දකුණු අප්‍රිකා දඟපන්දු යවන්නෙකු හදිසියේ පිටව යයි

761
Tabraiz Shamsi

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා මෙරටට පැමිණි දකුණු අප්‍රිකානු දඟපන්දු යවන ක්‍රීඩක තබ්‍රයිස් ශම්සි පුද්ගලික හේතුවක් මත තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

දකුණු අප්‍රිකානුවන්ට වැඩ පෙන්වූ දිමුත්ට උසස්වීමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (15) නිකුත් කළ නවතම ටෙස්ට් පිතිකරුවන්..

ගාලු ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 278කින් පරාජයට පත්විය. එම ටෙස්ට් තරගයේ පළමු ඉනිම තුල ශ්‍රී ලංකා කඩුලු 3ක් දවා ගත් වමතින් දඟපන්දු යවන ශම්සි හට දෙවන ඉනිමේ දී දවා ගැනීමට හැකි වූයේ එක් කඩුල්ලක් පමණි.  

කෙසේ නමුත් පුද්ගලික හේතුවක් නිසාවෙන් ශම්සි හදිසියේම මව් රට බලා පිටත්ව යාටම තීරණය කිරීමත් සමඟම ලබන 20 වැනිදා කොළඹ SSC පිටියේ දී ආරම්භ වන  දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතයේ සිටින කේශව් මහරාජ් හට හා ජාත්‍යන්තර ටෙස්ට් වරම් නොලද ක්‍රීඩක ෂෝන් වොන් බර්ග් මත වැඩි බරක් පැටවෙනු ඇත.

පා දඟපන්දු යවන ෂෝන් වොන් බර්ග් පළමු පෙළ ක්‍රිකට් තරග 96කට ක්‍රීඩා කරමින් කඩුලු 345ක් දවාගෙන ඇති අතර ඔහුගේ කඩුලු  දවා ගැනීමේ සාමාන්‍යය 28.31ක් පමණ වේ. ශම්සි සිය රට බලා පිටත්ව යාම නිසා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ෂෝන් වොන් බර්ග් හට පළමු වතාවට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ටෙස්ට් වරම් හිමිවීමට වැඩි ඉඩකඩක් ඇත.

කෙසේ නමුත් දඟපන්දු යවන තබ්‍රයිස් ශම්සි හදිසියේම ලබාගත් මේ තීරණය නිසා ඒ සඳහා ආදේශකයක් නම් කිරීම පිළිබඳව දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<