යුධ හමුදා ප්‍රහාරයෙන් SLTB බලය බිඳ වැටේ

425

ගෝල 2-0 ක් ලෙස SLTB ක්‍රීඩා සමාජය පරාජය කරමින් Vantage FA Cup පාපන්දු කුසලානයේ වත්මන් ශූරයින් වන යුධ හමුදා ක්‍රීඩා සමාජය 2018 Vantage FA Cup පාපන්දු කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අද (17) සමත් විය. තරගය සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

FA කුසලානය සොරා ගන්නට සැරසෙන කණ්ඩායම් 8

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දැවැන්තම පිළිමළුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලිය වන FA කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග එළඹෙන සති අන්තයේ….

නිව් ස්ටාර් පාපන්දු කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පරාජය කරමින් යුධ හමුදා ක්‍රීඩා සමාජය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර දඬුවම් පහර 4-2ක් ලෙස උරුතිරපුරම් ක්‍රීඩා සමාජය පරාජය කරමින් SLTB ක්‍රීඩා සමාජය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසුණි.

යුධ හමුදා කණ්ඩායමට සිය පළමු අවස්ථාව 10 වන මිනිත්තුවේ දී හිමිවුණු අතර මොහොමඩ් ඉසඩින්ගේ දක්ෂ ප්‍රහාරයක් W. A. P. N. මධුශංක විසින් ගෝල රාමුවට ළඟා වීමට පෙර ඉවතට යොමු කිරීමට සමත් විය.

නිරෝෂාන් පතිරණ ද යුධ හමුදා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ ක්‍රීඩා විලාසයක නිරත වූ අතර ඔහුගේ ප්‍රහාරයක් SLTB නායක සුදේශ් සුරංග අවහිර කරද්දී ආපසු ගිය පන්දුව ගෝල රකින්නා නොසිටි දැල වෙත යොමු කරන්නට මදුශාන් ද සිල්වා අසමත් විය.

දිගින් දිගටම ආක්‍රමණයේ යෙදුණු යුධ හමුදාව වෙනුවෙන් ඉසඩීන් නැවත වරක් ප්‍රහාරයක් දියත් කළ අතර ගෝල රාමුවේ වැදී නැවත ආ පන්දුව කසුන් ප්‍රදීප් ක්ෂණිකව දැල වෙත යොමු කළේ පළමු යුධ හමුදා ගෝලය වාර්තා කරමිනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

සුරංග SLTB කණ්ඩායම වෙනුවෙන් ඉදිරියෙන්ම ක්‍රීඩා කරමින් පළමු අර්ධය අවසානයට ආසන්නයේ දෙවතාවක්ම යුධ හමුදා උත්සාහයන් ව්‍යර්ථ කිරීමට සමත් විය.

පළමු අර්ධය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 01 – 00 SLTB ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයෙන් මිනිත්තු හතරක් ගතවෙද්දී ඉසඩීන් යුධ හමුදාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කළත් එය ‘OFF SIDE’  අවස්ථාවක් බව විනිසුරු තීරණය කරන ලදි. ශන්මුගරාජා සංජීව් SLTB වෙනුවෙන් පළමු ප්‍රහාරය ගෝල රාමුව වෙත එල්ල කළ අතර යුධ හමුදා ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් ලුත්ෆි පහසුවෙන් එම උත්සාහය ව්‍යර්ථ කිරීමට සමත් විය.

SLTB ක්‍රීඩකයෙකුගේ හරස් පන්දු යොමු කිරීමක් යුධ හමුදා ආරක්ෂක ක්‍රීඩකයෙකුගේ අතේ ගැටුණු බව පෙනුණත් විනිසුරු තීරණය කළේ එම අවස්ථාව ‘Hand Ball’ අවස්ථාවත් නොවන බවයි.

70 වන මිනිත්තුවේ දී සංකල්ප දයාවංශගේ ‘Corner’ පන්දු යොමු කිරීමක් බණ්ඩාර වරකාගොඩ දැල වෙත යොමු කළේ යුධ හමුදා ලකුණු පුවරුව දෙගුණ කරමිනි.

SLTB කණ්ඩායම දෙවන අර්ධයේ අවසන් භාගයේ උත්සාහයන් කිහිපයක්ම ගත්තත් යුධ හමුදා ආරක්ෂක ක්‍රීඩකයින් එම උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කිරීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 02 – 00 SLTB ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – බණ්ඩාර වරකාගොඩ (යුධ හමුදා)

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

යුධ හමුදාව: කසුන් ප්‍රදීප් 30’, බණ්ඩාර වරකාගොඩ 70’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<