ප්ලෙසිස් සමුගැනීමට සූදානම්?

91

එංගලන්ත – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය දකුණු අප්‍රිකානු ප්‍රබල වේගපන්දු ‍යවන්නෙකු වන වර්නන් ෆිලෙන්ඩර්ගේ අවසන් ටෙස්ට් තරගාවලිය යි. ටෙම්බා බවූමා ද දකුණු අප්‍රිකානු කණ්ඩායමට කැඳවීමට නියමිතය. මේ අතර දකුණු අප්‍රිකානු ක්‍රීඩා ලෝලීන් තරමක් පුදුම කරවන ප්‍රවෘත්තියක් ද ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබිනි. 

වාර්තා රැසක් බිහි වූ තරගයේ ජය එංගලන්තයට

ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුවේ “ලෝක ටෙස්ට් ශූරතාවය……

එංගලන්ත – දකුණු අප්‍රිකා සිව්වන ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදීන් විසින් ෆෆ් ඩූ ප්ලෙසිස්ගෙන් මෙම ටෙස්ට් තරගය ඔහු දකුණු අප්‍රිකාව තුළ ක්‍රීඩා කරන අවසන් තරගය දැයි අසා තිබිනි. එයට පිළිතුරු දෙමින් ෆෆ් කියා සිටියේ “ඔව්. එහෙම වේවි. එහෙම වෙන්න ලොකු අවස්ථාවක් තියනවා.” යනුවෙනුයි. 

වර්නන් ෆිලෙන්ඩර් තම සමුගැනීම තරගාවලියට පෙර නිවේදනය කර තිබිනි. පළමු පෙළ තරගාවලියේ දී ටෙම්බා බවූමා දැක්වූ දක්ෂතා කණ්ඩායම තුළ ඔහුගේ ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය. 

නමුත් ෆෆ් ඩූ ප්ලෙසිස්ගේ සමුගැනීම ජාත්‍යන්තර මාධ්‍ය වෙත නවතම ප්‍රවෘත්තියක්ව ඇත. දකුණු අප්‍රිකාව ඔවුන් අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරග 8 න් තරග 7 ක්ම පරාජය වී ඇති බැවින් ප්ලෙසිස්ගේ නායකත්වය පිළිබඳව බොහෝදෙනාගේ කතාබහට ලක්ව තිබිනි. 

ඒ අවම වශයෙන් නායකත්වයට ‍විකල්පයක් නොමැති නිසා නොවේ.  එසේ වුවද, වෙනත් ක්‍රීඩකයෙකුට ඩූ ප්ලෙසිස් වීම පහසු නැත. රටෙන් අඩක්ම ඔහුගේ පිතිකරණය ගැන විවේචනය කිරීමට පටන්ගෙන ඇත. ප්ලෙසිස් තම නවවන ශතකය වාර්තා කළේ ඉනිම් 16 කට පෙරය. අනෙක් ගැටළුව වූයේ ඔහුගේ නායකත්වය යි. ඔහු ඒ සියල්ලෙන් ඉවත්ව ගියහොත් ජීවිතය යහපත් නොවේද? 

“නායකයෙකුට කරන්න පුළුවන් නරකම දේ තරගාවලියක් මැද දී නායකත්වයෙන් ඉවත්වෙන එක. මට සමාවෙන්න. මම යනවා. මට දැන් ඇති. මම හිතන්නේ ඒක නෙමෙයි නායකයෙකුගේ ලක්ෂණ. අමාරු කාලවල් වලදීත් කොහොමහරි ඉන්න එක තමයි කරන්න ඕනේ.” යයි ඩූ ප්ලෙසිස් කියා සිටියේය.  

ඔහුගේ මෙම කතාව ඍජුවම එල්ල කළේ හශීම් අම්ලාට ය. 2016 වසරේ ජනවාරි මාසයේ දී එංගලන්ත සංචාරයක් අතරතුර දී හශීම් අම්ලා නායකත්වයෙන් ඉවත් විය. ප්ලෙසිස් එයට හාත්පසින්ම වෙනස් මගක් තෝරා ගෙන ඇත. 

“මට දැනෙනවා කණ්ඩායමට අවශ්‍ය වෙලා තියෙන්නේ අමාරු වෙලාවල් වලදී ඔවුන් එක්ක ඉඳලා ඔවුන්ට මඟ පෙන්වන නායකයෙක්. කණ්ඩායමට මාව අවශ්‍යම වෙලාවේ මම යන එක හොඳ නෑ. ඒක මගේ විදිහ නෙමෙයි. මම ක්‍රීඩකයෙක් විදිහට ගොඩක් අමාරු කාල පසු කරලා තියනවා. ලොකු පීඩනයක් එක්ක ක්‍රීඩා කරලා තියනවා. මම මගේ හොඳම ඉනිම් ක්‍රීඩා කරලා තියෙන්නේ අමාරු කාල වලදී. මම හිතන්නේ ඒකෙන් පේන්නේ මම මේ වෙලාවේ කණ්ඩායම දාලා යන එක හොඳ නෑ කියලා. කණ්ඩායමේ නායකයා විදිහට මට ඒක කවදාවත්ම කරන්න බෑ. ඒක මගේ චරිතයට හොඳ නෑ. දැනට අපිට අවශ්‍ය ඒක. මම දැන් ඉවත් වුනොත් ඒක තමයි නරකම දේ වෙන්නේ.” 

ෆෆ් ඩූ ප්ලෙසිස්ගේ මේ කතාවන් සත්‍ය වුවද එය බොහෝදෙනාට ප්‍රශ්නාර්ථයක් මතු කර ඇත. ෆෆ් ඩූ ප්ලෙසිස් සැබැවින්ම ටෙස්ට් ක්‍රීඩාවට කෙතරම් යෝග්‍ය දැයි බොහෝදෙනා විමසන කරුණකි. 

මතීෂ පතිරණ ලොව වේගවත්ම පන්දුවේ වාර්තාව අලුත් කළා ද?

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ……….

2019 වසරේ එංගලන්තය සමඟ පැවති තරගාවලියට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් මෙම තරගාවලියේ දී වාර්තා කර ඇත්තේ ක්වින්ටන් ඩි කොක් පමණි. “බොක්සිං ඩේ” ටෙස්ට් තරගයෙන් අනතුරුව දකුණු අප්‍රිකාව වෙනුවෙන් දක්ෂතා අතරට පැමිණ ඇත්තේ ක්වින්ටන් ඩි කොක්, ඩීන් එල්ගාර්, රසී වැන් ඩ ඩුසේන්, වර්නන් ෆිලැන්ඩර් සහ පීටර් මාලන් පමණි. 

ෆෆ් ඩූ ප්ලෙසිස් අවසන් වරට ටෙස්ට් ශතකයක් වාර්තා කළේ 2019 වසරේ ජනවාරි මාසයේ දී පාකිස්තානයට එරෙහිවය. ඉන් අනතුරුව ඔහු ක්‍රීඩා කළ ටෙස්ට් තරග වල ලකුණු සාමාන්‍ය 30.33 ක් වන අතර එය ඔහුගේ සාමාන්‍ය වන 40.23 ට වඩා ලකුණු 10 ක අඩුවකි. එම කාලය තුළ ප්ලෙසිස්ගේ එක්දින ලකුණු සාමාන්‍ය 67.83 ක් වන අතර එය සාමාන්‍ය 47.47 ට වඩා ලකුණු 20 ක පමණ දියුණුවක් පෙන්වයි. එම කාලය තුළ විස්සයි විස්ස තරග දෙකකට පමණක් ක්‍රීඩා කර ඇති ප්ලෙසිස් එහිදී ලකුණු 58 ක් සහ 23 ක් වාර්තා කර ඇත. 

“මේ වසරේ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පස්සේ මම ඉන්න තැන ගැන ඇගයීමක් කරනවා. ටෙස්ට් තරග තමයි අපේ හැකියාවන් හරියටම පෙන්වන්න පුළුවන් තැන. මම එකඟ වෙනවා මම එක්දින තරග වලදී තමයි දක්ෂතා අතර ඉන්නේ. එක්දින සහ විස්සයි විස්ස තරග ගැන මට පීඩනයක් නෑ. මොකද මම දක්ෂතා අතර ඉන්න නිසා. ඒත් ටෙස්ට් ක්‍රීඩාවේ දී මගේ දක්ෂතා ප්‍රමාණවත් නෑ. පිතිකරණ කණ්ඩායමක් විදිහට මට ඒ මට්ටමට එන්න බැරිවෙලා තියෙනවා.”  

ෆෆ් ඩූ ප්ලෙසිස් එළඹෙන අඟහරුවාදා නම් කිරීමට නියමිත එක්දින තරග සංචිතයේ නායකත්වයෙන් ඉවත්වනු ඇත. නමුත් ලෝක කුසලානය දක්වා විස්සයි විස්ස නායකත්වයේ රැඳී සිටිනු ඇත. ටෙස්ට් නායකත්වය තවමත් අවිනිශ්චිතය. දකුණු අප්‍රිකානු කණ්ඩායම මීළඟ ටෙස්ට් තරගාවලිය සඳහා ජූලි මාසයේ දී කොදෙව් කණ්ඩායම සමඟින් තරග වැදීමට නියමිතය. 

“මම ලෝක කුසලානය වෙනකම් නායකත්වයේ ඉන්න පොරොන්දු වෙලා තියෙනවා. මේ වසරේ ගොඩක් ටෙස්ට් තරග නෑ. මේ තරගයෙන් පස්සේ ලොකු හිඩසක් තියෙනවා. මම කලින් කිව්වා වගේ මේ තරගයෙන් පස්සේ මම නායකත්වයෙන් ඉවත්වෙලා නවක ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්න හිතාගෙන ඉන්නවා. විශේෂයෙන් එක්දින තරග වලදී. ගොඩක් වෙලාවට කොදෙව් තරගාවලියෙන් පස්සේ මම ටෙස්ට් තරග වලට ක්‍රීඩා නොකරාවි. දැන් කරන්න තියෙන්නේ මානසිකව ශක්තිමත් වෙලා, තරගයට මුහුණ දෙන එක. ලකුණු වලින් මම හොඳ තැනක නැති වුනත් නායකයෙක් විදිහට මගේ වගකීම, මගේ කණ්ඩායම හොඳ මානසිකත්වයකින් අරගෙන ගිහින් ඊළඟ තරගය ජයග්‍රහණය කරන එක.” 

“බවූමා එයාගේ හැකියාවන් පෙන්වලා තියෙනවා. ඔහු අපේ පිතිකරණ ලැයිස්තුවට ශක්තියක් එක් කරාවි. අපිට තවමත් ක්‍රීඩාංගණයේ තත්වය බලන්න බැරි වුනා. වර්නන්ට කඩුලු ලබා ගන්න පුළුවන් තරගයක් අපි බලාපොරොත්තු වෙනවා. තුන්වන තරගයේ දී තණතීරුව තරමක් මන්දගාමී වුනා. ඒ නිසා තමයි ඔහුට කඩුලු ලබා ගන්න අමාරු වුනේ.” 

වාර්තා රැසක් බිහි වූ තරගයේ ජය එංගලන්තයට

ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුවේ “ලෝක ටෙස්ට් ……..

පෝර්ට් එලිසබත් හි පැවති ටෙස්ට් තරගයේ දී දකුණු අප්‍රිකාව ‍යැවූ පන්දුවාර 152 න් වර්නන් යවා තිබුනේ පන්දුවාර 16 ක් පමණි. ඔහු කිසිඳු කඩුල්ලක් දවා ගැනීමට සමත් නොවූ අතර ලකුණු 41 ක් ලබාදී තිබිනි. සිව්වන තරගය පැවැත්වෙන වොන්ඩරර්ස් ක්‍රීඩාංගණය ෆිලැන්ඩර්ගේ සාර්ථකම ක්‍රීඩාංගණය වේ. දකුණු අප්‍රිකාව ෆෆ් ඩූ ප්ලෙසිස් යටතේ මෙහි ක්‍රීඩා කළ තරග තුනෙන් දෙකකම ජයග්‍රහණය හිමිකර ගෙන ඇති අතර ප්ලෙසිස් ශතක දෙකක් වාර්තා කර ඇත. සිව්වන තරගය එංගලන්තයට පහසු අභියෝගයක් නොවනු ඇත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<