ෆෆ් ඩු ප්ලෙසි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නිත්‍ය නායකත්වයට

148
© AFP

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ සුපිරි පිතිකරුවෙකු වන ඒ. බී. ඩි විලියර්ස්, එක්දින ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වීමත් සමඟ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස යන අංශ තුනේම නිත්‍ය නායකයා ලෙස ෆෆ් ඩු ප්ලෙසි නම් කර ඇත.

2013 පෙබරවාරි මාසයේ සිට දකුණු අප්‍රිකානු විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය හෙබවීම ආරම්භ කළ ප්ලෙසි දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයේ නායකත්වයට පත් වූයේ ඉකුත් වසරේ අගෝස්තු මාසයේ සිට ය. ඒ අනුව 2019 වසරේ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට නායකත්වය දරන්නෙ ද ප්ලෙසි ය.

මහමුදුල්ලා හා රබෙල් හුසේන් නැවතත් සංචිතයට

එළඹෙන සැප්තැම්බර් මස 28 වන දා ආරම්භ වීමට නියමිත බංගලාදේශ් – දකුණු අප්‍රිකා ටෙස්ට් සංචාරය සඳහා…

ෆෆ් ඩු ප්ලෙසිගේ නායකත්වය යටතේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු මෙහෙයුම වන්නෙ මෙම මස අග දී ඔවුන්ගේ රටේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් හා විස්සයි විස්ස තරග 3කින් සමන්විත බංගලාදේශ සංචාරයයි.

එළඹෙන නොවැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකා විස්සයි විස්ස ප්‍රිමියර් ලීග් තරගාවලියට ද ෆෆ් ඩු ප්ලෙසි සහභාගි වීමට නියමිත අතර ඔහුගේ නායකත්වය යටතේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම පූර්ණ තරගාවලියකට ද සහභාගි වීමට නියමිතයි.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායක ඒ. බී. ඩි විලියර්ස් ඉකුත් වසරේ ජනවාරි සිට ටෙස්ට් ක්‍රීඩා නොකළ බැවින් ඉදිරි සංචාරයට ඔහුගේ සහභාගිත්වය බලාපොරොත්තු වන ප්ලෙසි පැවසුවේය.

ෆෆ් ඩු ප්ලෙසි වර්තමානයේ ලොව සිටින සුපිරි නායකයෙකු මෙන්ම පිතිකරුවෙකු ද වන අතර මේ වන විට පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන ලෝක විස්සයි විස්ස තරගාවලියට ද නායකයා වන්නේ ඔහුයි. ඉකුත් දා අවසන් වූ එංගලන්ත සංචාරය ජය පැරදුමෙන් තොරව නිමා වුවද, ඉදිරියට නියමිත  සියලු සංචාර ජයග්‍රාහීව නිමා කිරීමට තමන් බලාපොරොත්තු වන බව ෆෆ් ඩු ප්ලෙසි වැඩි දුරටත් පවසා සිටියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුව <<