එක්ස්පෝ ලංකා සහ HNB ‘A’ සහ ‘B’ කාණ්ඩ වල පෙරමුණ ගනී

521
Expo Lanka & Ceylinco top Division A & B translated

වෙළඳසේවා ලීග් පාපන්දු තරගාවලියේ තරග පැවැත්වුණු 3 වන සතිය අවසානයේ තම කාණ්ඩ වල පෙරමුණ ගන්නට එක්ස්පෝ ලංකා සහ සෙලින්කෝ කණ්ඩායම් සමත් විය.

වසර ගණනාවකට පසු මෙම තරගාවලිය නැවත ආරම්භ වූයේ 2016 වසරේ අග භාගයේ දී වෙළඳසේවා පාපන්දු සංගමයේ සභාපති තනතුර සඳහා තේරී පත්වූ සයිෆ් යුසූෆ් මහතාගේ නායකත්වය යටතේයි. 1918 වසරේ ආරම්භ කෙරුණු වෙළඳසේවා පාපන්දු සංගමය ලබන වසරේ එහි ශත සංවත්සරය ද සමරනු ලබයි.

සාන්ත මරියා සහ නාවික හමුදා කණ්ඩායම් අවසන් 16ට

FA කුසලාන පාපන්දු තරගාවලියේ සිව්වන වටයට අදාලව පැවති තවත් තරග දෙකක දී සාන්ත මරියා ක්‍රීඩා සමාජය ගෝල 12ක දැවැන්ත ජයකුත්, නාවික හමුදාව ගෝල 1 – 0ක තියුණු ජයකුත් වාර්තා කරන්නට සමත් විය.

මෙම තරගාවලියේ ‘A’ කාණ්ඩයේ තරග සාමාන්‍ය පරිදි එක් අර්ධයක් මිනිත්තු 45ක් වන සේ පැවැත්වෙන අතර ඉන් පහළ සියලු කාණ්ඩ වල තරග පැවැත්වෙන්නේ එක් අර්ධයක් මිනිත්තු 30කට සීමා කරමිනුයි. සියලුම කාණ්ඩ වල ශූරයන් ඉන් ඉහළ කාණ්ඩයට උසස් කරනු ලබයි.

‘A’ කාණ්ඩය

LB ෆිනෑන්ස් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය අතර තරගය

නවීන් ජූඩ් සහ ෂෆ්රාස් කයිස්ගේ ඉහළ දායකත්වයක් සමඟින් අවසන් භාගයේ දී සුපිරි තරග රටාවක නිරත වූ LB ෆිනෑන්ස් කණ්ඩායම ගෝල 4 – 2ක් ලෙස ශ්‍රී ලංකන් කණ්ඩායම පරාජය කරන්නට සමත් විය.

තියුණු මුහුණුවරක් ගත් පළමු අර්ධය තුල වාර්තා වූ එකම ගෝලයට ලබා ගන්නට LB ෆිනෑන්ස් කණ්ඩායමට මිනිත්තු 42ක් පුරා සටන් වදින්නට සිදුවූ අතර එහි හිමිකරු බවට පත් වුනේ ෂෆ්රාස් කයිස් ය.

පළමු අර්ධය – LB ෆිනෑන්ස් 1 – 0 ශ්‍රී ලංකන් ගුවන් සේවය

ගෝල වර්ෂාවක් ඇදහැළුණු දෙවන අර්ධයේ මිනිත්තු 25ක් ගත වූ පසු (70 වන මිනිත්තුවේ දී) LB ෆිනෑන්ස් කණ්ඩායමේ වාසිය දෙගුණ කරමින් ජූඩ් තම පළමු ගෝලය වාර්තා කරන ලදි.

තරගයේ අවසන් මිනිත්තු 10 තුල ගෝල 4ක් වාර්තා වූ අතර ඉන් පළමුවැන්න කයිස්ගේ නමින් ලියවුනේ 80 වන මිනිත්තුවේදීයි. මිනිත්තු 5ක් තුල ගෝල 2ක් වාර්තා කළ D. V. M. වීරසිංහ සහ මොහොමඩ් රියාස් ශ්‍රී ලංකන් කණ්ඩායම තර්ජනාත්මක ස්ථානයකට ගෙන එන්නට සමත් වුනේ ලකුණු පුවරුව 3 – 2ක් ලෙසට සටහන් කරමිනි.

කෙසේ වෙතත් නවීන් ජූඩ් තරගය අවසන් වීමට මිනිත්තුවක් පමණ ඉතිරිව තිබිය දී තම දෙවන ගෝලය වාර්තා කරමින් LB ෆිනෑන්ස් කණ්ඩායමේ ජය තහවුරු කරන ලදි.

