ගලිගමුව ක්‍රීඩිකාවන්ගේ ආදර්ශය

464

ඕනෑම ක්‍රීඩාවක නියැලෙන ඕනෑම පාසල් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක, අධ්‍යාපනයේ සහ ක්‍රීඩාවේ සමබරතාවය රැක ගැනීම ගැන අවධානය යොමු කළ යුතුයි. කැපවීම එයට අත්‍යාවශ්‍ය වන අංගයකි. ඊට මනා ආදර්ශයක් සැපයීමට ගලිගමුව මධ්‍ය විද්‍යාලයේ 16න් පහළ වොලිබෝල් ක්‍රීඩිකාවන් පසුගිය දා සමත් විය.

කෑගල්ල දිස්ත්‍රික්කයට වඩා වයඹ, දකුණ සහ බස්නාහිර පළාත් තුළ වොලිබෝල් ක්‍රීඩාව ජනප්‍රියව ඇතත් කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසලක සිසුවියන් වන මෙම ක්‍රීඩිකාවන්, දක්ෂ ලෙස පුහුණුවීම් වල නිරත වී සමස්ත ලංකා ශූරතාවන් පවා ජයග්‍රහණය කරන්නට සමත් විය.

මොවුන් ක්‍රීඩා කරන 16න් පහළ කාණ්ඩයේ සමස්ත ලංකා වොලිබෝල් ශූරතාවය මොවුන් විසින් මේ වසරේ දී දිනාගත් අතර ඊට නොදෙවෙනිව අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වය පවත්වා ගැනීමට ද ඔවුන් උත්සාහ දරයි.

යුධෝපකරණ බලකාය හා සිරි පැරකුම් ශූරතා දිනති

10 වන වරටත් පවත්වනු ලබන මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරග..

උක්ත ඡායාරූපය ThePapare.com කැමරා කාචයක සටහන් වුනේ ගලිගමුව ක්‍රීඩිකාවන් ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියට සහභාගී වීමට ඇඹිලිපිටියට පැමිණ සිටියදීයි. කණ්ඩායම් උද්යෝගයෙන් තරග කරද්දී, දැඩි හිරු රශ්මිය පොළොව කර කරද්දී, ප්‍රේක්ෂකයින් ජය හෝ පරාජය භුක්ති විඳිද්දී, නිස්කාන්සුවේ තම අධ්‍යාපන කටයුතු වල යෙදෙන්නට මොවුන් තීරණය කොට තිබුණි.

අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගය ඇරඹෙන්නට දින දෙකක් පමණක් ඉතිරිව තිබිය දී මෙම ක්‍රීඩිකාවන් ක්‍රීඩාව අත් නොහැර සිරිපැරකුම් ක්‍රීඩා සමාජය නමින් තරග බිමට පිවිස සිටියේ වයස අවු: 22න් පහළ අංශය සඳහායි. වයස අවුරුදු 16ක ක්‍රීඩිකාවන් වුවත් 22න් පහළ තරගාවලියකට අවශ්‍ය අධිෂ්ඨානය ඔවුන් සතුයි. ඊට සමගාමීව තම අධ්‍යාපන කටයුතු ද සාර්ථක කර ගැනීමට ඔවුන් තුළ වූ කැපවීමට නිසි ඇගයීම ලබා දීමයි අපේ මේ අරමුණ.

19න් පහළ කිරුළ නාත්තන්ඩිය ධම්මිස්සරට හා ගලිගමුව මධ්‍ය විද්‍යාලයට

දරුවන්ගේ ක්‍රීඩාවට තහංචි පනවන දෙමාපියන්ට මේ දරුවන් විසින් අගනා පාඩමක් කියා දෙයි. කැපවෙන්නට ඉගැන්වූ කල ඔවුන්ට තහංචි පැනවිය යුතු නැත. දරුවන්ට ඉගෙනීමේ අගයත් ක්‍රීඩාවේ අගයත් එක ලෙස අවබෝධ කොටදීම දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ වගකීමයි. ඒ අතින් මේ දරුවන්ගේ වොලිබෝල් පුහුණුකරු අමිල විජේපාල හට විශේෂ ස්තුතිය පළකළ යුතු වේ.

ඔවුන් ඇතුළු අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට සහභාගී වන සියලු සිසු සිසුවියන්ට ThePapare.com වෙතින් සුබ පැතුම්!  

 >> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<