“පුංචි ලෝක කුසලානය” කොළඹ දී

301
Football Mini World Cup

ජර්මානු තානාපති කාර්යාලය හා තාබිත් අහමඩ් පාපන්දු සමාජය එක්ව සංවිධානය කරන “පුංචි ලෝක කුසලානය”, එළඹෙන 20 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

FA කුසලාන අවසන් මහා තරගයට සියල්ල සූදානම්

මාස 9 කට පෙර ජාවා ලේන් කණ්ඩායම ඔවුන්ගේ ක්‍රීඩා සමාජ ඉතිහාසයේ අඩුම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින්..

යාපනය, ගම්පහ, මීගමුව, කොළඹ යන ප්‍රදේශ නියෝජනය කරමින් පිරිමි සහ කාන්තා පාපන්දු කණ්ඩායම් 8 බැගින් මෙම තරගාවලියට සහභාගී වන්නේ එදින ප.ව. 1.00 සිට ප.ව. 6.00 දක්වා යි. සෑම ප්‍රදේශයකින්ම පිරිමි කණ්ඩායම් දෙකකුත් කාන්තා කණ්ඩායම් දෙකකුත් බැගින් සහභාගී වීමට නියමිතයි. ඔවුන්ට සහය දක්වන්නට ස්විට්සර්ලන්ත, නොර්වේ, නෙදර්ලන්ත, බ්‍රසීල, ප්‍රංශ, එක්සත් ජනපද තානාපති කාර්යාල ඉදිරිපත්ව ඇති අතර ඒ සහය ලබන එක් එක් කණ්ඩායම විසින් තමන්ට සහය දෙන තානාපති කාර්යාලය අයත් රට නියෝජනය කිරීමට නියමිතයි.

“ප්‍රධානම දේ තමයි මින් ක්‍රීඩකයන්ට ලැබෙන උසස් අත්දැකීම සහ රටේ විවිධ ප්‍රදේශ නියෝජනය කරන දරුවන්ට එකට එක්වෙන්නට ලැබීම. මා මෙහි ඉන්න කාලයේදී තවත් ඉසව් සංවිධානය වේවි. පාපන්දු කියන්නේ ජනයාට එකට එක්විය හැකි නියම ක්‍රමයක්.” ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ජෝන් රෝඩි මහතා පැවසුවේය.

“පාපන්දු කියන්නේ ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාවයි. අපි පවත්වන මේ ඉසව්ව සහතිකවම ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ජනප්‍රිය කිරීමට ඉවහල් වේවි.” ඔහු වැඩිදුරටත් කීය.

ජර්මානු තානාපති කාර්යාලය සහ තාබිත් අහමඩ් පාපන්දු සමාජය එක්ව උතුරුකරයේදී පැවැත්වූ ඉසව් කිහිපයක්ම සාර්ථක වී ඇත. තාබිත් අහමඩ් පාපන්දු සමාජය විසින් උතුරේ පාපන්දු වැඩමුළු කිහිපයක්ම පැවැත්වූ අතර ඉන් අනතුරුව “ජර්මානු තානාපති කාර්යාල පාපන්දු තරගාවලිය 2016″ නම් තරගාවලියක් පැවැත්විණි. 2017 මුල් භාගයේදී කිලිනොච්චි සහ මුලතිවු දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් සංස්කෘතික උළෙලද සංවිධානය විය.

” ජර්මානු හඬ (German buzz) සංවිධානය හා එකතුවෙලා අපි පෙබරවාරි මාසෙදි ව්‍යාපෘතියක් කළා. ඉන් සති දෙකකදී ළමුන් 4000කට පමණ අපි ළඟාවුණා. මේ එයම ඉදිරියට රැගෙන යාමක්. යාපනයේදී දිනපු කණ්ඩායම් කොළඹට පැමිණෙනවා. තානාපතිතුමා තමයි යෝජනා කළේ ලෝක කුසලානය තේමා කරගත් තරගාවලියක් පවත්වමුයි කියලා. මෙය විවිධ ජාතීන් අතර පැවැත්වෙන ඉසව්වක්.” තාබිත් අහමඩ් පාපන්දු සමාජයේ නිර්මාතෘ ; තාබිත් අහමඩ් මහතා ප්‍රකාශ කළේය.

තරගාවලිය සංවිධානය වන්නේ වයස අවු: 16න පහල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙනි. දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන හිමිවේ. බොරුෂියා ඩෝට්මන්ඩ් (Borussia Dortmund) පාපන්දු සමාජය විසින් ලබාදෙන සම්මාන කිහිපයක්ද පිරිනැමීමට නියමිත අතර ඩිමෝ සමාගම විසින් පාපන්දු ලබාදීම සිදුකෙරේ. මිනිත්තු 6 බැගින් වන අර්ධයන් දෙකක් සහිත මිනිත්තු 12ක තරග කාලයක් සෑම තරගයකටම අයත් වන අතර තුරඟ තරග පිටිය දෙකකට වෙනකොට තරග පැවැත්වේ.

හිල්ටන් හෝටල් සමූහය, අලියා බීම සමාගම සහ නෙස්ලේ සමාගම, ආහාර පාන වලට අනුග්‍රහය දක්වයි.

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට