මරීජාගේ නායකත්වයෙන් 20න් පහල කණ්ඩායම අධීක්ෂණයට නව කමිටුවක්

556

ආසියානු වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය ආරම්භයට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා රග්බි පාලක මණ්ඩලය, හිටපු ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ද නායකත්වය හෙබවූ ෆාසිල් මරීජාගේ නායකත්වයෙන් හා දිනේෂ් කුමාර හා තවත් හිටපු ජාතික ක්‍රීඩකයෙකු වන දුමින්ද සිල්වාගේ සහභාගිත්වයෙන් යුතු කමිටුවක් පත් කර තිබේ.

20න් පහළ සත් සාමාජික සංචිතය නම් කෙරේ

එළඹෙන අගෝස්තුවේ පැවැත්වීමට නියමිත ආසියානු වයස අවුරුදු 20න් පහල සත් සාමාජික

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සූදානම් කෙරෙමින් පවතින අතර තරගාවලියට සති හතරක් ඉතිරිව තිබිය දී පසුගිය දා කණ්ඩායමේ වගකීම සාන්ත ජෝසප් කණ්ඩායම සත් සාමාජික ශූරයින් කිරීමට මග පෑදු නිල්ෆර් ඊබ්‍රහිම් මහතා වෙත භාර දෙන ලදි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සූදානම් කිරීමේ වගකීම ඊබ්‍රහිම් මහතාට මෙන්ම මහනුවර ක්‍රීඩා සමාජයේ සුපිරි ක්‍රීඩක ෆාසිල් මරිජා හට ද හිමි වනු ඇත.

“මට සතුටුයි වයස අවුරුදු 20න් පහළ ක්‍රීඩකයින්ට සහ නිල්ෆර්ට සහය වෙන්න ලැබුණු එක ගැන, ඒක මට ගෞරවයක්, මම හිතනවා මේ යොවුන් ක්‍රීඩකයින්ට මට දෙන්න දෙයක් තිබෙනවා, නිල්ෆර්ගේ අත්දැකීම් කණ්ඩායමේ සාර්ථකත්වයට හේතු වේවී” ෆසිල් මරිජා සිය පත්වීම පිළිබඳ අදහස් දැක්විය.

කුමාර මහතා ද මේ වසරේ සාන්ත ජෝසප් විද්‍යාලයේ පුහුණුකරුවන් අතර කටයුතු කළ අයෙකි.

ශ්‍රී ලංකාවේ රග්බි පිටියට ආගන්තුක චරිතයක් නොවන, හැව්ලොක් ක්‍රීඩා සමාජයේ හා CH & FC ක්‍රීඩා සමාජයේ පසු හිටපු ක්‍රීඩක, පසුගිය කාලයේ කණ්ඩායම් කිහිපයක සහය අභ්‍යාසක (Trainer) ලෙස කටයුතු කළ දිනේෂ් කුමාර මහතා වත්මන් සාන්ත ජෝසප් විද්‍යාලයේ සහය පුහුණුකරුවෙකු ලෙසට කටයුතු කරන අතර මරීජාගේ කමිටුවට ඔහුවත් ඇතුළු කර ඇත්තේ යොවුන් ක්‍රීඩකයින්ගේ ශක්තිය හා දරා ගැනීම වර්ධන කිරීමේ අරමුණින්ය.

ආකෘති දෙකේම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන දුමින්ද ද සිල්වා මහතා තවමත් පුරප්පාඩු ලෙස පවතින වයස අවුරුදු 20න් පහළ කණ්ඩායමේ ඉහළ දස්කම් කළමනාකරු ලෙස කටයුතු කරනු ඇත.

මැයි මාසයේ ඉන්ති මරික්කාර් මහතා ඉල්ලා අස් වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළ දස්කම් කළමනාකරකුගේ තනතුර පුරප්පාඩු වී පවතී.

සිල්වා 1998 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායම ද නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

පසුගිය සතියේ දී සාමාජිකයින් 36 දෙනෙකුගෙන් යුතු සංචිතයක් වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික කණ්ඩායම නම් කළ අතර ඉදිරියේ ගතවන දින කිහිපය තුල ආසියානු වයස අවුරුදු 20න් පහල සත් සාමාජික තරගාවලියට යන කණ්ඩායම තෝරා ගැනීමට නියමිතය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<