ලෝක කුසලානයේ පරාජය නොවුනු පිය සෙනෙහස

84

ස්කොට්ලන්ත රග්බි ක්‍රීඩක විලෙම් නෙල් සිය පවුලෙන් වෙන්ව ක්‍රීඩා කිරීමට සිදුවීම නිසා කනස්සල්ලෙන් පසුවීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණි. 

දකුණු අප්‍රිකානු පීඩනය හමුවේ ඉතාලිය අසරණයි!

2019 රග්බි ලෝක කුසලානයේ B කාණ්ඩයේ තවත් තරගයක්……

2019 රග්බි ලෝක කුසලාන ස්කොට්ලන්ත කණ්ඩායම නියෝජනය කරන නෙල් හට මෙම තරග කාලය විශාල බලපෑමක් කරනු ඇතැයි බොහෝ දෙනාගේ මතය වී තිබුණි. කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නෙල් පවසා සිටියේ මෙම සිදුවීම “මානසික යුද්ධයක්” බවත් එය මෙම ක්‍රීඩාවේම කොටසක් බවත්ය. 

විලෙම් නෙල් දකුණු අප්‍රිකාවේ උපත ලැබූ අතර මේ වන විට 33 හැවිරිදි ක්‍රීඩකයෙකි. ස්කොට්ලන්ත කණ්ඩායමේ ඉදිරිපෙළ ප්‍රොප් ක්‍රීඩකයෙකු ලෙස තම වගකීම ඉටු කරන නෙල් ස්කොට්ලන්ත කණ්ඩායමේ ඉදිරිපෙළ ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් දක්වයි. නෙල් දරුවන් තිදෙනෙකුගේ පියෙකු ද වේ. ඔහුගේ දරුවන් වන හෙන්‍රි 9 හැවිරිදි වන අතර ඇබෙලා දියණිය පස් හැවිරිදි වේ. ඔහුගේ තුන්වැනි දියණිය කයිලා උපත ලැබුවේ පසුගිය ජූලි මාසයේ දී ය. 

“මගේ පවුල නැති පාඩුව මට ගොඩක් දැනෙනවා. මට ඔවුන් එක්ක ඉන්න අවශ්‍යයි. ඒත් අපි කණ්ඩායමක් විදිහට ගොඩක් සමීපයි. අපි එකිනෙකාට උදව් කරනවා.” නෙල් පවසා සිටියා. 

“වෙලාවකට දුරකථන ඇමතුම් ගොඩක් අමාරුයි. දරුවන් ගොඩක් හැඟීම්බර වෙනවා. ඒවා ගොඩක් දිග වෙනවා. ඒත් මේක මගේ රැකියාව.” 

“මම ගෙදර ඉද්දී සති අන්තයක් පිට හිටියත් එයාලට ගොඩක් අමාරු වෙනවා. දරුවන්ට ඒක අමාරුයි. ඔවුන් කැමති නෑ ඒකට. ඒත් අපි කොහොම හරි ඒවට හුරුවෙන්න ඕන. ඒක මේ ගේම් එකේ කොටසක්. ඔවුන් නිසා තමයි මම ක්‍රීඩා කරන්නේ. ඔවුන් වෙනුවෙන්, කණ්ඩායම වෙනුවෙන්.” 

ස්කොට්ලන්ත කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ප්‍රබල උත්සාහයක නිරත වී සිටින අතර ඔවුන් පසුගිය තරගයේ දී සැමෝවා කණ්ඩායම ලකුණු 34-00ක් ලෙස පරාජය කළ අතර මීළඟ තරගය සඳහා රුසියාව සමඟින් එළඹෙන බදාදා තරග වැදීමට නියමිතය. 

සීමා ඉරක් ඇඳ හික්මීමෙන් නැරඹිය යුතු ජපානයේ රග්බි ලෝක කුසලානය

පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන විට ඔබේ ජංගම දුරකථනයෙන් ඇමතුම් ගන්න තහනම්? හ්ම්ම්ම්ම් ඔව්!…..

“මීළඟ තරගය තියෙන්නේ බදාදා. හෙන්‍රි හා ඇබෙලා පාසල් ගිහින් සිටීවි. සැමෝවා තරගය තිබුණේ සඳුදා. මට විශ්වාසයි හෙන්‍රි දැනටමත් ඒක 10 වතාවක් විතර බලලා ඇති. ඔහු මට කියාවි මම කරපු වැරදි මොනවද කියලා.” 

“මට එයාලට තෑගි අරන් යන්න අවශ්‍යයි. මගේ බෑග් හිස් කරගෙන ඒවාට තෑගි දාගන්න වෙනවා. මගේ දුරකථනයේ තියනවා ලැයිස්තු ගොඩක් එයාලා දුන්න. ලොකු ලැයිස්තුවක්. ඒකේ කාර්වල ඉඳන් බෝනික්කෝ වෙනකන් තියනවා.” 

රුසියානු කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්වල 20 වැනි ස්ථානයේ සිටින අතර මෙවර තරගාවලියේ දී A කාණ්ඩය නියෝජනය කරයි. කෙසේ වෙතත් තවමත් රුසියාව එකදු ජයග්‍රහණයක් හෝ ලබාගෙන නොමැති අතර ස්කොට්ලන්ත කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් ලබා දීමට ඔවුන් උත්සාහ කරනු ඇත. 

“ඔවුන්ගේ ෆ්ලෑන්කර් ක්‍රීඩකයා කිරිල් ගොටොව්ට්සෙව් රුසියාව වෙනුවෙන් මල්ලවපොර ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. ඔහු හොඳින් ක්‍රීඩා කරනවා. රුසියානු කණ්ඩායමේ scrum ක්‍රීඩකයන්ගේ නැංගුරම ඔහු. ඔබ දකින්න ඇති scrum අවස්ථාවල දී හැමවෙලේම ක්‍රීඩකයන් ගොඩනැගෙන්නේ ඔහු වටා. ඔහු අපේ පෙර සූදානම්වල දී ප්‍රධාන ඉලක්කයක් වේවි.” නෙල් පවසා සිටියා.

AFP ඇසුරෙනි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<