රෝද පුටුවෙන් රියාල් මැඩ්රිඩ් දක්වා

232

ෆර්ලැන්ඩ් මෙන්ඩි හට රියාල් මැඩ්රිඩ් පාපන්දු සමාජයෙන් වසර 6ක පාපන්දු කොන්ත්‍රාත්තුවක් හිමිව තිබෙනවා. නමුත් වයස අවුරුදු 15 දී රෝද පුටුවකට වැටුණු ඔහු රියාල් මැඩ්රිඩ් කරා ආ ගමන සුරංගනා කතාවක් වගේ විචිත්‍ර එකක්.

දැන් ඔහුට වයස අවුරුදු 24යි. ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයෙකු වන මෙන්ඩි හට ලැබී ඇති ඔහුට ලැබී තිබෙන සය අවුරුදු කොන්ත්‍රාත්තුවේ වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් මිලියන 47.1ක්.

Video – ජම්බෝල ගෙඩියෙන් පාපන්දු උගත් ලොව විශිෂ්ටතමයා – Pele

“පේලේ” යන නාමයෙන් හැඳින්වුණු එඩිසන් නසිමෙන්තෝගේ පාපන්දු කතාව.

ඔහුට වයස අවුරුදු 15 දී ඔහුගේ උකුල ආශ්‍රිතව ශල්‍යකර්මයක් සිදු කර තිබෙනවා.

මම පොඩි කාලයකට රෝද පුටුවටත් වැටුණා. නැවත ඇවිදීමට හුරුවෙනකම් මාස හය හතක් රෝහල්ගත වෙලත් හිටියා.” මෙන්ඩි මෙසේ පවසන්නේ BBC මාධ්‍යයටයි.

ඔවුන් මට කිව්වේ ආයේ කවදාවත් මට පාපන්දු ක්‍රීඩා කරන්න බෑ කියලා. නමුත් දැන් මම රියාල් මැඩ්රිඩ් එකේ.”

මීට වසර දෙකකට පෙර ඔහු ක්‍රීඩා කරමින් සිටියේ ප්‍රංශ දෙවැනි පෙළ පාපන්දු සමාජයකයි. 2017 දී ප්‍රංශයේ ලියෝන් කණ්ඩායම දක්වා පැමිණීමට ඔහු සමත් වුනා. ඉන් මාස 5ක් ගතවෙද්දී, එනම් 2017 නොවැම්බරයේ දී ඔහු ප්‍රංශ ජාතික කණ්ඩායමට ඇතුළත් වුනා.

Video – පාපන්දු කණ්ඩායමේ හදවත බඳු – Zinedine Zidane

සිනෙඩින් සිඩාන්ගේ ක්‍රීඩා දිවිය ගැන…

දැන් ඔහු ක්‍රීඩා කරන්නේ ලොව මිල අධිකම පාපන්දු සන්නාමයක් සහ ධනවත්ම කණ්ඩායමක් වන රියාල් මැඩ්රිඩ් සමඟයි.

මුලදී නම් මට ඒක විශ්වාස කරන්නත් බැරි වුනා. මේක ශ්‍රේෂ්ඨ ක්‍රීඩා සමාජයක්. ඔවුන් එක්ක කොන්ත්‍රාත්තුවක් අත්සන් කරන්න ලැබීම නම් මට හිතාගන්නවත් බෑ වගේම අරුම පුදුමයි. මගේ සතුට ඉහවහා ගිහින් තියෙන්නේ. මම බලාපොරොත්තු වෙනවා මෙහෙදී හැමදේම හරියට වෙයි කියලා.” මෙන්ඩි තමන්ගේ සතුට ප්‍රකාශ කළේ එහෙමයි.

ඔහුට අමතරව බ්‍රිතාන්‍ය පවුම් මිලියන 150කට පමණ බෙල්ජියානු පාපන්දු ක්‍රීඩක ඊඩ්න් හැසාර්ඩ් සහ බ්‍රිතාන්‍ය පවුම් මිලියන 53කට සර්බියානු ඉදිරිපෙළ ප්‍රහාරක ලූකා ජොවිච් රියාල් මැඩ්රිඩ් කණ්ඩායමට එකතු වෙලා තියෙනවා.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<