ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා එක්දින සංචිතයෙන් ප්‍රබලයෙකු ඉවතට

3284

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම් සමඟ පැවැත්වෙන තරග පහකින් සමන්විත 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ  පළමු තරග 3 සඳහා ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා සංචිතය නිවේදනය කර තිබේ. සුපුරුදු පරිදි ෆැෆ් ඩූ ප්ලෙසිස්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්ය.

සසායිගේ ප්‍රහාරය නිසා වැඩිම T20 ලකුණු වාර්තාව ඇෆ්ගනිස්තානයට!

2007 සිට පුරා වසර 9ක් තිස්සේ ලොව වැඩිම විස්සයි විස්ස ලකුණු වාර්තාව රැකගෙන සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමයි…

ආබාධ තත්ත්වයක් හේතුවෙන්  ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය මෙන්ම, ඊට පෙර පාකිස්තානය සමඟ පැවති සියලු තරගාවලි ද අහිමි වූ වේගපන්දු යවන ක්‍රීඩක ලුන්ගි න්ගිඩී ද ශ්‍රී ලංකාවට එරෙහිව නම් කළ එක්දින සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි.

2017 වසරේ දී ලුන්ගි න්ගිඩී ජාත්‍යන්තර වරම් හිමිකර ගත්තේ ද ශ්‍රී ලංකාවට එරෙහිවයි. ශ්‍රී ලංකාවට එරෙහිව නම් කළ දකුණු අප්‍රිකා එක්දින සංචිතය සඳහා ප්‍රධාන පිතිකරුවන් පස්දෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයින් තිදෙනෙක් සහ පන්දු යවන්නන් හය දෙනෙක් ඇතුළත් වේ.

දකුණු අප්‍රිකා කණ්ඩායම සතු අත්දැකීම් බහුලතම ක්‍රීඩකයෙකු වන හෂීම් අම්ලා මෙම එක්දින සංචිතයෙන් ඉවත් කර තිබේ. නිමාවට පත්වූ පාකිස්තාන තරග සංචාරයට එක් වූ කඩුලු රකින ක්‍රීඩක සහ පිතිකරු හෙන්රික් ක්ලාසන් සහ වේගපන්දු යවන ක්‍රීඩක ඩෑන් පීටර්සන් ද මෙම සංචිතයෙන් ඉවත් කර තිබේ.

සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් ද ශ්‍රී ලංකාවට එරෙහි එක්දින සංචිතයට ඇතුළත් වන අතර පාකිස්තානයට එරෙහිව තරගාවලියට ක්‍රීඩා කළ වියන් මොල්ඩර් ද මෙම සංචිතයට ඇතුළත්.

කුසල්, ඕෂද සමඟින් තවත් ක්‍රීඩකයින් රැසක් ඉහළට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළ නවතම ශ්‍රේණිගත කිරීම් හි පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්…

ඇන්ඩිල් ෆිලොක්වායෝ සහා ඩ්වේන් ප්‍රටෝරියස් ද තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස එම සංචිතයට කැඳවා තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග තුන සඳහා ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා සංචිතයට දඟපන්දු යවන්නන් ලෙස කැඳවා ඇත්තේ ඉම්රාන් ටහීර් සහා ට්‍රබ්‍රායිස් ශැම්සි ය.

නායක ෆැෆ් ඩු ප්ලෙසිස්, ක්වින්ටන් ඩි කොක් සහා ඩේවිඩ් මිලර් පිතිකරුවන් වශයෙන් දකුණු අප්‍රිකා එක්දින සංචිතයට කැඳවා තිබේ.

තරග 5කින් සමන්විත ශ්‍රී ලංකා- දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන මාර්තු මස 3 වැනිදා ජොහැන්ස්බර්ග් හිදී ආරම්භ වේ.

දකුණු අප්‍රිකා එක්දින සංචිතය – නායක ෆැෆ් ඩු ප්ලෙසිස්, ක්වින්ටන් ඩි කොක්, රීසා හෙන්ඩ්රික්ස්, ඉම්රාන් ටහීර්, ඩේවිඩ් මිලර්, වියන් මොල්ඩර්, ලුන්ගි න්ගිඩි, ඇන්රිච් නෝට්ජේ, ඇන්ඩිල් ෆෙලුක්වායෝ, ඩ්වේන් ප්‍රටෝරියස්, කගිසෝ රබාඩා, ටබ්‍රායිස් ශැම්සි, ඩේල් ස්ටේන්, රසී වෑන් ඩර් ඩුසෙන්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<