ගෙදර ගිය ද. අප්‍රිකා දඟයා නැවතත් ශ්‍රී ලංකාවට

1040

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා මෙරටට පැමිණි දකුණු අප්‍රිකානු දඟපන්දු යවන ක්‍රීඩක තබ්‍රයිස් ශම්සි තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළ නමුත් ඔහු අද (18) නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව දැනගන්නට ලැබේ.

දකුණු අප්‍රිකා දඟපන්දු යවන්නෙකු හදිසියේ පිටව යයි

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා මෙරටට පැමිණි…

වමතින් දඟපන්දු යවන තබ්‍රයිස් ශම්සි පසුගිය 16 වැනිදා පුද්ගලික හේතුවක් මත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්ව දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය නමුත් ඔහු එම කටයුත්ත අවසන් කර නැවතත් අද දිනයේ දී ශ්‍රී ලංකාවට පැමිණි බව  දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් සඳහන් කළේය.

ගාලු ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 278කින් පරාජයට පත්වූ අතර එම ටෙස්ට් තරගයේ පළමු ඉනිම තුල ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3ක් දවා ගත් වමතින් දඟපන්දු යවන ශම්සි හට දෙවන ඉනිමේ දී දවා ගැනීමට හැකි වූයේ එක් කඩුල්ලක් පමණි.  

කෙසේ නමුත් ඔහුගේ නැවත පැමිණීමත් සමඟ අනිද්දා (20) කොළඹ SSC පිටියේ දී ආරම්භ වන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඔහුව තෝරා ගැනීමට එරට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට අවස්ථාව ලැබේ.

වමතින් තබ්‍රයිස් ශම්සිට අමතරව කේශව් මහරාජ් හා ජාත්‍යන්තර ටෙස්ට් වරම් නොලද ක්‍රීඩක ෂෝන් වොන් බර්ග් ශ්‍රී ලංකාවට පැමිණි දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතයේ අන්තර්ගතව සිටින අනෙක් දඟපන්දු යවන්නන් වේ.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අනිද්දා (20) කොළඹ SSC ක්‍රිකට් පිටියේ දී ආරම්භ වෙන අතර තරගයේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා, ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<