ගුවන් හමුදාව, කොළඹ සහ බ්ලූ ස්ටාර් අවසන් අටට

571

මේ දිනවල දී පැවැත්වෙන FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට හෙවත් අවසන් 8 දෙනා දක්වා සුදුසුකම් ලබා ගන්නට තවත් කණ්ඩායම් 3ක් පසුගිය දා සමත් විය.

එහි දී ගුවන් හමුදාව විසින් මාතර සිටි කණ්ඩායම ද, කොළඹ පාපන්දු සමාජය විසින් පෙලිකන්ස් කණ්ඩායම ද, බ්ලූ ස්ටාර් කණ්ඩායම විසින් සිඟින් ෆිෂ් කණ්ඩායම ද  පරාජය කරනු ලැබීය.

ජාවා ලේන් සහ සෝන්ඩර්ස් SC අර්ධ අවසන් පූර්ව වටයට

FA කුසලාන පාපන්දු තරගාවලියේ පසුගිය දා පැවති තරගවලින් ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම ගෝල 2-0ක් ලෙස..

ගුවන් හමුදා කණ්ඩායම – මාතර සිටි කණ්ඩායම

තරගය ආරම්භයේ කණ්ඩායම් දෙකම හොඳින් ක්‍රීඩා කරමින් තරගයට අවතීර්ණ විය. තරගයේ 9’ වන මිනිත්තුවේ දී ගුවන් හමුදා කණ්ඩායමේ කාවින්ද ඉෂාන් ගෝලයක් රැස්කර ගත්තත්, විනිසුරුවරයා එහි දී ඕෆ් සයිඩ් නීතිය උල්ලංඝනය වූ බව සංඥා කළ නිසා එම අවස්ථාව ඔවුන්ගෙන් ගිලිහී ගියේය. තරගය පුරාවට හොඳින් ක්‍රීඩා කළ හර්ෂ ප්‍රනාන්දු 11’ වන මිනිත්තුවේ දී පන්දුව රැගෙන ගොස් ගෝලය රැස්කිරීමට කවිඳු ඉෂාන් වෙත පන්දුව යොමු කළ අතර එය ගෝලයක් බවට පරිවර්තනය කර ගන්නට ඔහු සමත් විය.

මින්පසු තරගයේ පළමු අර්ධය පුරාවට මාතර සිටි ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කරන්නට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් විය. පළමු ගෝලය රැස්කර මිනිත්තු 3ක් පමණක් ගෙවී යද්දී කැලුම් පෙරේරා ලබා දුන් පන්දුව ගෝල රාමුව තුළට යොමු කළ කවිඳු තරගයේ දෙවන ගෝලය ද රැස්කර ගන්නට සමත් විය.

මාතර සිටි කණ්ඩායමේ බ්‍රයන් වීරප්පුලිට තරගය පුරාවට අවස්ථා කිහිපයක්ම ලැබුණත් ඒවා ගෝල බවට පරිවර්තනය කර ගන්නට ඔහු අපොහොසත් විය.

ගුවන් හමුදා කණ්ඩායමේ චතුරංග ප්‍රනාන්දු, දිල්ෂාන් ප්‍රනාන්දු, හර්ෂ ප්‍රනාන්දු සහ කවිඳු ඉෂාන් අතර තිබූ අන්‍යෝන්‍ය අවබෝධය තරගය පුරාවට කැපී පෙනුණි. පළමු අර්ධය පුරාවට තවත් අවස්ථා කිහිපයක්ම ගුවන් හමුදා ක්‍රීඩකයින්ට ලැබුණත් ඒවා සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි වූයේ නැත.

පළමු අර්ධය: ගුවන් හමුදා කණ්ඩායම 2 – 0 මාතර සිටි කණ්ඩායම

දෙවන අර්ධය ආරම්භයේ දී ගෝලයක් රැස්කර ගනිමින් නැවතත් තරගයට අවතීර්ණ වන්නට මාතර සිටි ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලැබුනත් එය බ්‍රයන් වීරප්පුලි අතින් නැවතත් ගිලිහී ගියේය.

සුළු මොහොතකින් අනතුරුව තරගයේ තුන්වන ගෝලය රැස්කර ගන්නට කවිඳුට ඉතා හොඳ අවස්ථාවක් ලැබුණත්, එය ඔහු අතින් ගිලිහී ගියේය. ප්‍රතිවාදී කණ්ඩායමේ එම්. ජී. ගනේෂ් විසින් කවිඳු ඉෂාන්ව ගෝල රාමුව අසල දී බිමට ඇද දමනු ලැබුවත්, විනිසුරුවරයා ඊට එරෙහිව නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් ගුවන් හමුදා කණ්ඩායමේ ක්‍රීඩකයින් තරගයට බාධා එල්ල කරන්නට විය.

කෙසේ වුවත් තරගය සුපුරුදු පරිදි ක්‍රීඩා කෙරුණු අතර 89’ වන මිනිත්තුවේ දී කවිඳු ඉෂාන් ගෝල ත්‍රිත්වයකට හිමිකම් කියමින් ඔහුගේ තෙවැනි ගෝලය රැස්කර ගැනීමට සමත් විය.

දෙවන අර්ධය: ගුවන් හමුදා කණ්ඩායම 3 – 0 මාතර සිටි කණ්ඩායම

ThePapare.com තරගයේ වීරයා – කවිඳු ඉෂාන් (ගුවන් හමුදා කණ්ඩායම)

ගෝල ලාභීන්

  • ගුවන් හමුදා කණ්ඩායම – කවිඳු ඉෂාන් 11’, 14’, 89’

කහ කාඩ්පත් ලාභීන් ක- එස්. කේ. ආරච්චිගේ – 30’

යුද හමුදාව සහ රිනවුන් අර්ධ අවසන් පූර්ව වටයට

යුද හමුදා කණ්ඩායම ගෝල 4-1ක් ලෙස නාවික හමුදා කණ්ඩායම ද, රිනවුන් SC කණ්ඩායම ගෝල 8-0ක් ලෙස..


පෙලිකන්ස් SC – කොළඹ පාපන්දු සමාජය

තරගයේ පළමු මිනිත්තු 15’ ඇතුළත කොළඹ පාපන්දු සමාජයේ ක්‍රීඩකයින් හට දඬුවම් පහර අවස්ථා දෙකක් හිමි වූ අතර එම අවස්ථා දෙකම ගෝල බවට පරිවර්තනය කර ගන්නට සර්වාන් ජොහාර් සමත් විය. පෙලිකන්ස් SC කණ්ඩායමේ ඒ. ප්‍රනාන්දු හට තරගයේ 12’ වන මිනිත්තුවේ දී රතු කාඩ්පතක් හිමි වූ අතර එම නිසා පෙලිකන්ස් ක්‍රීඩකයින් හට තරගය ක්‍රීඩකයින් දස දෙනෙකුගෙන් ක්‍රීඩා කරන්නට සිදු විය.

කොළඹ කණ්ඩායමේ නාගුර් මීරා තරගයේ 30’ වන මිනිත්තුවේ දී ගෝලයක් රැස්කර ගනිමින් තම කණ්ඩායමට තෙවැනි ගෝලය හිමි කර දෙන්නට සමත් විය.

පළමු අර්ධය: පෙලිකන්ස් SC 0 – 3 කොළඹ

තරගයේ දෙවන අර්ධයේ දී ද හොඳින් ක්‍රීඩා කළ කොළඹ ක්‍රීඩකයින් එම අර්ධයේ දී තවත් ගෝල දෙකක් රැස්කර ගන්නට සමත් විය. එහි දී ධනුෂ්ක මධුෂංක තරගයේ 75’ වන මිනිත්තුවේ දී ද, මොහොමඩ් මුෆීස් 92’ මිනිත්තුවේ දී ගෝල රැස්කර ගත් අතර තරගය පහසුවෙන් ජය ගන්නට කොළඹ පාපන්දු සමාජයේ ක්‍රීඩකයින් සමත් විය.   

දෙවන අර්ධය: පෙලිකන්ස් SC 0 – 5 කොළඹ

ගෝල ලාභීන් –

කොළඹ පාපන්දු සමාජය – සර්වාන් ජොහාර් 5’ සහ 15’, නාගුර් මීරා 30’, ධනුෂ්ක මධුෂංක 75’, මොහොමඩ් මුෆීස් 90+2’

කහ කාඩ්පත් ලාභීන්

  • පෙලිකන්ස් FC – එච්. එම්. ජයතිලක

රතු කාඩ්පත් ලාභීන්

  • පෙලිකන්ස් FC – ඒ. ප්‍රනාන්දු 12’

බ්ලූ ස්ටාර් SC – සිඟින් ෆිෂ් SC

තරගය ආරම්භයේ සිට පැවති ගෝල නිහැඬියාව බිඳ දමමින් බ්ලූ ස්ටාර් කණ්ඩායමේ මොහොමඩ් මසීර් තරගයේ 37’ වන මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය වාර්තා කරන්නට සමත් විය.

පළමු අර්ධය: බ්ලූ ස්ටාර් SC 1 – 0 සිඟින් ෆිෂ් SC

තරගයේ දෙවැනි අර්ධයේ 58’ වන මිනිත්තුවේ දී තම කණ්ඩායමට දෙවැනි ගෝලය හිමි කර දෙන්නට බ්ලූ ස්ටාර් කණ්ඩායමේ සංජීව සීමන් සමත් විය. දෙවැනි අර්ධය පුරාවට කණ්ඩායම් දෙකම ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර සිඟින් ෆිෂ් කණ්ඩායමේ ජෝන් ක්වින්ටන් තරගයේ 78’ වන මිනිත්තුවේ දී තම කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය රැස්කර ගත්ත ද එය බ්ලූ ස්ටාර් SC කණ්ඩයමේ ජයග්‍රහණය වළක්වන්නට ප්‍රමාණවත් වූයේ නැත.

දෙවන අර්ධය: බ්ලූ ස්ටාර් SC 2 – 1 සිඟින් ෆිෂ් SC

ගෝල ලාභීන්

  • සිඟින් ෆිෂ් SC – ජෝන් ක්වින්ටන් 78’
  • බ්ලූ ස්ටාර් SC – මොහොමඩ් මසීර් 37’, සංජීව සීමන් 58’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට