ශ්‍රී ලංකාව ඉතිහාසයේ පහළම ශ්‍රේණිගත කිරීමේ ස්ථානයට

839

‘FIFA’ ආයතනය විසින් පසුගිය සතියේ නිකුත් කළ යාවත්කාලීන කරන ලද ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 200 වෙනි ස්ථානය දක්වා පහත බැස ඇති අතර ඒ අනුව එය ශ්‍රී ලංකාව සිය පාපන්දු ඉතිහාසය තුළ හිමිකරගත් දුර්වලම ශ්‍රේණිගත කිරීමේ ස්ථානය වේ. ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ ගැනීමට ජර්මනිය සමත් වී ඇත.

40න් ඉහළ පාපන්දු අර්ධ අවසන් පූර්ව වටයේ තරග

ශ්‍රී ලංකා පාපන්දු මාස්ටර්ස් සංගමය (SLSMA) විසින් සංවිධානය කරනු ලබන තිලක් පීරිස් අභියෝගතා කුසලානය සඳහා වන …

එළඹෙන වසරේ දී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගවලින් අනතුරුව ඒ සඳහා තරග වදින කණ්ඩායම් 32 අවසාන වශයෙන් තීරණය කරනු ලැබූ අතර එහි ප්‍රතිඵල ද පදනම් කර ගනිමින් ‘FIFA’ ආයතනය විසින් මෙසේ නවතම ශ්‍රේණිගත කිරීම් නිකුත් කරන ලදි.

එහි පළමු ස්ථානය 5 තුළ සිටි කණ්ඩායම් ඒ ආකාරයටම සිය ස්ථාන රැක ගැනීමට සමත්ව ඇති අතර ඒ අනුව එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් බ්‍රසීලය සහ යුරෝපා ශූරයින් වන පෘතුගාලය හිමිකරගෙන ඇත. ලෝක ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ වටයේ දී ඉතා අසීරු ගමන්මගක නිරත වූ ආජන්ටිනාව තවදුරටත් එහි සිව්වන ස්ථානයේ පසුවන අතර බෙල්ජියම එහි පස්වන ස්ථානය හිමිකරගෙන සිටී.

තවදුරටත් ස්පාඤ්ඤය ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් ශ්‍රේණිගත කිරීම්වල 6 වන ස්ථානයත්, ස්විස්ටර්ලන්තය ස්ථාන තුනක් ඉදිරියට පැමිණෙමින් එහි 8 වන ස්ථානයත් හිමිකර ගැනීමට සමත්ව ඇත. ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ‘play-off’ තරග වටයේ ලබාගත් ජයග්‍රහණ පදනම් කර ගනිමින් ඩෙන්මාර්කය (12), ක්‍රොඒෂියාව (17) සහ ස්වීඩනය (18) ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන 20 අතරට පැමිණීමට සමත් වී ඇත.

තරග විනිසුරුවරුන් වැඩ වර්ජනයක?

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) විසින් තරග විනිසුරුවරුන් හට තරගවලට අදාළ තරග මුදල් ගෙවීමට අපොහොසත්…

ලෝක ශූරතාවය සිව්වරක් ජයග්‍රහණය කර ඇති ඉතාලියට එරෙහිව ලබාගත් ජයග්‍රහණයත් සමඟ මෙම ශ්‍රේණිගත කිරීමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට සමත්ව ඇත්තේ ස්වීඩනය යි. එම ලබාගත් පරාජයත් සමඟ ඉතාලියට වසර 60කට අනතුරුව ලෝක කුසලාන තරගාවලියක් සඳහා සහභාගී වීමේ අවස්ථාව ගිලිහී ගියත් ඔවුන් ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් එහි 14 වන ස්ථානය හිමිකරගෙන ඇත. එමෙන්ම මෙම නව ශ්‍රේණිගත කිරීම්වලට අනුව බ්‍රසීලය සහ ජර්මනිය සමඟ පැවති තරග ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟ එංගලන්තය වසර 17කින් ලබාගත් පහළම ස්ථානය වන 15 වන ස්ථානයට පත්වී ඇත.

කෙසේ නමුත් මෙම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන 20 අතර සිටින චිලී රාජ්‍යය (10), ඉතාලිය (14), වේල්සය (19) සහ නෙදර්ලන්තය (20) යන කණ්ඩායම් හතර එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූයේ නැත. අප්‍රිකානු සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී දකුණු අප්‍රිකාව දෙවරක් පරාජයට පත් කිරීමත් සමඟ සෙනෙගල් රාජ්‍යය ස්ථාන 9ක් ඉදිරියට පැමිණෙමින් 23 වන ස්ථානය දක්වා උසස් වීමක් ලබාගෙන ඇත.

ඔවුන් මෙවර ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගත්තේ 2002 වසරෙන් පසුව වන අතර තවදුරටත් ඔවුන් අප්‍රිකානු කලාපය තුළ සිටින ඉහළම ශ්‍රේණිගත කිරීම හිමි කණ්ඩායම ලෙස ටියුනීසියාව හිමිකරගෙන සිටි ස්ථානය ද උදුරා ගැනීමට සමත්ව ඇත. නව ශ්‍රේණිගත කිරීමට අනුව ටියුනීසියාව ද එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 27 වන ස්ථානය හිමිකරගෙන ඇත. තවදුරටත් මෙවර ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වූ ඇමෙරිකා එක්සත් ජනපදය ද ස්ථාන තුනක් ඉදිරියට පැමිණෙමින් 24 වන ස්ථානය හිමිකරගෙන ඇත.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට