පැපුවා නිව් ගිනි සත්සාමාජික රග්බි කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙකු වන ෆීජි ජාතික ෆෙරෙටි වෙරබුලා, ශ්‍රී ලංකා 15 සාමාජික රග්බි කණ්ඩායමේ මුල් පුහුණුකාරීත්වයට පත්කොට ඇත. එළඹෙන මැයි මස දී මැලේසියාවේ දී ඇරඹෙන, ආසියානු පළමු කාණ්ඩයේ රග්බි තරගාවලිය ඉලක්ක කර ගනිමින් මේ පත්කිරීම සිදුකර තිබෙන බව වාර්තා වේ.

ෆීජි ජාතික කාන්තා රග්බි කණ්ඩායමේ සහය පුහුණුකාරීත්වය ද දරා ඇති වෙරබුලා, ඩයලොග් රග්බි ලීගය නියෝජනය කළ යුධ හමුදා කණ්ඩායමට ද පුහුණුකාරීත්වය ලබා දී ඇත. ඔහුගේ ආගමනයත් සමඟ යුධ හමුදා කණ්ඩායම ශීඝ්‍ර දියුණුවක් පෙන්වූ බව රග්බි ප්‍රේක්ෂකයන්ට නොරහසකි.

Fereti1ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස කටයුතු කළ ජොහාන් ටේලර් (මහනුවර කණ්ඩායමේ පුහුණුකරු), වෙරබුලාගේ ආගමනයත් සමඟ ඉවත්ව යාමට නියමිතය. ටේලර්ගේ පුහුණුකාරීත්වයෙන් පසුගිය වසරේ පිලිපීනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දස්කම් දැක්වූව ද, මැලේසියාව අතින් දැවැන්ත පරාජයක් ලැබීමට ඔවුන්ට සිදුවිය.

ආසියානු රග්බි තරගාවලියේ ශ්‍රී ලාංකීය මංපෙත

ආසියාවේ රග්බි අධිකාරිත්වය දරන “ආසියානු රග්බි ආයතනය” (පෙර – ආසියානු රග්බි පාපන්දු සංගමය) විසින් 2008 වසරේ සිට වාර්ෂික රග්බි තරගාවලියක් හඳුන්වා දෙන ලදි…

2017 ආසියානු රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන කාණ්ඩය තුළ පිලිපීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සත්කාරක මැලේසියාව ක්‍රීඩා කරන අතර විදෙස් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ ද සහය ලබන මැලේසියාව එහි දී ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් වනු ඇති.

අද (20) සිට ඇරඹෙන සති තුනක පුහුණු සැසියකින් අනතුරුව ශ්‍රී ලංකා 15 සාමාජික රග්බි කණ්ඩායම මැලේසියාව බලා පිටත් වේ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට <<