ප්ලේසිස්ට තරග තහනමක්

459

දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලේසිස් හට එක් ටෙස්ට් තරගයක තරග තහනමක් ලබා දීමට ICC තරග තීරක ඩේවිඩ් බූන් මහතා ක්‍රියාකර තිබේ. තරග තහනමක් හා ඔහුගේ  තරග ගාස්තුවෙන් 10%ක් දඩ ලෙස අය කර ගැනීමට තීරණය කර ඇත්තේ පකිස්තානයට එරෙහිව කේප්ටවුන් හී පැවති ටෙස්ට් තරගයේ දී අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම නිසයි.

>>දකුණු අප්‍රිකානුවෝ කලින්ම තරගය නිමා කරති

ICC තරග තීරක සංගමයේ ඩේවිඩ් බූන් මෙම දඩ හා දඬුවම් නියම කළේ නියමිත කාලය නිමා වන විට දකුණු අප්‍රිකාව එක් පන්දුවාරයක් අඩුවෙන් යවා තිබූ නිසාවෙනි.

ICC ක්‍රීඩක චර්යා ධර්ම සංග්‍රහයේ 2.22.1 කොටසට අනුව, අඩු පන්දුවාර වේගය නිසා යැවීමට නොහැකි වන එක් පන්දුවාරයක් සඳහා ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 10%ක දඩයක් හිමි වන අතර නායකයාට එම දඩ මුදල මෙන් දෙගුණයක් ගෙවීමට සිදුවනු ඇත.

2018 ජනවාරි මාසයේ ඉන්දියාවට එරෙහිව සෙන්චූරියන් හිදී පැවති ටෙස්ට් තරගයේ දී ද දකුණු අප්‍රිකානු නායකයා මේ වරදටම හසු විය.

ඒ අනුව ෆෆ් ඩු ප්ලේසිස් හට පකිස්තානය සමඟ තෙවන ටෙස්ට් තරගය මගහැරෙන අතර එම තරගය එළඹෙන ජනවාරි 11 දා ජොහැන්ස්බර්ග් හිදී පැවැත්වෙනු ඇත.

තරග විනිසුරු වෙත මෙම පැමිණිල්ල සිදු කළේ පිටියේ විනිසුරුවන් වූ Bruce Oxenford ජොඑල් විල්සන් සහ තෙවැනි විනිසුරු වූ සුන්දරම් රවී විසිනි.  

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <