අගුවෙරෝගේ ගෝල ද්විත්වයෙන් මැන්චෙස්ටර් කණ්ඩායමට ශූරතාවයක්

212

FA Community Shield ශූරතාවය පසුගිය ඉරිදා (05) සුප්‍රසිද්ධ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර 2016 – 17 ප්‍රිමියර් ලීග් ශූරයින් වූ චෙල්සි කණ්ඩායම පරාජය කරමින් 2017 -18 ප්‍රිමියර් ලීග් ශූරයින් වූ මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ඔවුන් සතු සුපිරි ක්‍රීඩක සර්ජියෝ අගුවෙරෝගේ සුපිරි ගෝල ද්විත්වය සමඟින් ජයග්‍රහණය කරනු ලැබුවා.

ඉතිහාසයේ මතක – FIFA පාපන්දු ලෝක කුසලානය (1986 – 1994)

1982 වසරේ දී පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉතාලිය ඉදිරි වසර 4ක..

අගුවෙරෝගේ පළමු ගෝලය මැන්චෙස්ටර් සිටි කණ්ඩායම වෙනුවෙන් ඔහු ලබා ගත් 200 වැනි ගෝලය වූ අතර ෆිල් ෆෝඩෙන්ගේ පන්දු යොමු කිරීමක් 13 වැනි මිනිත්තුවේ දී ඔහු විසින් දැල වෙත යොමු කරමින් එය වාර්තා කළේය. ඔහුගේ දෙවන ගෝලය පළමු අර්ධයෙන් පසුව වාර්තා වූ අතර බර්නාඩෝ සිල්වාගේ පන්දු යොමු කිරීමක් දක්ෂ ලෙස දැල වෙත එල්ල කළේ චෙල්සි ගෝල රකින්නා වූ සිය ආර්ජෙන්ටියානු සගයාට ගෝලය රැකගැනීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමිනි.  

චෙල්සි කණ්ඩායම තරගය පුරාවට මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට වඩා බොහෝ පසුපසින් සිටි අතර කිසිදු ආක්‍රමණකාරී අභිලාශයක් නොපෙන්වූ ඔවුන් නිසි ඉලක්කයට පන්දු ප්‍රහාරයක් එල්ල කළේ තරගයේ මිනිත්තු 90ක කාලය තුළ එකම එක් වරකි. මේ දිනවල එංගලන්තයට උදා වී ඇති ගිම්හාන සමය නිසා විනිසුරුවන් විසින් තරගය අතරතුර දී ක්‍රීඩකයින්ට කෙටි විවේකයන් ලබා දුන්නේ දැඩි උණුසුමේ ක්‍රීඩා කිරීම ඔවුන්ට ඉතා අපහසු වූ හෙයිනි.

පාපන්දුවේ එදා මෙදා තුර මිල අධිකම ගෝල රකින්නන් 10

‘Liverpool’ ක්‍රීඩා සමාජය විසින් ‘AS Roma’ ක්‍රීඩා සමාජය නියෝජනය කළ බ්‍රසීල කණ්ඩායමේ..

මෙවර පැවති ලෝක කුසලාන තරගාවලියේ දී බෙල්ජියම වෙනුවෙන් බොහෝ දස්කම් පෙන්වූ සුපිරි චෙල්සි ක්‍රීඩක ඒඩන් හැසාඩ් මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර අභිනවයෙන් පත්වූ චෙල්සි පුහුණුකරු සරී හට මෙන්ම සිය කණ්ඩායමට ද හැසාඩ්ගේ අහිමි වීම මහත් පාඩුවක් විය. මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ කෙවින් ද බෝනා, රහීම් ස්ටර්ලින් හා ඩේවිඩ් සිල්වා යන සුපිරි තරු ද මෙවර තරගයට සහභාගී වූයේ නැත.

මෙම ජයග්‍රහණය මැන්චෙස්ටර් සිටි කණ්ඩායම විසින් පසුගිය මාස හය තුළ දිනා ගත් තෙවන ශූරතාවයයි.

මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ පුහුණුකරු වන පෙප් ගාර්ඩියෝලා ඔහුගේ නවතම ආදේශනය වන රියාද් මහරේස් තරගය සඳහා යොදා ගත් නමුත් මහරේස්ගේ ආගමනයේ උණුසුම සුළු වෙලාවකට සීමා කරමින් බර්නාඩෝ සිල්වා හා ෆොඩන් තරගයේ සම්පූර්ණ පාලනය තමන් වෙතට නතුකර ගැනීමට සමත් විය.  

තරගයේ පසු පාදයේ ක්‍රීඩා කරමින් චෙල්සි පසුපෙළට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ෆෝඩන් විසින් අගුවෙරෝ හට අනගි සහයක් දුන් අතර අනෙක් අන්තයෙන් සිල්වා ද අගුවෙරෝ වෙත සෑමවිටකම අවස්ථා සකසා දීමට උත්සුක වූයේ ඔහු හට ගෝල ද්විත්වයක්ම වාර්තා කිරීමට ඉඩකඩ සලසා දෙමිනි.

නේමාර් බිම පෙරලෙන්නේ ඇයි?

රග්බි සහ ක්‍රිකට් ක්‍රීඩාවේ දී වේදනාව සඟවා ගැනීම ශ්‍රේෂ්ඨ ය. මන්දයත්, වේදනාව පෙන්වීමෙන්…

නැපොලි කණ්ඩායමේ සිට ඉවත් වී චෙල්සි කණ්ඩායමේ පුහුණුකරු ලෙස වැඩ භාර ගත් සරී මුහුණ පෑ ප්‍රධානතම ගැටලුව වන්නේ තම නව කණ්ඩායමේ තරු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඩැහැ ගැනීමට වෙනත් ක්‍රීඩා සමාජ උනන්දු වීමයි. සුපිරි ක්‍රීඩක හැසාඩ් හා ගෝල රකින ක්‍රීඩක Thibaut Courtois පිළිබඳ රියාල් මැඩ්රිඩ් කණ්ඩායම උනන්දු වන අතර Willian වෙත බාසිලෝනා කණ්ඩායම ද ඇස ගසාගෙන සිටින බව ප්‍රසිද්ධ රහසකි

අවසාන ලකුණු තත්වය: චෙල්සි 0-2 මැන්චෙස්ටර් සිටි

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ මැන්චෙස්ටර් සිටි – අගුවෙරෝ 13’, 58’

                      >>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<