Jones ඇවිලූ ගින්නට හිටපු නවසීලන්ත පුහුණුකරු පිදුරු දමයි

70

දිනෙන් දින උණුසුම් වන ලෝක කුසලාන රග්බි පිටිය තුල මේ වන විටත් බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් දිනා ගැනීමට සමත්ව තිබෙන මාතෘකාවක් ලෙස එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරගය අවිවාදයෙන්ම හඳුන්වා දිය හැක.

ඔත්තු බැලීම ඔට්ටු ද? එංගලන්ත පුහුණුකරුගෙන් සැර ප්‍රකාශ කිහිපයක්

මෙවර Webb Ellis ලෝක කුසලානයේ සැබෑ උරුමකරුවා ……

පෙරේදා (22) දිනයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් සඳහා එක්වෙමින් එංගලන්ත ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Eddie Jones ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කිහිපයක්ම සිදු කිරීම පිළිබඳව දැනටමත් බොහෝ පාර්ශවයන් අතර දැඩි කතා බහට ලක්වන අතර ඊයේ (23) දිනයේ දී එංගලන්ත කණ්ඩායමේ ආරක්ෂක පෙළ පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු All Blacks පුහුණුකරු John Mitchell ද ඉහත සඳහන් සිදුවීම සම්බන්ධයෙන් තම අදහස් පළකොට සිටීම වඩාත් කැපී පෙනුණි.

ඔහු සඳහන් කළ ආකාරයට එංගලන්ත කණ්ඩායමේ පෙර පුහුණුවීම් සැසිවාරය අතරතුර දී අනවසරයෙන් ඔවුන්ගේ ක්‍රියාකාරකම් පටිගත කිරීම සම්බන්ධ කාරණාව පිටුපස සිටිනුයේ නවසීලන්ත කණ්ඩායමේ හස්තයක් බවයි.

අඟහරුවාදා (22) දිනයේ දී ටෝකියෝ අගනුවර එංගලන්ත කණ්ඩායම පුහුණුවීම් කටයුතු වල නියැලෙන ප්‍රධාන ක්‍රීඩාංගණය අසල පිහිටා තිබෙන නේවාසිකාගාර ගොඩනැගිල්ලක සිට යම් පුද්ගලයෙකු මෙසේ අනවසරයෙන් ඔවුන්ගේ පුහුණු සැසිය රූගත කිරීමක් සිදුකොට ඇති අතර කණ්ඩායම භාරව රාජකාරියෙහි නිරත වන ආරක්ෂක නිලධාරීන් යම් කිසි සැක කටයුතු රතු පැහැති ආලෝක ධාරාවක් එම ගොඩනැගිල්ල දෙසින් දිස්වනවාත් සමඟම මේ පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකොට තිබේ.

සමුරායි ඝාතනයකින් ඇරඹි ජපානයේ රග්බි කතාව

ජපානයේ රග්බි ක්‍රීඩාව ලෝක රග්බි ඉතිහාසය ……..

මෙම සිදුවීම නවසීලන්ත කණ්ඩායමේ අනුදැනුම ඇතිව සිදු කළ ක්‍රියාවක් වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවට තමන්ට හොඳ විශ්වාසයක් ඇති බව සඳහන් කළ John Mitchell මහතා පෙන්වා දුන්නේ මෙවැනි නිෂ්ඵල දෑ සඳහා ඔවුන්ගේ වටිනා කාලය මිඩංගු කිරීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ අන් කිසිවක් නොව කණ්ඩායමේ කීර්ති නාමය වැනසී යාම පමණක් බවයි.

“එයාලට තරගයට පෙර සූදානම් වෙන්න ඕන මේ විදියට නම් මට කරන්න තියෙන්නේ එයාලගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුබ පතන එක විතරයි. වර්තමානයේ රග්බි ක්‍රීඩාව ගත්තහම පවතින්නේ සෑහෙන්න තරගකාරී මට්ටමක. ඉතින් මේ වගේ දේවල් කරලා  කවුරු හරි එයාලට අමතර වාසියක් වෙයි කියල හිතනවා නම් ඒක ඇත්තටම තමන්වම රවටා ගැනීමක්.”

“ඇත්තටම කිව්වොත් අපි මේ වගේ දේවල් ගැන පස්සෙන් පන්නලා පසුතැවිලි වෙන්නේ නැහැ. මේ වගේ ඉහළ තලයේ රග්බි කණ්ඩායමක් සමඟ ක්‍රීඩා කරනවා කියන්නේ කොහොමත් එතෙන පීඩනය කියන සාධකයේ වැඩි බලපෑමක් තියෙනවා. ඉතින් මානසිකව ශක්තිමත් වෙලා තරගයට සූදානම් වෙන්න තියෙන කාලසීමාවේ කැමරාවක් එක්ක ඔත්තු බලපු හාදයෝ කීපදෙනෙක් පස්සේ යන්න අපිට ඕන කමක් නැහැ.”

All Blacks සහ Red Roses අවසන් හතරේ ගැටුමට ආසන වෙන්කර ගනිති

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක …..

Eddie Jones මහතා එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු භූමිකාවට තේරීපත් වී වසර හතරකට ආසන්න කාලසීමාවක් ගත වී ඇති නමුත් එම කාලපරිච්ඡේදය තුල දී ඔහු ඇතුළුකොට ගෙන එංගලන්ත කණ්ඩායම මුහුණ දෙන අභියෝගාත්මකම තරගය එළඹෙන සතිඅන්තයේ දී තිරගත වීමට මේ වන සියල්ල සූදානම් වෙමින් පවති. 

Youtube වැනි සමාජ මාධ්‍ය ජාලා පරිශීලනය කරන ඕනෑම අයෙකුට වෙනත් කණ්ඩායමක් ක්‍රීඩා කරන අයුරු, භාවිතා කරන ක්‍රමෝපායන් සහ විශේෂයෙන්ම ඔවුන් පුහුණුවීම් කටයුතුවල නිරත වන ආකාරය පිළිබඳ ඉතාමත් පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි නිසාවෙන් මෙවැනි දෑ සිදු කිරීම අනවශ්‍ය බවත් ඇතැම් විට මෙය ජපන් ප්‍රේක්ෂකයෙකුගේ ක්‍රියාවක් වීමේ ඉඩකඩක් ද ඇති බවත් Eddie Jones මහතා පවසා සිටියේය.

එංගලන්තය සහ නවසීලන්තය අතර මේ දක්වා පවත්වා ඇති මුළු ටෙස්ට් තරග සංඛ්‍යාව 41ක් වන අතර ඉන් අවස්ථා 33ක දී ම ජයග්‍රාහී සටහනකින් දිනය නිමා කිරීමට ප්‍රබල All Blacks කණ්ඩායම සමත්ව ඇති අතර යොකොහෝමා ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වීමට නියමිත අවසන් පූර්ව තරගය ද ජය ගැනීමේ වැඩි සම්භාවිතාවක් නවසීලන්තය සතු වන බව රග්බි විචාකරයින් මත පළකොට සිටී.

කෙසේ නමුත් 2017 වසරේ දී නවසීලන්ත තරග සංචාරයෙහි නිරත වූ British සහ Irish Lion කණ්ඩායම් නියෝජනය කළ Wing ක්‍රීඩක Anthony Watson ඉස්මතු කළ කාරණාව නම් එම තරගාවලියේ දී All Blacks කණ්ඩායමට ඉතාමත් හොඳ සටනක් ලබා දෙමින් තරගාවලිය සමකිරීමට හැකි වූයේ ඔවුන් තුල පැවති ආත්ම විශ්වාසය සහ ඉතා ඉක්මනින් තරගයට අනුගත වීමේ තිබූ හැකියාව නිසාවෙන් බවයි.

“All Blacks කියන්නේ පරාජය කළ නොහැකි අමුතු ජීවින් කොට්ඨාසයක් නෙමෙයි. දිනය අවසානයේ දී ඔවුනුත් අපි වගේම මිනිස්සු.”

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<