හිඳුණු ක්‍රීඩා අරමුදල දැල්පන්දු ලෝක කුසලානයට ගැටලුවක්?

83

ආසියානු ශූරියන් වන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ජූලි මාසයේ එංගලන්තයේ ලිවර්පූල් හිදී පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලානයට සහභාගී වීමට මේ දිනවල දැඩි කැපවීමකින් යුතුව පුහුණුවන්නේ ප්‍රධාන පුහුණුකාරිනි තිලකා ජිනදාසගේ මග පෙන්වීම යටතේය.

සිව්කොන් දැල්පන්දු සංග්‍රාමයකට ශ්‍රී ලංකාවෙන් සත්කාරකත්වය

ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායම, ශ්‍රී ලංකා යොවුන් දැල් පන්දු කණ්ඩායම, මැලේසියාව හා කෙන්යාව සහභාගී වන සිව්කොන් දැල්පන්දු තරගාවලියක්…..

ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පසුගිය දිනක දී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී දැල්පන්දු කණ්ඩායමට අවශ්‍ය පහසුකම් ක්‍රීඩා අමාත්‍යාංශය සපයා දෙන ආකාරය පිළිබඳව සංවාදයකට ද එකතු විය.

හිටපු පුහුණුකරුවෙකු යෝජනා කළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම අප්‍රිකානු සංචාරයක යොදවා පුහුණුවීම් ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවීම පිළිබඳව ජාතික දැල්පන්දු සම්මේලනයේ රැස්වීමක දී ක්‍රීඩා අමාත්‍යවරයාට නැගුණු පැනයකට ඔහු මෙසේ පිළිතුරු ලබා දී තිබුණි.

“අපි තවමත් තරගාවලියට කණ්ඩායම යවනවා දැයි තීරණයක් ගෙන නැහැ, දැල්පන්දු සම්මේලනය ක්‍රීඩා අමාත්‍යංශයට ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කළ යුතුයි, ක්‍රීඩා අමාත්‍යංශය ඒ මත තමයි වැඩ කරන්නේ, නිසි දැක්මක් තිබෙන පුද්ගලයින් ආවේ නැතිනම් අපිට එතැන දී ගැටලුවක් වේවි, අපි ඔවුන්ගෙන් සැලසුමක් ඉල්ලා තිබෙනවා”

“ක්‍රීඩිකාවන් ලෝක කුසලානය සඳහා එංගලන්තයට යනවා, ක්‍රීඩා අමාත්‍යංශය වශයෙන් අපි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 750කට වඩා දකුණු ආසියානු ක්‍රීඩා උළෙලටත් යවනවා, අපිට මේ අවුරුද්දේ ලොකු වියදමක් යනවා. ක්‍රීඩා අරමුදලත් හිඳී ගිහින්. ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබෙනවා ඔවුන් ක්‍රීඩා අරමුදල නගා සිටුවන්න ඉදිරියට එනවා කියලා” ක්‍රීඩා අමාත්‍ය තුමා පවසා සිටියේ පවතින තත්වය මත දැල් පන්දු කණ්ඩායමේ අප්‍රිකානු සංචාරය ගැටලුවක් වන බව පෙන්නුම් කරමිනි.

ක්‍රිකට් සහ දැල්පන්දු සංසන්දනය කරන්න එපා – තිලකා ජිනදාස

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම පසුගිය වසරේ දී ආසියානු ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව මේ වන විට මෙම වසරේ ජූලි මාසයේ දී ලිවර්පූල් නුවර…….

ඔහු තවදුරටත් අදහස් දක්වමින් දැල්පන්දු සම්මේලනයේ අතුරු පාලක මණ්ඩලය පිළිබඳව ද පවසා සිටියා.

“දැල්පන්දු සම්මේලනය සම්බන්ධය ලොකු ගැටලුවක් තිබෙනවා, ගොඩක් ප්‍රශ්න ආවේ දැල්පන්දු සම්මේලනයේ වත්මන් ආකෘතිය හා මෙහෙයවන පුද්ගලයාට බොහෝ දෙනෙක් අපි ළඟට පැමිණ සිය අකමැත්ත පල කිරීමත් සමඟයි. නමුත් මම දන්නවා ඔවුන් පසුගිය වසර දෙකේ දී ගොඩක් දේවල් කරලා දැල්පන්දු කණ්ඩායම නිසි මාර්ගයට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඇතැම් අය තමන් කැමති අය පිළිබඳ මත පල කර තිබෙනවා”

දැල් පන්දු කණ්ඩායමට අවශ්‍ය පහසුකම් නොලැබීම පිළිබඳව පළවූ වාර්තා පිළිබඳව ද අමාත්‍යවරයා අදහස් දක්වා තිබුණා.

“මම සුගතදාස ක්‍රීඩාංගණයට උපදෙස් ලබා දී තිබෙනවා දැල්පන්දු පුහුණුවීම් වලට මූලිකත්වය දෙන්න කියලා. මට ඕන ඔවුන් හොඳින් ක්‍රීඩා කරනවා දකින්න, ඔවුන්ට හොඳ කණ්ඩායමක් සිටිනවා, ඔවුන්ට ලෝක කුසලානයේ දී හොඳ තැනකට යන්න පුළුවන් වේවි. සම්මේලනයේ ගැටලු නිසා අපහසුකම් විඳින්නේ ක්‍රීඩිකාවන්, ජාතික ක්‍රීඩිකාවන්ට අවශ්‍ය අමතර පෝෂක ආදිය ගැනීමට මසකට රුපියල් 30,000ක් හෝ 40,000ක් ලබා දෙනවා. එහෙමයි එය ක්‍රියාත්මක වෙන්නේ”

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<