පාපන්දු ශූරයන්ගේ ත්‍යාග මුදල් ඉහලට

283
FA Cup 2016

2016/17 කාගිල්ස් ෆුඩ් සිටි පාපන්දු කුසලානයේ ශූරයන්ට පිදෙන ත්‍යාග මුදල රු. මිලියනයක් දක්වා වැඩි වන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මාධ්‍ය සහ මුල්‍ය අංශ ප්‍රධානී රන්ජිත් රොද්‍රිගෝ මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ තරඟාවලියේ සමාරම්භයට පෙර “පාපන්දු නිවහනේදී” පැවති මාධ්‍ය හමුවකදී නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පසුගිය ලිපි: කාගිල්ස් ෆුඩ් සිටි FA කුසලානය සිව්වන වරටත්

ඒ ප්‍රශ්නයටම පිළිතුරු ලබාදෙමින් කාගිල්ස් ආයතනයේ කාර්ය භාර ප්‍රධානී ධම්මික ගුරුගේ මහතා,

“මේ ක්‍රියාන්විතයේදී අප පාපන්දු සම්මේලනය සමඟ සම්බන්ධ වෙනවා. අපි විශාල මුදලක් තරඟාවලිය වෙනුවෙන් ආයෝජනය කරනවා වගේම ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරනවා.”යැයි පැවසීය.

කෙසේවෙතත් රොද්‍රිගෝ මහතා ඊට ලබාදුන්නේ සෘජු පිළිතුරක්.

අපි මේ වසර සඳහා ඒ මුදල වැඩිකළේ නැහැ. නමුත් ලබන වසරේදී එය රු. මිලියනයක් දක්වා වැඩි කරන බව මේ ස්ථානයේදී තහවුරු කරන්න පුළුවන්.”

අවසන් වසර 3 තුළදීම දැනට ජයග්‍රාහකයන් වෙත පිදෙන රු. 700,000ක මුදල නොවෙනස්ව පැවති අතර ඒ පිළිබඳ ක්‍රීඩා සංගම් වලින් සහ මාධ්‍ය වෙතින් විවේචන එල්ල වී තිබුණේ මෙය දිවයිනේ මුල් පෙලේ තරඟාවලියක් බැවිනි. ජයග්‍රාහකයන්ගේ ත්‍යාග මුදල වැඩිවේ නම් අනු ශූරයන්ගේ ත්‍යාග මුදලද වැඩි වන බව නිගමනය කළ හැක.

තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට