ලෝක ශූර රොනාල්ඩෝගේ හා මෙසීගේ සිහින පළමු දිනම බිඳ වැටේ

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය

1018

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයේ තරග ඊයේ (30) ආරම්භ වූ අතර 16 දෙනාගේ වටය ආරම්භ කරමින් පැවති තරගයේ දී දී සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීගේ ආර්ජෙන්ටිනාව ගෝල 4-3ක් ලෙස පරාජය කිරීමට ප්‍රබල ප්‍රංශය සමත් විය. දෛවයේ සරදමකට මෙන් දිනයේ දෙවන තරගය සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝගේ පෘතුගාලයත් ප්‍රබල උරුගුවේ දේශයත් අතර පැවති අතර ගෝල 2-1ක් ලෙස මෙසීගේ අඩිපාරේම රොනාල්ඩෝත් නැවත පෘතුගාලයට හරවා යවන්නට එඩින්සන් කවානි ප්‍රමුඛ උරුගුවේ ක්‍රීඩකයෝ සමත් වූහ.

කොලොම්බියාවේ පිහිටෙන් ජපානය මීළඟ වටයට; අවසන් ජයග්‍රහණ බෙල්ජියමට සහ ටියුනීසියාවට

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු වටයේ අවසාන තරග සඳහා H කාණ්ඩයේ කණ්ඩායම් …

ඒ අනුව ආර්ජෙන්ටිනාව හා පෘතුගාලය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වන අතර මෙසී හා රොනාල්ඩෝ යන ක්‍රීඩකයින්ගේ වයස ද සලකා බැලූ විට බොහෝ විට මේ ඔවුන් දෙදෙනාගේ අවසාන ලෝක කුසලානය වනු ඇත.

කවානිගේ සංදර්ශනය පෘතුගාලයේ බලාපොරොත්තු සුන් කරයි

දිනයේ දෙවන තරග ලෙස සෝචි හි Fisht ක්‍රීඩාංගණයේ දී මේ තරගය පැවැත්වුණු අතර කවානිගේ විශිෂ්ට ගෝල ද්විත්වය නිසා උරුගුවේ කණ්ඩායමට අර්ධ අවසාන පූර්ව වටයට පිවිසීමට වරම් හිමි විය.

තරගය ආරම්භ වීමත් සමඟම උරුගුවේ ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර Suarez යොමු කළ හරස් පන්දු යොමු කිරීමක්, විශිෂ්ට ධාවනයක යෙදෙමින් පෘතුගාල චතුරශ්‍රයට පිවිසුණු එඩින්සන් කවානි අලංකාර ලෙස සිය හිසෙන් දැල තුලට යොමු කළේ ගෝල රකින්නාට සිතා ගැනීමටවත් ඉඩක් නොතබාය.

කවානි කිසිවෙකු නොසිතූ පරිදි පළමු මිනිත්තුවේ සිටම සිය ආධිපත්‍ය පිටිය පුරා විහිදුවේය

මේ ලෝක කුසලාන තරගාවලිය පුරා උරුගුවේ ක්‍රීඩකයින් ප්‍රතිවාදීන්ට කිසිදු ගෝලයක් ලබා නොදුන් ප්‍රබල ආරක්ෂක කණ්ඩායමක් වූ අතර පළමු අර්ධයේ පෘතුගාලයට හිමි වූ එකම ආසන්න අවස්ථාව නිදහස් පහරක් වූ අතර සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ එම අවස්ථාව සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත.

සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ හට අද වාසනාව තිබුණේ නැත

පළමු අර්ධය: උරුගුවේ 01 00 පෘතුගාලය

දෙවන අර්ධයේ අධිෂ්ඨානශීලීව පිටියට පිවිසුණු පෘතුගාල ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණය කිහිපයක් දියත් කළ අතර 55 වන මිනිත්තුවේ දී Raphael Guerreiro එවූ පන්දු යොමු කිරීමක් PEPE අලංකාර ලෙස ගෝල රාමුව තුලට එල්ල කළේ උරුගුවේ දේශයට එරෙහිව මෙවර ලෝක කුසලානයේ පළමු ගෝලය වාර්තා කරමිනි.

PEPE බලාපොරොත්තු ගෙනාවේය

කල් නොයාවම නැවත ක්‍රියාත්මක වූ කවානි 62 වන මිනිත්තුවේ දීර්ඝ පන්දු යොමු කිරීමක් අලංකාර ලෙස ගෝල රාමුවෙන් වම් පස දී ලබාගෙන විශිෂ්ට කවාකාර ප්‍රහාරයකින් පෘතුගාල ගෝල රකින්නා වන Rui Patricio පසුකරමින් දැල තුලට යොමු කළේ ඉතා අපහසු කෝණයකින්ය.

කවානිගේ දෙවන ගෝලය ඔහුගේ දක්ෂතාව මැනවින් කියාපාන අලංකාර ගෝලයක් විය

ඒ ගෝලයත් සමඟ පෘතුගාලය දැඩි පීඩනයකට නතු වූ අතර තරගය අවසාන වන තුරු උත්සහ කළ ද පෘතුගාලයට ගෝලයක් වාර්තා කර ගැනීම සඳහා අවස්ථාවක් ලැබුණේ නැත. ඒ අවස්ථාවක දී උරුගුවේ ගෝල රකින්නාට මග හැරුණු පන්දුව පෘතුගාල ක්‍රීඩකයෙකුගේ දෙපතුල අසලටම වැටුනත්, ඔහුගේ ක්ෂණික ප්‍රහාරය ගියේ පිටියෙන් ඉවතටය. Diego LAXALT දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් පෘතුගාල ආසන්න අවස්ථා කිහිපයක්ම නැවැත්වුයේ උරුගුවේ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය කරා රැගෙන යාමට දායක වෙමිනි.

අවසන් ලකුණු තත්වය: උරුගුවේ 02 01 පෘතුගාලය

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

  • උරුගුවේ – කවානි 7’, 62’
  • පෘතුගාලය – පෙපේ 55’

අලිරේසා බේරන්වැන්ඩ්; පාරේ නිදා ගැනීමේ සිට රොනාල්ඩෝගේ දඬුවම් පහරක් නැවැත්වීම දක්වා

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී ඉරාන කණ්ඩායමට තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්ව යාමට සිදුවූවත්, ඔවුන් එහි දී ඉහළ දස්කම් දක්වන්නට සමත් විය.

MBAPPE, ලයනල් මෙසීගේ ලෝක කුසලාන සිහිනය විනාශ කරයි

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටය ආරම්භ කරමින් ප්‍රබල ප්‍රංශ කණ්ඩායමත්, සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීගේ ආර්ජෙන්ටිනාවත් Kazan හි Kazan ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර ගෝල 4-3ක් ලෙස විශිෂ්ටයාගේ ලෝක කුසලාන සිහිනයට තිත තබන්නට ප්‍රබල ප්‍රංශය සමත් විය.

නවතම රතු, කළු සහ සුදු පැහැති පන්දුවකින් අද සිට 16 දෙනාගේ වටය ක්‍රියාත්මක වන අතර නව පන්දුවට පළමු තරගයේ දී ම විශිෂ්ටයෙකුගේ කඳුළු එකතු වූ අතරම නැගී එන යොවුන් ක්‍රීඩකයෙකුගේ දක්ෂතාවලින් වාර්තා වූ ගෝල දෙකක් ද ඊට එක්විය. ගෝල හතක් හා කහ කාඩ්පත් හයක් වාර්තා වූ මේ සුපිරි තරගයෙන් අනතුරුව ප්‍රංශ කණ්ඩායම අර්ධ අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

තරග ආරම්භයත් සමඟම ප්‍රංශ ක්‍රීඩකයෝ ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර ආරම්භයේ දී ම ලැබුණු නිදහස් පහරක් සාර්ථක කර ගැනීම සඳහා Griezmann උත්සහ කළ ද එම උත්සාහය ගෝල රාමුවේ වැදී ඉවත ගියේය.

ප්‍රංශ ක්‍රීඩකයෝ පළමු මිනිත්තුවේ සිටම ආර්ජෙන්ටිනා ක්‍රීඩකයින්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළහ

MBAPPE ආර්ජෙන්ටිනා ක්‍රීඩකයින් නොමග යවමින් විශිෂ්ට ධාවනයක නිරත වූ අතර MARCOS ROJO විසින් ඔහුව අනවශ්‍ය බාධා කිරීමක් කරමින් නතර කළ නිසා 11 වන මිනිත්තුවේ දී ප්‍රංශයට දඬුවම් පහරක් හිමි විය.

MBAPPEගේ විශිෂ්ට ධාවනය ප්‍රංශයට පළමු දඬුවම් පහර දිනා දුන්නේය

GRIEZMANN 13 වන මිනිත්තුවේ දී අලංකාර ලෙස එම දඬුවම් පහර සාර්ථක කර ගත්තේ ප්‍රංශයට තරගය මුල දී ම වාසියක් හිමිකර දෙමිනි.

MBAPPE අද තරග පුරා විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ අතර ආර්ජෙන්ටිනා ආරක්ෂක ක්‍රීඩකයින්ට ඔහුව නැවැත්වීමට විශාල වෙහෙසක් දැරීමට සිදු විය. පළමු අර්ධයේ අවසානය වන තෙක් ප්‍රංශයට නැවත ගෝල රැස්කර ගැනීමට අවස්ථාවක් හිමි නොවූ අතර 41 වන මිනිත්තුවේ DI MARÍA දඬුවම් පහර චතුරශ්‍රයේ ඈත කොනක සිට Hugo Lloris පසුකරමින් අලංකාර ලෙස පන්දුව දැල තුලට යන සේ ප්‍රහාරයක් එල්ල කළේ ආර්ජෙන්ටිනාවට වටිනා ගෝලයක් හිමි කර දෙමිනි.

MARÍA ආර්ජෙන්ටිනාව වෙනුවෙන් පළමු ගෝලය රැස් කළේ ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමිනි

පළමු අර්ධය: ආර්ජෙන්ටිනාව 01 – 01 ප්‍රංශය

දෙවන අර්ධයේ පෙරළි රැසක් සිදු වූ අතර ආර්ජෙන්ටිනා ආරක්ෂක වළල්ල මිනිත්තු කිහිපයක් ඇතුලත තුන් වතාවක්ම බිඳ වැටීම කැපී පෙනුණි.

දෙවන අර්ධය ආරම්භයත් සමඟ ආර්ජෙන්ටිනා ක්‍රීඩකයින් ක්‍රියාත්මක වූ අතර සුපිරි ක්‍රීඩක මෙසීගේ ප්‍රහාරයකට නොදැනුවත්ව වුවත් සිය පාදය යොමු කළ MERCADO පන්දුව යන මාවතෙන් වෙනස් කර දැල වෙත යොමු කළේ දෙවන අර්ධය ආරම්භයේම ආර්ජෙන්ටිනාවට පෙරමුණ රැගෙන දෙමිනි.

MERCADO අත්වැරදීමකින් වුවත් ආර්ජෙන්ටිනාව පෙරමුණට ගෙනාවේය

අනතුරුව එළඹුණේ MBAPPEගේ ගෝල සංදර්ශනය හා ආර්ජෙන්ටිනා ආරක්ෂක වළල්ලේ අදහාගත නොහැකි බිඳ වැටීමයි.

57 වන මිනිත්තුවේ දී Lucas Hernandezගේ ප්‍රහාරයක් ආර්ජෙන්ටිනා ආරක්ෂක ක්‍රීඩකයින් විසින් වළක්වනු ලදුව නැවත දඬුවම් පහර චතුරශ්‍රයෙන් පිටතට පැමිණි අතර පිටියේ සෑහෙන දුරක සිට දිව ආ ප්‍රංශ ආරක්ෂක ක්‍රීඩක PAVARD විශිෂ්ට ප්‍රහාරයකින් කලකට අමතක නොවන අලංකාර ගෝලයක් වාර්තා කළේය.

PAVARDගේ ගෝලයත් සමඟ ආර්ජෙන්ටිනා ආරක්ෂක වළල්ලේ බිඳ වැටීම ආරම්භ විය

64 වන මිනිත්තුවේ දී ආර්ජෙන්ටිනා ආරක්ෂක වළල්ල මග හරිමින් Kylain Mbappe ලබාගත් පන්දු යොමු කිරීමක් ඔහු විසින් අලංකාර ලෙස ග්‍රහණය කරගෙන විශිෂ්ට ලෙස දැල තුලට යොමු කළේ Franco Armani ප්‍රමුඛ ආර්ජෙන්ටිනා ආරක්ෂක වළල්ල සම්පූර්ණයෙන් බිඳ වට්ටමිනි.

Mbappe නැවත් වීමට ආර්ජෙන්ටිනා දුර්වල ආරක්ෂක වළල්ල සමත් වූයේ නැත

ඉතා ඉක්මනින් නැවතත් ක්‍රියාත්මක වූ MBAPPE මිනිත්තු හතරක ඇවෑමෙන් නැවත වතාවක් සුපිරි දස්කමක් පෙන්වමින් උන් හිටි තැන අහිමිව ගිය ආර්ජෙන්ටිනා ආරක්ෂක වළල්ල මැදින් Olivier Giroud එවූ පන්දුව අලංකාර අවසානයකට ගෙන ගියේ සුපිරි ක්‍රීඩක මයිකල් ඔවෙන්ට පසු ලෝක කුසලාන තරගයක ගෝල ද්විත්වයක් වාර්තා කළ පළමු වයස අවුරුදු 19ට අඩු ක්‍රීඩකයා බවට පත් වෙමින්.

Mbappe මෙසීගේ සිහින සෑහෙන ඈතකට පා කර හරින්නට සමත් විය

සුපිරි ක්‍රීඩකයාගේ අවසාන ලෝක කුසලානය විය හැකි මේ ලෝක කුසලානයේ මීළඟ වටයට පිවිසීමට නම් තවත් ගෝල දෙකක් අවශ්‍යව තිබුණු අතර ප්‍රබල ආර්ජෙන්ටිනා උත්සහයන් කිහිපයක්ම වඩා සංවිධානාත්මකව ක්‍රීඩා කළ ප්‍රංශ ආරක්ෂකයෝ ආරක්ෂා කළ නමුත් මොහොතකට, ඉතා සුළු මොහොතකට ආර්ජෙන්ටිනා බලාපොරොත්තු දල්වමින් Sergio Aguero ආර්ජෙන්ටිනා තෙවන ගෝලය වාර්තා කළේ 90+3 මිනිත්තුවේ දී ය.

මොහොතකට බලාපොරොත්තු දැල් වුනත් කාලය ඔවුන් සතුව නොතිබුණි

කෙසේ වෙතත් අවසන් තත්පරයේ ක්‍රීඩකයින්ගේ උණුසුම් වචන හුවමාරු මධ්‍යයේ ආර්ජෙන්ටිනාව මෙවර අවසාන වතාවට සිය උපරිම උත්සාහයෙන් ආක්‍රමණයක් දියත් කළත්, ආර්ජෙන්ටිනා ක්‍රීඩකයෙකු හිසෙන් එල්ල කළ ප්‍රහාරය ගෝල රාමුවේ ඉහළින් පියාසර කළේ ආර්ජෙන්ටිනා සිහින ද සමඟිනි.

අවසන් ලකුණු තත්වය: ආර්ජෙන්ටිනාව 03 – 04 ප්‍රංශය

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • ප්‍රංශය – GRIEZMANN 13′ PEN, PAVARD 57′, MBAPPE 64′,MBAPPE ,68′
  • ආර්ජෙන්ටිනාව – DI MARÍA 41′ , MERCADO 48′, KUN AGUERO 90’+3′

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<