පසුබෑමට හේතු සොයන ඕස්ට්‍රේලියානුවන්ගේ මීළඟ පියවර

113

අර්ධ අවසන් පූර්ව තරගයේ දී එංගලන්ත කණ්ඩායම හමුවේ ලද අමිහිරි පරාජයත් සමඟින් 2019 රග්බි ලෝක කුසලානය පිළිබඳ ඕස්ට්‍රේලියානුවන් තබා තිබූ සියලු බලාපොරොත්තු සුනුවිසුනු වී ගියේ ගෙවුණු කාලසීමාව පුරාවටම කණ්ඩායමක් වශයෙන් ඔවුන් ජාත්‍යන්තර තරග බිමේ දී ලබා ඇති අසාර්ථකත්වය පිළිබඳ ප්‍රශ්නාර්ථ ලකුණක් ද ඉතිරි කර තබමිනි.

“සමගිය බලය වේ” – දකුණු අප්‍රිකාවෙන් උගනිමු

භාෂා 4කින් සන්නිවේදනය කරන රග්බි කණ්ඩායමක්, දරිද්‍රතාවය-වත්පොහොසත්කම අතර දෝලනය වන…

දෙවරක් Webb Eliss ලෝක කිරුළේ පහස ලැබූ රග්බි ලෝකයේ දැවැන්ත කණ්ඩායමක් මෙලෙස ශීඝ්‍ර පසුබෑමකට ලක්වීමට හේතුපාදක වූ කරුණු කාරණා පිළිබඳ සොයා බැලීමටත්, ඉදිරියේ දී මෙවැනි තත්වයක් උදා නොවීමට නම් ගත යුතු පියවරයන් කවරේද යන්න ආදිය පිළිබඳ සමාලෝචනයක් ඉදිරිපත් කිරීම සඳහාත්, අත්දැකීම් බහුල ත්‍රිපුද්ගල කමිටුවක් ස්ථාපිත කිරීමට එරට ක්‍රීඩා අමාත්‍යංශය මේ වන විට පියවර ගෙන තිබේ.

මේ සඳහා හිටපු Wallabies ක්‍රීඩකයෙකු මෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරුවෙකු ලෙස ද සේවය කළ Pat Howward මහතා ඇතුළු කොට ගෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඔරු පැදීමේ ඉසව්වෙන් අවස්ථා හතරක දී ඕස්ට්‍රේලියාව නියෝජනය කළ Bo Hansen මහතා ද, Wallabies වර්ණයන්ගෙන් සැරසී ටෙස්ට් තරග 100කට අධික සංඛ්‍යාවක් නියෝජනය කළ Nathan Sharpe යන අයගේ ද දායකත්වය ලබාගැනීමට අපේක්ෂා කෙරේ.

ඕස්ට්‍රේලියානු රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය වසර 5කට ආසන්න කාලයක් හෙඹවූ Micheal Cheika මහතා මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ලද අනපේක්ෂිත පරාජයත් සමඟින් එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබූ අතර උපායශීලීත්වය වැනි තරග ජය ගැනීම සඳහා තිබිය යුතු අත්‍යාවශ්‍ය ගුණාංග පසුගිය කාල සීමාව තුල දී ඔහු තුලින් දිස්වූයේ ඉතාමත් කලාතුරකින් බවත්, සෑම විටම Cheika උත්සාහ කළේ ඔහුගේ අභිමතයට අනුව කටයුතු කරමින් තනි තීරණ ගැනීමටත් බව බොහෝ දෙනාගේ අදහසයි.

“ඇමරිකානු රග්බි තාම උදේ කෑම ගන්න ගමන් ඉන්නේ”

2019 රග්බි ලෝක කුසලානය පසුගිය සති 6ක කාලය පුරාවට ලොවපුරා පුවත් මවමින් සමාජ මාධ්‍ය, ඩිජිටල්…

මෙවැනි පැතිකඩයන් කිහිපයක්ම පිළිබඳ පුළුල් අධ්‍යයනයක නිරත වීමෙන් අනතුරුව ඒ පිළිබඳ ප්‍රගති සමාලෝචන වාර්තාවක් ඉදිරි මාසය තුල දී භාර දීමට Howard මහතා ප්‍රමුඛ එම කමිටුව බලාපොරොත්තු වන අතර ඒ සඳහා එරට රග්බි සම්මේලනයේ අධ්‍යක්ෂක Scott Johnson මහතාගේ ද පූර්ණ සහයෝගය හිමිවනු ඇත.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳ හසල දැනුමක් සහ වසර ගණනාවක අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨයින් තිදෙනෙකුගේ අදහස් සහ යෝජනා සියල්ල එකතු කොට ගනිමින් නිර්මාණය කරන මෙම ලියැවිල්ල ඉදිරි අනාගතයේ දී එරට ක්‍රීඩාව ඉහළින් ඔසවා තැබීමට ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇතැයි ඕස්ට්‍රේලියානු රග්බි ප්‍රධානි Raelene Castle මහතා සිය අදහස් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේය.

“ඉදිරි වසර හතරක කාල පරිච්ඡේදය තුල දී අපේ ජාතික කණ්ඩායම් වලට මුහුණ දෙන්නට තියෙන ප්‍රධාන තරගාවලි සඳහා හොඳින් පෙර සූදානම් වෙන්න මේ වාර්තාවේ කියැවෙන කරුණු අනිවාර්යයෙන්ම වැදගත් වේවි කියලා මම හිතෙනවා. මේ සඳහා ලෝක කුසලානයට සහභාගී වුන Wallabies කණ්ඩායමේ ක්‍රීඩකයෝ සහ සහය කාර්‍ය මණ්ඩලයේ නිලධාරීන් සියලුම දෙනා කැඳවලා ඔවුන්ගේ පෞද්ගලික අදහස් විමසීමටත් අපි සූදානමින් ඉන්නවා.”

“Siyaට කන්න නොතිබුණු කාලයක් තිබුණා” – දකුණු අප්‍රිකානු පුහුණුකරු

2019 රග්බි ලෝක ශූර දකුණු අප්‍රිකානු පුහුණුකරු Rassie Erasmus, පළමු කළු ජාතික Springboks….

මෙවැනි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරමින් පසුබැස තිබෙන ඕස්ට්‍රේලියානු රග්බි ක්‍රීඩාව යලි ගොඩගැනීමට එරට බලධාරීන් වෑයම් කරනුයේ 2018 වසරේ දී ද මේ ආකාරයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් නම් කිරීමෙන් අනතුරුව සුපර් රග්බි තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩා සමාජ අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුවයි.

ඕස්ට්‍රේලියානු ජාතික රග්බි කණ්ඩායම සඳහා නව පුහුණුකරුවෙකු පත්කරගැනීමේ වැඩපිළිවෙළ ද මීට සමගාමීව සිදු කිරීමට සැලසුම්කර ඇති නමුත් මෙම වැඩසටහන සහ එම ක්‍රියාපටිපාටිය අතර කිසිදු සබඳතාවක් නොමැති බව ද ඔවුහු විශේෂයෙන් සඳහන් කර සිටියහ.

මෙම වසර අවසන් වීමට මත්තෙන් නව පුහුණුකරුවෙකු හට කණ්ඩායම භාර කිරීමට මේ වන විටත් කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින අතර Cheikaගෙන් පුරප්පාඩු වූ එම භූමිකාව රඟ දැක්වීම සඳහා නවසීලන්ත ජාතික Dave Rennie මහතා හට අවස්ථාව සලසාදීමට වැඩි ඉඩකඩක් පවතින බව රග්බි විචාරකයින් මත පළකොට සිටී.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<