අවසන් ප්‍රතිඵලය – LB ෆිනෑන්ස්  4 – 2 ශ්‍රී ලංකන් ගුවන් සේවය

ගෝල ලාභීන්

  • LB ෆිනෑන්ස්  – ෂෆ්රාස් කයිෆ්  42’ සහ 80’, නවීන් ජූඩ්  70’ සහ 89’
  • ශ්‍රී ලංකන් ගුවන් සේවය – D. V. M. වීරසිංහ 82’, මොහොමඩ් රියාස්  86’

 

ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එක්ස්පෝ ලංකා අතර තරගය

ගෝල 5ක ආක්‍රමණයක් දියත් කළ පළමු අර්ධයේ වාසිය සමඟින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ පැවති තරගය ගෝල 6 – 2ක් ලෙස පහසුවෙන් ජය ගත් එක්ස්පෝ ලංකා කණ්ඩායම ‘A’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට සමත් වුනේ LB ෆිනෑන්ස් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගය පමණක් ඉතිරිව තිබියදීයි.

චැම්පියන්ස් කුසලාන ශූරයන් වන කොළඹ පාපන්දු සමාජයේ අනුග්‍රාහකයන් වන එක්ස්පෝ ලංකා සමාගම මෙම තරගයේ ආරම්භක සංඥාවේ සිටම තම ආධිපත්‍ය පැතිරවූ අතර 15 වන මිනිත්තුවේ දී සර්වාන් ජොහාර් විසින් වාර්තා කළ පළමු ගෝලයේ වාසිය දෙගුණ කිරීම සඳහා නිරාන් කනිෂ්ක වැය කළේ තවත් මිනිත්තු 5ක් පමණයි.

ඩිලාන් කෞශල්‍ය එක්ස්පෝ කණ්ඩායමේ තුන්වන ගෝලයේ අයිතිය තහවුරු කර ගනිද්දී 38 වන මිනිත්තුව වන විට කනිෂ්ක තම දෙවන ගෝලයත් වාර්තා කරන්නට සමත් විය. අනතුරුව 41 වන මිනිත්තුවේ දී කෞශල්‍ය ද තම පෞද්ගලික ගෝල එකතුව 2ක් දක්වා ඉහළ දමා ගන්නා ලදි.

පළමු අර්ධය – ශ්‍රී ලංකන් ගුවන් සේවය 0 – 5 එක්ස්පෝ ලංකා

විරාමයෙන් අනතුරුව ගෝල ලබා ගැනීම ආරම්භ කලේ ශ්‍රී ලංකන් ගුවන් සේවයයි. හර්ෂ තිසේරා 52 වන මිනිත්තුවේ දී තම කණ්ඩායමේ පළමු ගෝලය වාර්තා කරන ලදි. කෙසේ වෙතත් ගෝල වෙනස යලිත් 5 දක්වා ඉහළ දැමූ නිරාන් කනිෂ්ක 58 වන මිනිත්තුවේ දී තම ගෝල ත්‍රිත්වය ද සම්පූර්ණ කර ගැනීමට සමත් විය.

ඉන් අනතුරුව එක්ස්පෝ කණ්ඩායම තම ගෝල පෙරහැරට නැවතීමේ තිත තැබූ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය සැනසිලි ත්‍යාගයක් බඳු ගෝලයක් වාර්තා කළේ 72 වන මිනිත්තුවේදීයි.

අවසන් ප්‍රතිඵලය – ශ්‍රී ලංකන් ගුවන් සේවය 2 – 6 එක්ස්පෝ ලංකා

ගෝල ලාභීන්

  • ශ්‍රී ලංකන් ගුවන් සේවය  – හර්ෂ තිසේරා  52’, R. M. කුමාර 72’
  • එක්ස්පෝ ලංකා  – සර්වාන් ජොහාර් 15’ ,  නිරාන් කනිෂ්ක 20’ , 38’ සහ 58’ , ඩිලාන් කෞශල්‍ය  24’ සහ  41’
කණ්ඩායම P W D L GF GA GD Pts
Expo Lanka 1 1 0 0 6 2 4 3
LB Finance 1 1 0 0 4 2 2 3
Sri Lankan Airlines 2 0 0 2 4 10 -6 0
  • P – තරග
  • W – ජයග්‍රහණ
  • D – ජය පැරදුමෙන් තොර
  • L – පරාජ
  • GF – ලබා ගත් ගෝල
  • GA – ප්‍රතිවාදීන්ට ලබා දුන් ගෝල
  • GD – ගෝල පරතරය
  • Pts – ප්‍රසාද ලකුණු

 

‘B’ කාණ්ඩය

කොමර්ෂල් බැංකුව සහ සෙලින්කෝ රක්ෂණ සමාගම අතර තරගය

පළමු අර්ධය තුල දී ගෝල 2 – 0ක් ලෙස පෙරමුණ ගෙන සිටි සෙලින්කෝ රක්ෂණ සමාගම තරගය අවසන් වන විට ගෝල 3 – 0ක් ලෙස පහසු ජයක් වාර්තා කරන ලදි.

ගෝල ලාභීන්

සෙලින්කෝ රක්ෂණ සමාගම  – B. H. නිශාන්ත 10’, මධුශංක සම්පත්  15’ & 58’


ලේක් හවුස් සමාගම සහ හැටන් නැෂනල් බැංකුව අතර තරගය

හැටන් නැෂනල් බැංකු කණ්ඩායම තෙවන සතිය අවසන් වන විටත් අපරාජිතව සිටින්නට සමත් වුනේ ලේක් හවුස් කණ්ඩායම ගෝල 4 – 0ක් ලෙස පරාජය කරමිනුයි. පළමු අර්ධය තුල ඔවුන් ගෝල 2 – 0ක් ලෙස පෙරමුණේ පසුවූ අතර තරගය තුල සියල්ලන්ගේ සම්පූර්ණ අවධානය තමා වෙත යොමු කර ගත් හිටපු ශ්‍රී ලංකා සහ රත්නම් ක්‍රීඩක මෙන්ම වර්තමානයේ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ ඉදිරි පෙළ ක්‍රීඩක ක්‍රිශාන්ත අබේසේකර ගෝල ත්‍රිත්වයක් වාර්තා කරන ලදි.

ගෝල ලාභීන්

හැටන් නැෂනල් බැංකුව  – ක්‍රිශාන්ත අබේසේකර  19’ , 48’ සහ  56’, සමාන් අස්මි  24’


සෙලින්කෝ රක්ෂණ සමාගම සහ ලේක් හවුස් ආයතනය අතර තරගය

දෙවන අර්ධයේ දී ලේක් හවුස් කණ්ඩායමෙන් එල්ල වූ ප්‍රබල අභියෝගය වළක්වා ගනිමින් ගෝල 4 – 3ක තියුණු ජයක් වාර්තා කළ සෙලින්කෝ රක්ෂණ සමාගම තම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට සමත් විය. ඔවුන් තරගයේ පළමු අර්ධය අවසන් වන විට පෙරමුණ ගෙන සිටියේ ගෝල 3 – 1ක් ලෙසිනුයි.

ගෝල ලාභීන්

සෙලින්කෝ රක්ෂණ සමාගම – මධුශංක සම්පත්  8’ සහ  40’, ඇන්ටන් රේමන්ඩ් 10’ , මොහොමඩ් රමීස්  12’

ලේක් හවුස්  – දුමිඳු හෙට්ටිආරච්චි  20’ සහ  50’ , M. B. සුරේන්ද්‍රන්  45’


හැටන් නැෂනල් බැංකුව සහ කොමර්ෂල් බැංකුව අතර තරගය

පළමු අර්ධය තුල වාර්තා කළ ගෝල 2කින් තරග ජයග්‍රහණය 2 – 0ක් ලෙස තහවුරු කර ගත් හැටන් නැෂනල් බැංකු ක්‍රීඩකයන් තෙවන සතිය අවසන් වන විට ‘B’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසු වන්නට සමත් විය.

ගෝල ලාභීන්

හැටන් නැෂනල් බැංකුව – ක්‍රිශාන්ත අබේසේකර  25’ , L. සෙනෙවිරත්න 27’

අනෙකුත් තරග ප්‍රතිඵල

  • හැටන් නැෂනල් බැංකුව  0 – 0 ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්  0 – 0 කොමර්ෂල් බැංකුව        
කණ්ඩායම       P W D L GF GA GD Pts
HNB 3 2 1 0 6 0 6 7
Ceylinco Insurance 2 2 0 0 7 3 4 6
JKH 2 0 2 0 0 0 0 2
Commercial Bank 3 0 1 2 0 5 -5 1
Lake House 2 0 0 2 3 8 -5 0
  • P – තරග
  • W – ජයග්‍රහණ
  • D – ජය පැරදුමෙන් තොර
  • L – පරාජ
  • GF – ලබා ගත් ගෝල
  • GA – ප්‍රතිවාදීන්ට ලබා දුන් ගෝල
  • GD – ගෝල පරතරය
  • Pts – ප්‍රසාද ලකුණු

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට