පළමු වතාවට යුරෝපයේ මුල් තැන් හතරම එංගලන්තයට

118

යුරෝපා පාපන්දු ඉතිහාසයේ පළමු වතාවට, UEFA සංවිධානය කරන ශූරයින්ගේ ලීග් (UEFA Champions League) පාපන්දු තරගාවලියේ මෙන්ම යුරෝපා ලීග් (UEFA Europa League) පාපන්දු තරගාවලියේද අවසන් මහා තරග වලට පිවිසෙන්නට එංගලත්න ප්‍රිමියර් ලීග් කණ්ඩායම් සමත්ව තිබේ.

නොසිතූ ජයක් වාර්තා කළ ලිවර්පූල් බාසිලෝනා හදවත් බිඳියි

පාපන්දු ක්‍රීඩාවේ අවිනිශ්චිත බව මනාවට පසක් කරමින් සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීගේ බාර්සිලෝනා….

Arsenal කණ්ඩායම මුළු ගෝල 7-3ක් ලෙස ස්පාඤ්ඤයයේ Valencia කණ්ඩායම පරාජය කරමින් යුරෝපා ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසුනේ Pierre-Emerick Aubameyang ගේ ගෝල ත්‍රිත්වය හේතුවෙනි. පළමු අදියරයේ දී Arsenal කණ්ඩායම ගෝල 3-1ක වාසියක් අත්පත් කරගෙන සිටීමට සමත් විය.

මේ අතරම Chelsea කණ්ඩායම ස්ටැම්ෆර්ඩ් බ්‍රිජ් හිදී ජර්මානු කණ්ඩායමක් වන Eintracht Frankfurt කණ්ඩායම දඬුවම් පහර මඟින් පරාජය කළේ යුරෝපා ලීග් අවසන් මහා තරගය ලන්ඩනයේ ද්වන්ද සටනක් බවට පත් කරමිනි.

මේ අතරම ගෙවුණු දින කිහිපය තුළදී ප්‍රධාන තරගාවලිය වන ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේද පෙරළි රැසක්ම සිදුවිය.

පළමු අදියරයේදී ගෝල 3-0ක් ලෙස පසුපසින් සිට දෙවන අදියරයේදී ගෝල 0-4ක් ලෙස නොසිතූ ජයග්‍රහණයක් වාර්තා කරන්නට Liverpool කණ්ඩායම සමත් වූයේ La Liga ශූරයින් වන බාසිලෝනා කණ්ඩායම පරාජය කරමිනි.

තවද නෙදර්ලන්ත පාපන්දු කණ්ඩායමක් වන Ajax කණ්ඩායම හමුවේ පළමු අදියරයේදී ගෝල 1-0ක් ලෙස පසුපසින් සිටීමට Tottenham කණ්ඩායමට සිදුවිය. දෙවන අදියර ආරම්භයත් සමඟ Matthijs de Ligt (5’) තවත් ගෝලයක් වාර්තා කළේ Ajax කණ්ඩායම අවසන් මහා තරගයට තවත් පියවරක් ළං කරමිනි. Hakim Ziyech (35’) විසින් තරගයේ පළමු අර්ධය නිමාවීමට ප්‍රථම ගෝලයක් වාර්තා කරමින් Ajax කණ්ඩායම පෙරමුණට ගෙන ඒමට සමත් විය.

කෙසේ වෙතත් Tottenham කණ්ඩායමේ Lucas Moura (55’, 59’, 90+6’) දෙවන අර්ධයේ වාර්තා කළ ගෝල ත්‍රිත්වයෙන් තරගය සම්පුරණයෙන්ම උඩුයටිකුරු කිරීමට සමත් වූ අතර Away goals නීතියට අනුව Tottenham කණ්ඩායමට ජයග්‍රහණය හිමිවිය.

ඒ අනුව මෙවර ශූරයින්ගේ කුසලානයේ අවසන් අසුන් දෙකත් එංගලන්තය නමින්ම ලියැවිණි.

පාපන්දු නීතිරීති වල සංශෝධන රැසක්

පාපන්දු ක්‍රීඩාව ක්‍රීඩා කිරීමේ දී පිළිපැදිය යුතු නීතිරීති තීරණය කරනු ලබන ජාත්‍යන්තර පාපන්දු සංගම්….

යුරෝපා තරගාවලි වල අවසන් මහා තරගයක, කණ්ඩායම් දෙකම එංගලන්ත ප්‍රිමියර් ලීග් කණ්ඩායම් වීමේ අවස්ථා මෙතෙක් වාර්තා වී ඇත්තේ දෙකක් පමණයි.ඒ 1971-72 තරගවාරයේ Tottenham කණ්ඩායම විසින් Wolverhampton කණ්ඩායම පරාජය කළ (3-2) අවස්ථාව සහ 2007-08 තරගවාරයේ ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේදී Manchester United කණ්ඩායම විසින් Chelsea කණ්ඩායම පරාජය කළ (දඬුවම් පහර 6-5) අවස්ථාවයි. කෙසේ වෙතත් යුරෝපා ලීග් සහ ශූරයින්ගේ ලීග් තරගාවලිය යන තරගාවලි දෙකේම අවසන් තරගවලට එංගලන්ත කණ්ඩායම් සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.

මීට පෙර 2015-16 තරගවාරයේදී ස්පාඤ්ඤ කණ්ඩායම් තුනක් තරගාවලි දෙකේ අවසන් ස්ථාන හතරට සුදුසුකම් ලැබීමට සමත් විය. Real Madrid, Atlético Madrid සහ Sevilla කණ්ඩායම් එලෙස අවසන් ස්ථාන හතරට සුදුසුකම් ලබන්නට සමත් විය. Sevilla කණ්ඩායම එහිදී යුරෝපා ලීග් තරගාවලිය ජය ගන්නටද සමත් විය.

එංගලන්තයේ පාපන්දු ක්‍රීඩාව හරිම ඉහළ මට්ටමක තිබෙන්නේ. ප්‍රිමියර් ලීග් තරගාවලිය තමයි යුරෝපයේ තිබෙන හොඳම පාපන්දු තරගාවලිය.” යයි චෙල්සි කණ්ඩායමේ කළමනාකරු Maurizio Sarri පැවසීය.

Arsenal කණ්ඩායම සහ Chelsea කණ්ඩායම අසර්බයිජානයේ බාකු හිදී එළඹෙන මැයි 29 දා යුරෝපා ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. ඒ අනුව Arsenal කණ්ඩායමට ලබන වසරේදී ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමට අවස්ථාවක් හිමිවනු ඇත. ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් කණ්ඩායම් හතරක් ශූරයින්ගේ ලීග් තරගාවලියට එක්වන අතර චෙල්සි කණ්ඩායම ප්‍රිමියර් ලීග් පළමු කණ්ඩායම් හතරට පිවිසීම නිසා ඔවුන්ට ලබන වසරේ ශූරයින්ගේ ලීග් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව හිමිවනු ඇත. යුරෝපා ලීග් තරගාවලියේ ශූරයින්ට ද, ශූරයින්ගේ ලීග් තරගාවලියේ ස්ථානයක් හිමිවන බැවින් Arsenal කණ්ඩායම යුරෝපා ලීග් තරගාවලිය ජයගත හොත් ලබන වසරේ ශූරයින්ගේ කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන පස්වන එංගලන්ත කණ්ඩායම ඔවුන් වනු ඇත.

Chelsea කණ්ඩායමේ ගෝල රකින්නා වන Kepa Arrizabalaga දඬුවම් පහර එල්ලේ කිරීමේදී සිය කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහර දෙකක් බේරා දීමට සමත් වූ අතර පසුව BTSports වෙත ඔහු පවසා සිටියේ ඔහු වාසනාවන්ත වූ බවයි.

“මම වාසනාවන්ත වුනා. හැමවෙලාවෙම අපි සුදානමින් ඉන්නේ. අපි අද වාසනාවන්ත වුනා.”

රිය පැදවීම බෙකම්ට තහනම්

පාපන්දු ඉතිහාසයේ සුපිරිතම තරුවක් සේ සැලකෙන එංගලන්ත ජාතික ඩේවිඩ් බෙකම් හට නීතිය….

Valencia කණ්ඩායම සහ Arsenal කණ්ඩායම අතර පැවති දෙවන අදියරයේ තරගයේදී Kevin Gameiro මිනිත්තු 11 කට පසු Valencia කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කර තරගයේ පෙරමුණ Valencia කණ්ඩායම වෙත ලබා දුන්නත් Arsenal කණ්ඩායමේ Aubameyang තරගයේ ග්‍රහණය සම්පුරණයෙන් තමන් වෙතට හරවා ගත්තේ ගෝල ත්‍රිත්වයක් සමඟිනි.

Aubameyang පවසා සිටියේ තම කණ්ඩායම පසුගිය තරගවාරයේ අවසන් පූර්ව තරගයෙන් ඉවත් වීමෙන් හොඳ පාඩමක් ඉගෙනගත් බවය.

“මේ වසරේ අපි කිසිම වැරද්දක් කළේ නැහැ. ඒ නිසාම දැන් අපි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබෙනවා. අපි බොහොම සතුටෙන් ඉන්නේ.”

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<