හිටපු නායකයාට අලුත් තැනක්

1368
Former skipper to take on new role with the bat translation

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ඉදිරියේ පැවැත්වෙන ක්‍රිකට් තරගවල දී අංක 4 ස්ථානයේ පිතිකරණයේ නිරත වෙනු ඇති බවට විශ්වාසදායී ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

තරංගට සිව්වැනි අර්ධ ශතකය මඟ හැරේ

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස නායක උපුල් තරංග බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නොකඩවාම අර්ධ ශතක 3ක් ලබා…

ශ්‍රී ලංකාව තුල මෑත කාලයේ දී බිහි වූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන මැතිව්ස්, මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට පසුව ශ්‍රී ලංකාව තුල බිහි වූ දක්ෂ පිතිකරුවෙකි. තවද ඔහු හට මැදපෙළ හා පසුපෙළ එක් කරමින් හොඳ සබඳතාවයක් පවත්වා ගැනීමට ද හැකියාවක් ඇත.

පසුගිය අගෝස්තු මාසයේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වූ ටෙස්ට් තරගාවලියේ දී මැතිව්ස් හා දිමුත් කරුණාරත්න, ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරණයේ නිරත වූ අතර, එහි දී මැතිව්ස් විසින් එම තරගාවලිය තුල පැවැත්වූ ටෙස්ට් තරග තුනේ ඉනිම 6 තුල පිළිවෙළින් ලකුණු 83, 02, 26, 36, 00 හා 35ක් ලෙස ලකුණු ලබා ගන්නා ලදි.

පසුගිය දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී නිමා වූ පාකිස්තානය සමඟින් පැවැත්වූ ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකි වුවත්, සංචාරයට පිටත්වීමට පෙර මැතිව්ස් ආබාධයකට ලක්ව සිටි නිසා එම ටෙස්ට් තරගාවලිය සඳහා ඔහු සහභාගි වූයේ නැත. 2016 වර්ෂයේ අගෝස්තු මාසයේ සිට ඔහුගේ ආබාධ තත්වය නිසා ජාත්‍යන්තර ක්‍රිකට් තරග 37ක් මඟ හැරී ඇති අතර, එයට ටෙස්ට් තරග 6ක්, එක්දින තරග 20ක් හා විස්සයි විස්ස තරග 11ක් ඇතුළත්ය.

ගුණතිලක හා තරංග ශීලාත් පිටිය දෙවනත් කරති

නොවැම්බර් මස 4 වැනිදා සිට දෙසැම්බර් 12 වනදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වෙන බංග්ලාදේශ…

මැතිව්ස්ගේ එම ආබාධ තත්වය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහුගේ පිතිකරණයෙන් හා  පන්දු රැකීමෙන් පමණක් බොහෝ දුරට සෑහීමකට පත්වීමට සිදු වූයේ, පන්දු යවන විට ඔහුගේ ආබාධය යළිත් ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි නිසාවෙනි.

“පසුගිය සති කිහිපය තුල අපේ ක්‍රීඩකයින් ක්‍රීඩා කරනවා මට ගෙදර ඉඳලා තමයි බලන්න වුනේ. මම මගේ ආබාධය ගැන කනාගාටු වුනා. 2013 වර්ෂයේ සිට 2016 දක්වා තමයි මගේ ක්‍රිකට් ජීවිතයේ හොඳම කාලය. මම මේ ආබාධය සුව කර ගැනීමට කළ යුතු දේවල් පිළිබඳව කොළඹ සිටින වෛද්‍යවරුන් සමඟ මෙන්ම එංගලන්තයේ සිටින වෛද්‍යවරුන් කිහිප දෙනකු සමඟම කතා කළා. පසුව පුහුණුකරුවන් විසින් මගේ වැඩසටහන් කළමනාකරණය කළා. ඒ වගේම මම මගේ වැඩ කටයුතුත් හොඳින් කළමනාකරණය කර ගත්තා. මෙම තේරීම් කමිටුව සමඟින් කතා කළා. ටෙස්ට් තරගවල දී මම පන්දු යැව්වොත් නැවතත් මෙම ආබාධය ඇතිවීමට යම් ඉඩකඩක් තියෙනවා. “

යැයි ඇන්ජලෝ මැතිව්ස් Cricbuzz වෙබ් අඩවිය සමඟින් කළ කතා බහක දී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව එළඹෙන ටෙස්ට් තරගාවලිය තුල පිතිකරණ අනුපිළිවෙළේ යම් යම් වෙනස්කම් කිහිපයක්ම සිදු කරනු ඇති අතර, ආරම්භ පිතිකරුවන් ලෙස දිමුත් කරුණාරත්න හා සධීර සමරවික්‍රම පැමිණෙනු ඇත.

පසුව අංක 3 ස්ථානය සඳහා ලහිරු තිරිමාන්න හෝ ධනංජය සිල්වා ක්‍රීඩා කරනු ඇති අතර, ඇන්ජලෝ මැතිව්ස් හා නායක දිනේශ් චන්දිමාල් පිළිවෙළින් අංක 4 හා 5 පිතිකරුවන් ලෙස ක්‍රීඩා කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

සංචාරක ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලිය ලබන 16 වැනිදා කල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රිකට් පිටියේ දී ආරම්භ වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<