පොලිස් අත්වැරදීමෙන් යුධ හමුදාව අවසන් මහා තරගයට

450

FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරග ඊයේ (25) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර ඉන් පළමු අවසන් පූර්ව තරගයේ ජය හිමි කර ගැනීමට යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. ඔවුන් හමුවේ ගෝල 1-0ක් ලෙස පරාජය වූයේ පොලිස් ක්‍රීඩා සමාජයයි.

FA කුසලානයේ අවසන් පූර්ව වටයේ කාල සටහන නිකුත් කෙරේ

2018 FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ කාලසටහන නිකුත්..

SLTB ක්‍රීඩා සමාජය ගෝල 2-0ක් ලෙස පරාජය කරමින් යුධ හමුදා ක්‍රීඩා සමාජය අවසන් පූර්ව තරගයට පිවිසුණු අතර රිනවුන් ක්‍රීඩා සමාජය දඬුවම් පහර 3-1ක් ලෙස පරාජය කරමින් පොලිස් ක්‍රීඩා සමාජය අවසන් පූර්ව වටයේ සිය අසුන වෙන්කර ගන්නා ලදි.

තරගයේ පළමු අර්ධය සම්පූර්ණයෙන්ම තමන්ගේ ග්‍රහණයට ගැනීමට යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් වූ නමුත් දෙවන අර්ධයේ ඔවුන් පසුපසට ඇද දමමින් පොලිස් ක්‍රීඩා සමාජය දක්ෂ ක්‍රීඩා විලාසයක නිරත වනු දක්නට ලැබුණි.

යුධ හමුදා ක්‍රීඩා සමාජය පළමු මිනිත්තුවේ සිටම ඔවුන්ගේ ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාසය පවත්වා ගත් අතර පළමු මිනිත්තුවේ දී ම යුධ හමුදා ක්‍රීඩා සමාජයට ආසන්න අවස්ථාවක් හිමි වූයේ පොලිස් ගෝල රකින්නා පන්දුව රැක ගැනීමට ගොස් ලිස්සා වැටීම නිසාවෙනි. කෙසේ වෙතත් ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඔහු යුධ හමුදා ක්‍රීඩකයා පැමිණීමට පෙර පන්දුව රැක ගැනීමට සමත් විය.

තරගයේ පළමු පැහැදිලි අවස්ථාව හිමිකර ගැනීමට සමත් වූයේ පොලිස් ක්‍රීඩා සමාජයයි. යුධ හමුදාවට හිමි වුණු නිදහස් පහරකට පසු පොලිස් ක්‍රීඩකයින් ක්ෂණික ආක්‍රමණයක් දියත් කළ අතර තුෂාර සම්පත් යුධ හමුදා ආරක්ෂක වළලු බිඳ ඉදිරියට පැමිණීමට සමත් වුවත් ඔහුගේ ඉලක්කය ගෝල රාමුව මත පතිත වූයේ නැත.

දඬුවම් පහරේ බලයෙන් රිනවුන් පරදා පොලීසිය ඉදිරියට

2018 FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ රිනවුන් ක්‍රීඩා…

යුධ හමුදාව වෙනුවෙන් FA කුසලානයේ දිගින් දිගටම කැපී පෙනෙන දස්කම් දැක්වූ එන්. එම්. ඉසඩීන් මෙම තරගයේදීත් දක්ෂ ක්‍රීඩා විලාසයක නිරත වූයේ යුධ හමුදාව වෙනුවෙන් අවස්ථා කිහිපයක්ම නිර්මාණය කර දෙමිනි. 21 වන මිනිත්තුවේ දී යුධ හමුදාව වෙනුවෙන් පළමු පැහැදිලි අවස්ථාව නිර්මාණය කර ගැනීමට මදුශාන් ද සිල්වා සමත් වූ නමුත් ඔහුගේ ප්‍රහාරය පහසුවෙන් වළක්වන්නට පොලිස් ගෝල රකින ක්‍රීඩක මහේන්ද්‍රන් දිනේෂ් සමත් විය.

පොලිස් ක්‍රීඩා සමාජය දිගින් දිගටම පන්දුව තමන් සතුව තබාගෙන ක්‍රීඩා කළේ පොලිස් ක්‍රීඩා සමාජයට ප්‍රබල තර්ජනයක් එල්ල කරමිනි. කෙසේ වුවත් පොලිස් ආරක්ෂක වළල්ලේ අත්වැරදීමකින් තරගයේ එකම ගෝලය 28 වන මිනිත්තුවේ දී වාර්තා වූයේ යුධ හමුදා කණ්ඩායමට තරගයේ පෙරමුණ හිමි කර දෙමිනි. යුධ හමුදාවට හිමි වූ දඬුවම් පහරක් මදුශාන් විසින් ගුවනේ පා කර ගෝල රකින්නා වෙතට යොමු කළ අතර පොලිස් ආරක්ෂක ක්‍රීඩක දනුෂ පෙරේරා එම අවස්ථාව ව්‍යර්ථ කිරීමට උත්සහ කළත් ඔහුගේ පදයේ වැදුණු පන්දුව ගෝල රකින්නා පසුකර දැල තුලට ගියේ පොලිස් බලාපොරොත්තු සුන් කරමිනි.

පොලිස් මැදපෙළ ක්‍රීඩකයින් ඔවුන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් හට අනගි අවස්ථා නිර්මාණය කර දුන්නත්, ඉදිරිපෙළ ක්‍රීඩකයින් එම අවස්ථා සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත. 40 වන මිනිත්තුවේ දී යුධ හමුදා ක්‍රීඩක ජේසුරාජ් බර්නාඩ් හට ගෝල රකින්නා සමඟ ද්වන්ද අවස්ථාවක් හිමි වූ නමුත් පොලිස් ගෝල රකින්නා එම අවස්ථාව පහසුවෙන් ව්‍යර්ථ කිරීමට සමත් විය.

පළමු අර්ධය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 01 – 00 පොලිස් ක්‍රීඩා සමාජය

පොලිස් ක්‍රීඩා සමාජය දෙවන අර්ධය ඉතා ආක්‍රමණශීලී ලෙස ආරම්භ කළ අතර දෙවන අර්ධය ආරම්භයත් සමඟ එම්. ජේ. ආර්. මොහොමඩ් ‘Bicycle Kick’ ප්‍රහාරයක් මගින් අලංකාර ප්‍රහාරයක් එල්ල කළත් පන්දුව ගෝල රාමුවට අඟල් කිහිපයක් ආසන්නයෙන් ඉවතට ඇදී ගියේ ප්‍රේක්ෂකයින් සියලු දෙනාම මොහොතකට නිහඬ කරමිනි.

යුධ හමුදා ප්‍රහාරයෙන් SLTB බලය බිඳ වැටේ

ගෝල 2-0 ක් ලෙස SLTB ක්‍රීඩා සමාජය පරාජය කරමින් Vantage FA Cup පාපන්දු…

අනතුරුව අවස්ථා කිහිපයක දී ම පොලිස් ක්‍රීඩකයින් ගෝල රැස් කිරීමට උත්සහ කළත් වාසනාව ඔවුන්ගේ පැත්තේ තිබුණේ නැත. යුධ හමුදාව සම්පූර්ණයෙන්ම ආරක්ෂක ක්‍රීඩා විලාසයකට අවතීර්ණ වී සිටියේ පොලිස් උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කරමිනි.

පොලිස් ඉදිරිපෙළ ආක්‍රමණශීලී ක්‍රීඩක එම්. එස්. රසූන්යා කණ්ඩායමට ආදේශ වීමත් සමඟ ඔහු අවස්ථා කිහිපයක් නිර්මාණය කිරීමට සමත් වූ නමුත් අවසන් මිනිත්තු කිහිපයේ දී ඔහුගේ උත්සාහයන් ද සාර්ථක වූයේ නැත.

අවසන් ලකුණු තත්වය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 01 – 00 පොලිස් ක්‍රීඩා සමාජය

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • යුධ හමුදාව – දනුෂ පෙරේරා (OG) 28’        

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<