සෙරන්ඩිබ් හා සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජ වලට තියුණු ජයක්

509

එෆ්. ඒ. කුසලානය සඳහා පැවැත්වෙන පාපන්දු තරගාවලියේ සුපිරි 64 දෙනාගේ වටයේ තවත් තරග කිහිපයක්ම  අවසන් විය. එහි දී උණුසුම්කාරී තරග දෙකක් වූ සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය හා සාන්ත ජෝසප් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් දඩුවම් පහර 4-2ක් ලෙස සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කරන විට, අනෙක් තරගයෙන් සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජය ගෝල 3-2ක් ලෙස ජයග්‍රහණය කරන ලදි.

පොලීසිය පැරදවූ නාවික කාන්තාවෝ ශූරතාවය දිනා ගනිති

2016/17 වර්ෂය සඳහා පැවැත්වූ ප්‍රිමියර් ලීග් කාන්තා පළමු පෙළ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය තුළ ගෝල 2-0ක් ලෙස පොලිස් ක්‍රීඩා…

සාන්ත ජෝසප් ක්‍රීඩා සමාජය හා සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය

මාවනැල්ල සහිරා විදුහල් පිටියේ දී පැවැත්වූ මෙම තරගය තුල දඩුවම් පහර මගින් ගෝල 4-2ක් ලෙස සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය තරගය ජයග්‍රහණය කරන ලදි.

සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය මෙම 64 දෙනාගේ වටයට පැමිණීමට ජයග්‍රහණය කරන ලද තරගයේ දී රෙඩ් සන් ක්‍රීඩා සමාජය දඩුවම් පහර මගින් පරාජයට පත්කරමින් මෙම වටය සඳහා තම ස්ථානය වෙන්කර ගන්නා ලදි.

සාන්ත ජෝසප් ක්‍රීඩා සමාජය වෙනුවෙන් 8 වන මිනිත්තුවේ දී තම කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය එක්කිරීමට ආර්. ලෙමන්ඩන් සමත් විය.

35 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ මොහොමඩ් ආසිර් සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගෝලයක් රැස්කරගත්තේ ලකුණු පුවරුව 1-1ක් ලෙස සම කරවමිනි.

පළමු අර්ධය සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය 1-1 සාන්ත ජෝසප් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය 1 – 1 සාන්ත ජෝසප් ක්‍රීඩා සමාජය

ගෝල 1-1ක් ලෙස සම තත්ත්වයක දෙපිලම පසුවීම නිසාවෙන් තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීමට දඬුවම් පහර අවස්ථාවන් යොදා ගන්නා ලදි. එහි දී ගෝල 4-2ක් ලෙස දඩුවම් පහර මගින් තරගය ජයග්‍රහණය කිරීමට සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජයට හැකිවිය.

අවසන් ප්‍රතිඵලය සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය 1 (4)- 1 (2) සාන්ත ජෝසප් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – රියාස් මොහොමඩ්

ගෝල ලබා ගැනීම,

සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය  – මොහොමඩ් ආසිර් 35’
සාන්ත ජෝශප් ක්‍රීඩා සමාජය  – ආර්.ලෙමන්ඩන්  8’

සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු වන  ජියබා සයිමන් මහතා ThePapare.com වෙත මෙසේ අදහස් දැක්විය.

කණ්ඩායම් දෙකම හොඳින් ක්‍රීඩා කලා, අපි තරග කිහිපයක්ම දඩුවම් පහරවල් මගින් ජයග්‍රහණය කළා එයට අපගේ ප්‍රෙක්ෂකයින් අපට ලොකු සහයෝගයක් ලබා දුන්නා. අප අවසන් තරග 3 ජයග්‍රහණය කලේ දඬුවම් පහර මගින්. අප ඉතිරි තරග කිහිපයත් ජයග්‍රහණය කිරීමට නව සැලැස්මකට අනුව ක්‍රීඩා කරනවා, ඔබට එය ඉදිරියේ දී දැක බලා ගන්නට හැකි වේවි

සාන්ත ජෝසප් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ජෙරාල් ඒඩඩ් මහතා මෙසේ අදහස් බෙදා ගන්නා ලදි.

“අපේ ක්‍රීඩකයින් හැකි උපරිමයෙන් ක්‍රීඩා කළා, කෙසේ වෙතත් සෙරන්ඩිබ් ක්‍රීඩකයින් අපට වඩා හොඳින් ක්‍රීඩා කළා, ඔවුන් එම තරග ප්‍රතිඵලය ලැබිය යුතුයි”


ආදි මැසනෝදියන් ක්‍රීඩා සමාජය හා සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජය

මෙම තරගය කඳාන ද මැසනොඩ් විදුහල් පිටියේ දී පැවැත්විය. මෙම තරගයෙන් ගෝල 3-2ක් ලෙස ජයග්‍රහණය කිරීමට සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජය සමත් විය.

තරගය ආරම්භ කර මිනිත්තු 4ක් ගතවනවාත් සමඟින් ක්‍රියාත්මක වූ කසුන් ජයසූරිය ආදි මැසනෝදියන් කණ්ඩායමට තම පළමු ගෝලය ලබා දෙන ලදි. ඩී. ඩී. වීරමන්ත්‍රී සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජයට 40 වැනි මිනිත්තුවේ දී එක් කළ දක්ෂ ගෝලයත් සමඟින් තරගයේ පළමු අර්ධය ගෝල 11ක් ලෙස සම මට්ටමින් අවසන් විය.

පළමු අර්ධය ආදි මැසනෝදියන් ක්‍රීඩා සමාජය 1 – 1 සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය තුල ක්‍රියාත්මක වූ චරිදු සම්පත් හා එන්. යූ. මදුසංක පිළිවෙළින් 51 වන හා 78 වන මිනිත්තු වල දී තම කණ්ඩායම වෙත තවත් ගෝල දෙකක් එක්කළේ, ආදි මැසනෝදියන් කණ්ඩායමට තරගය පිළිබඳ බලාපොරොත්තු අතහැර ගන්නා ලෙස ඉඟි කරමිනි.

අවසන් ලකුණු තත්වය – ආදි මැසනෝදියන් ක්‍රීඩා සමාජය 2 – 3 සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජය

සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජයේ පුහුණුකරු වන බී. එල්. ප්‍රියංග පීරිස් මහතා ThePapare.com වෙත මෙසේ අදහස් දැක්විය.

අපට හොඳ ක්‍රීඩකයින් සිටින කණ්ඩායමක් තියෙනවා. අප මෙම තරගය ජයග්‍රහණය කිරීමට පෙර බොහෝ තරග පරාජය වුණා.  මම ගොඩක් සතුටට පත්වෙනවා මෙම තරඟය ජයග්‍රහණය කිරීම පිළිබඳව, එසේම ඉදිරියටම පැවැත්වෙන නාවික හමුදා ක්‍රීඩා සමාජයට එදිරිව තරගයේ දී නව ජවයක් සහිතව තරගයට අවතීර්ණ වී තරගය ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වෙනවා.

ආදි මැසනෝදියන් ප්‍රධාන පුහුණුකරු ලක්ෂ්මන් කුරේ මහතා

“මෙම තරගයට පෙර අපට සැලකිය යුතු මට්ටමකට පුහුණු වීම් කටයුතු කර ගැනීමට නොහැකි වුනා, එයට හේතු වූයේ එකිනෙකා අතර පැහැදිලි අවබෝධයක් නොතිබීමයි. අප තවමත් මෙම පළමු පෙළ කාණ්ඩයට සූදානම් වනවා, එසේම අනාගතයේ දී ශක්තිමත් ලෙස දැඩි කැපවීමෙන් පුහුණුවීම් කර තරග වලට පිවිසෙනවා.”

ගෝල ලබා ගැනීම,

ඕල්ඩ් මැසනොඩ්යන්ස් ක්‍රීඩා සමාජය – කසුන් ජයසූරිය 4’, සුපුන් කුමාර 73’
සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජය – ඩී.ඩී.වීරමන්ත්‍රී 40’, චරිදු සම්පත් 51’, එන්.යූ මදුසංක  78’

අනෙකුත් තරග ප්‍රතිඵල,

  • ඊස්වරන් ක්‍රීඩා සමාජය 3-0 කළුතර පාර්ක් (වව්නියාවේ දී) (නිතරගයෙන්)
  • විම්බල්ඩන් ක්‍රීඩා සමාජය 3-0 හිලරි ක්‍රීඩා සමාජය ( පුත්තලමේ දී)
  • කුරුදුවත්ත ක්‍රීඩා සමාජය 0-1 කොමරේඩ්ස් ක්‍රීඩා සමාජය ( ගාල්ලේ දී
  • යංග් බ්ර්ඩ්ස් ක්‍රීඩා සමාජය 1-0 සොලිඩ් ක්‍රීඩා සමාජය (නුවරඑළියේ දී)
  • රිනවුන් ක්‍රීඩා සමාජය 0-3 බ්ලුස්ටාර් ක්‍රීඩා සමාජය (හැටන් හිදී)
  • රෙඩ් ස්ටාර් ක්‍රීඩා සමාජය 10-1 ජාතික ක්‍රීඩා සමාජය (කාන්තක්කුඩි පිටියේදී)
  • අප් කන්ටරි ලයන්ස් 5-1 ගෝල්ඩ් මූන්ස් ක්‍රීඩා සමාජය (මාතලේ දී)
  • ඕල්ඩ් බෙන්ස් ක්‍රීඩා සමාජය 1-2 නිව් ස්ටාර් ක්‍රීඩා සමාජය
  • මීගමුව තරුණයින් 9-0 ග්‍රීන් ලයිට් ක්‍රීඩා සමාජය (ත්‍රිකුණාමලයේ දී)
  • පොලිස් ක්‍රීඩා සමාජය 9-0 ලිබර්ටි ක්‍රීඩා සමාජය (බණ්ඩාරවෙල දී)
  • ලියෝ ක්‍රීඩා සමාජය 2-0 තිහාරිය තරුණ ක්‍රීඩා සමාජය
  • ශිවන්ත ක්‍රීඩා සමාජය 0-3 කිරැලපන යුනයිටඩ්
  • රිනවුන් ක්‍රීඩා සමාජය 3-0 යංග් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය (මුලතිව් ක්‍රීඩා සමාජ පිටියේදී)

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට