගෙන් ඉහළ දස්කම්

464
  • Vijayaba National College, Hungama - U19 Girls - 17th DSI Supersport Schools' Volleyball Championship 2017

අම්පාර – උහන තිස්සපුර විද්‍යාලය, ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය සහ හුංගම විජයබා ජාතික පාසල 17 වන DSI සුපර් ස්පෝර්ට් වොලිබෝල් තරගාවලියේ බාලිකා වයස් කාණ්ඩ දෙකක බැගින් අවසන් මහා තරග සඳහා පිවිසෙන්නට සමත් වී සිටියි.

නාවික, ගුවන්, MAS සහ විදුලිබල කණ්ඩායම්වලට ජය

10 වැනි මන්චි වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් පිරිමි වටයේ අද (15) පැවැත්වූ තරගවලින් නාවික හමුදාව, ගුවන් හමුදාව, MAS ලෙෂර්ලයින් සහ විදුලිබල…

 වයස අවුරුදු 19න් පහළ බාලිකා 

මෙම වයස් කාණ්ඩයේ අවසන් පූර්ව තරගයක දී හුංගම විජයබා ජාතික පාසල, ආනමඩුව මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම පරාජය කළේ තරග වට 2/1ක් ලෙසයි. ආනමඩුව ක්‍රීඩිකාවන් පළමු තරග වටය ලකුණු 26-24ක් ලෙස ජය ගත්ත ද, විජයබා ක්‍රීඩිකාවන් දැඩි තරගයකින් පසු දෙවන තරග වටය ලකුණු 25-23ක් ලෙස ජය ගන්නා ලදි. එම ජයග්‍රාහී මානසිකත්වය මනාව උපයෝගී කරගත් ඔවුන් තුන්වන තරග වටය ලකුණු 25-12ක් ලෙස පහසුවෙන් ජය ගත්තේ තරගයේ ජයග්‍රහණය ද තමන් සතු කර ගනිමිනුයි.

දෙවන අවසන් පූර්ව තරගයේ දී ගලිගමුව මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩිකාවන්, ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය තරග වට 2/0ක් ලෙස පහසුවෙන් පරාජය කරන්නට සමත් විය. මෙම තරගයේ ලකුණු තත්ත්වය දැක්වුණේ 25-15ක් සහ 25-17ක් ලෙසයි.

සාන්ත සේවියර් සහ විජයබා පාසල්වලට ශූරතා හතරක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වය ඇතිව 33 වන වරටත් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරග පසුගිය 6, 7 හා 8 යන…

19න් පහළ බාලිකා තුන්වන ස්ථානය සඳහා පැවති තරගයේ දී ආනමඩුව මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩිකාවන් ලකුණු 25-13ක් සහ 25-17ක් ලෙස ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය පරාජය කරන ලදි.

 වයස අවුරුදු 17න් පහළ බාලිකා 

ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය සහ මහඋස්වැව ශ්‍රී රත්නපාල මහා විද්‍යාලය මෙම කාණ්ඩයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ පිළිවෙළින් ආනමඩුව ම. ම. වි. කණ්ඩායම සහ වෙලන්දුර ගජනායක මහා විද්‍යාල කණ්ඩායම පරාජය කරමිනි.

ගලිගමුව කණ්ඩායමේ අවසන් පූර්ව තරග ජයග්‍රහණය ලකුණු 25-18ක් සහ 25-18ක් ලෙස ද, ශ්‍රී රත්නපාල මහා විද්‍යාලයේ අවසන් පූර්ව ජය ලකුණු 25-15ක් සහ 25-07ක් ලෙසත් සටහන් විය.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ වොලිබෝල් ශූරතා වයඹ පළාතට

43 වන ජාතික මහා ක්‍රීඩා උළෙල යටතේ මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති කාන්තා හා පිරිමි වොලිබෝල් තරගාවලි වල දී එම ශූරතා ද්විත්වයම…

මෙම කාණ්ඩයේ තෙවන ස්ථානය සඳහා පැවති තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර වෙලන්දුර ගජනායක මහා විද්‍යාල කණ්ඩායම පළමු තරග වටය ජය ගත්තේ ලකුණු 22-25ක් ලෙසිනි. ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 25-23ක් ලෙස දෙවන තරග වටය ජය ගනිමින් නැවත සටනට අවතීර්ණ වූ අතර තුන්වන තරග වටය ලකුණු 25-20ක් ලෙස සහ තරගය වට 2/1ක් ලෙස ජය ගන්නට ඔවුන්ට හැකියාව ලැබුණි.

 වයස අවුරුදු 15න් පහළ බාලිකා 

මෙම වයස් කාණ්ඩයේ අවසන් මහා තරගයේ ස්ථාන වෙන් කර ගන්නට සමත් වුණේ හුංගම විජයබා ජාතික පාසල සහ අම්පාර උහන තිස්සපුර විද්‍යාල කණ්ඩායමයි.

විජයබා ජාතික පාසල් ක්‍රීඩිකාවන් හමුවේ ලකුණු 25-11ක් සහ 25-22ක් ලෙස පරාජය වුණේ මහඋස්වැව ශ්‍රී රත්නපාල මහා විද්‍යාල කණ්ඩායමයි. කුරුණෑගල මලියදේව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාල කණ්ඩායම ලකුණු 25-18ක් සහ 25-08ක් ලෙස පරාජය කරන්නට උහන තිස්සපුර විද්‍යාල ක්‍රීඩිකාවන් සමත් විය.

DSI වොලිබෝල් ජාතික මට්ටමේ මූලික තරග ආරම්භ වේ

DSI සුපර්ස්පෝට් පාසල් වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ මූලික තරග මෙම මස 11 වන දින සිට 15 වන දින දක්වා රුවන්වැල්ල රාජසිංහ මහා විදුහල්…

අවසන් පූර්ව තරග පරාජිතයන් අතර පැවතී තරගයේ දී මලියදේව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය තරග වට 2/0ක් ලෙස පරාජය කළ මහඋස්වැව ශ්‍රී රත්නපාල මහා විද්‍යාලය 15න් පහළ බාලිකා තෙවන ස්ථානයට හිමිකම් කියන ලදි.

 වයස අවුරුදු 13න් පහළ බාලිකා 

මෙම වයස් කාණ්ඩයේ අවසන් මහා තරගයට පිවිසීමේ වරම් හිමිකර ගත්තේ අම්පාර උහන තිස්සපුර විද්‍යාල කණ්ඩායම සහ ත්‍රිකුණාමලය, රාජකීය විද්‍යාලෝක ජාතික පාසල් කණ්ඩායමයි.

පළමු අවසන් පූර්ව තරගයේ දී උහන තිස්සපුර ක්‍රීඩිකාවන් හමුවේ අනුරුද්ධ මහා විද්‍යාල කණ්ඩායම ලකුණු 21-11ක් සහ 21-12ක් ලෙස පරාජය වෙද්දී, ත්‍රිකුණාමලය ක්‍රීඩිකාවන් හමුවේ දෙවන අවසන් පූර්ව තරගයේ දී ලකුණු 21-14ක්, 15-21ක් සහ 21-13ක් ලෙස පරාජය වුණේ පලුගොල්ල යාය 10 මහා විද්‍යාල කණ්ඩායමයි.

තෙවන ස්ථානය සඳහා පැවති තරගයේ දී අනුරුද්ධ මහා විද්‍යාලය ලකුණු 21-09ක් සහ 21-16ක් ලෙස පරාජය කරන්නට පලුගොල්ල යාය 10 මහා විද්‍යාල ක්‍රීඩිකාවන් සමත් විය.

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට