ජාත්‍යන්තර වොලිබෝල් පුහුණුකරු පාඨමාලා අදියර දෙක මෙරට දී

339

ජාත්‍යන්තර වොලිබෝල් සංගමය විසින් මෙහෙයවනු ලබන වොලිබෝල් පුහුණුකරු – අදියර දෙක (II) පාඨමාලාව මැයි මස 7 සිට 11 වනදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව ඇත.

ප්‍රබල ජපානය පරදා ශ්‍රී ලංකාවට ජය

තාලියන්තයේ ‘Nakhon Pathom’ හිදී පැවැත්වෙන 2018 වයස අවුරුදු 19න් පහළ වෙරළ…

මෙම ජාත්‍යන්තර වොලිබෝල් පුහුණුකරු පාඨමාලාව සඳහා ශ්‍රී ලංකාව තුළ දැනට වොලිබෝල් පුහුණුකරු අදියර එක (I) පාඨමාලාව අවසන් කර වසර දෙක ඉක්මවූ පුහුණුකරුවන් හා පුහුණුකාරිනියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලබන අතර, වොලිබෝල් පුහුණුකරුවෙකු ලෙස ඔබ විසින් දක්වා ඇති දක්ෂතා ඇතුලත්ව ඔබගේ පෞද්ගලික විස්තර, ඔබව සම්බන්ධ කර ගැනීමට හැකි දුරකථන අංක, දැනට ක්‍රියාත්මකව පවතින විද්‍යුත් තැපැල් ලිපිනයක් (E-maili Address) අනිවාර්යයෙන් ඇතුළත් කොට අයදුම්පතක් සකසා ජාත්‍යන්තර වොලිබෝල් පුහුණුකරු අදියර එක (I) පාඨමාලාවේ සහතික පත්‍රයේ පිටපතක් ද සමඟ ලියාපදිංචි තැපෑලෙන් 2018 අප්‍රේල් මස 25වන දිනට ප්‍රථම පහත සඳහන් ලිපිනය වෙත යොමු කරන්න.

ශ්‍රී ලංකාව ප්‍රබල තරගයක් දී පරාජය වේ

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයේ දී ආරම්භ වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ…

ප්‍රධාන ලේකම්,

ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය,

අංක 33,

ටොරින්ටන් පෙදෙස කොළඹ 07.

පාඨමාලා ගාස්තු, නවාතැන්, ආහාර පාන සමඟ රුපියල් 45,000/- මුදලක් මේ සඳහා අය කරනු ඇත.

මේ පිළිබදව වැඩිදුර තොරතුරු 0777864626 දුරකථන අංකයට ඇමතීමෙන් ලබා ගත හැකිය.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<