ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ විශිෂ්ට දඟපන්දු යවන්නෙකු දිවියට සමුදෙයි

222

හිටපු ඕස්ට්‍රේලියානු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩකයෙකු වන බෘස් යාඩ්ලි අභවප්ප්‍රාප්ත වී ඇත. මිය යන විට ඔහු 71 වැනි වියේ පසුවිය.

බෘස් යාඩ්ලි ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 33ක් හා එක්දින තරග 7ක් ක්‍රීඩා කර තිබේ. පිළිකාවක් හේතුවෙන් රෝහල්ගව සිටිමින් ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙසේ බෘස් යාඩ්ලි අභවප්ප්‍රාප්ත වී ඇත.

මාලිංගගේ IPL ගමනට වීසා ලැබෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සීමිත පන්දුවාර කණ්ඩායමේ ….

යාඩ්ලි සිය ටෙස්ට් දිවියේ කඩුලු 132ක් දවා ගෙන ඇති අතර පස්වරක් කඩුලු 5 බැගින් ලබා ගැනීමට ඔහු සමත්ව තිබේ. කලක් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළ පිතිකරුට හිමි වාර්තාව ද යාඩ්ලි සතු විය.

අංක 8 පිතිකරු ලෙස පිටියට පැමිණි යාඩ්ලි පන්දු 29කින් එම අර්ධ ශතකය වාර්තා කළේය. එවකට ඇන්ඩි රොබට්ස්, ජොයෙල් ගානර් හා කොලින් ක්‍රොෆ්ට් වැනි විශිෂ්ට වේගපන්දු බලඇණියකින් සමන්විත වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව 1978 දී ඔහු බාර්බඩෝස් හිදී එම වාර්තාව පිහිට විය.

ඔහු වාර්තා කළ අර්ධ ශතකයෙන් ලකුණු 48ක්ම හතරේ පහර හා හයේ පහර මගින් ඔහු වාර්තා කිරීම විශේෂත්වයකි. ඔහුගේ එම ඉනිමට හතරේ පහර 9ක් හා හයේ පහර දෙකක් ඇතුළත් විය. යාඩ්ලිගේ දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා වන්නේ ඔහුගේ පළමු පෙළ දිවියේ දී ය.

1982 වසරේ සිඩ්නි හිදී ලකුණු 98ට කඩුලු 7ක් දවා ගැනීම ඔහුගේ දිවියේ හොඳම පන්දු යැවීමය. 1947 වසරේ සැප්තැම්බර් මස 5 වැනිදා බටහිර ඕස්ට්‍රේලියාවේ මිඩ්ලන්ඩ් හිදී උපත ලද යාඩ්ලි සිය ක්‍රිකට් දිවිය ආරම්භ කරන්නේ වේගපන්දු යවන්නෙකු ලෙස වීම විශේෂත්වයකි.

හදිසියේම පහළ වුණු ඉසුරු උදානය

මෑත කාලේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ලබලා තියෙන්නේ…

නමුත් 1966/67 වසරේ දී පළමු පෙළ ක්‍රිකට් පිටියට පිවිසි යාඩ්ලි සිය පන්දු යැවීම සඳහා දඟ පන්දුව තෝරාගනු ලැබීය.

1978 වසරේ දී ඉන්දියාවට එරෙහිව හාඩ්ලි ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගන්නා ලදි. ඔහු ඉන්දීය දෙවන ඉනිමේ කඩුලු 4ක් දවා ගන්නේ ඕස්ට්‍රේලියාවට ලකුණු 47ක ජයක් ද හිමිකර දෙමිනි. ඔහු දැක්වූ දක්ෂතා සමඟ එවකට ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා වීමට යාඩ්ලිට හැකි විය.

ලොව ප්‍රධාන පෙළේ පිතිකරුවන්ට පවා හිසරදයක් වූ යාඩ්ලිගේ පන්දු යැවීම හමුවේ පිතිකරුවන්ට සිය සුපුරුදු දක්ෂතා දක්වන්නට නොහැකි විය. ඉන්දීය කණ්ඩායමේ එවකට සිටි ප්‍රධාන පිතිකරුවෙකු වූ සුනිල් ගවස්කාර් සඳහන් කළේ සිය දිවියේ මුහුණ දුන් දුෂ්කරම පන්දු යවන්නා යාඩ්ලි බවය. බෘස් යාඩ්ලි සිය ටෙස්ට් පිටියට 1983 වසරේ දී සමු දුන්නා.

ඉන්පසුව වසර 7කට පසු පළමු පෙළ ක්‍රිකට් තරග නියෝජනය කළ යාඩ්ලි පසුව පුහුණුකරුවෙකුගේ හා විස්තර විචාරකයෙකුගේ චරිතයට පණ පෙවීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ද පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබෙන යාඩ්ලි ශ්‍රී ලංකාවෙන් බිහිවු විශිෂ්ටතම දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීම සඳහා රුකුලක් වූ පුහුණුකරුවෙකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<