ඉරාන – ඇමරිකානු අර්බුදයෙන් බැට කෑ සුපිරි ඕස්ට්‍රේලියානු පුහුණුකරුවා

70

ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය හෙඹවූ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩැරන් ලෙහ්මාන් මහතා තමන් නමින් පවතින සියලුම සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වහා ක්‍රියාත්මක වන පරිදි හකුළා ගැනීමට තීරණය කොට තිබෙනවා. 

19න් පහළ ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ වෙනස්කම් රැසක්

ජනවාරි මස 17 වැනිදා සිට පෙබරවාරි මස 9 වැනිදා …………

මෙවැනි දැඩි පියවරක් අනුගමනය කිරීමට ඒ මහතා පෙළඹ ඇත්තේ ඔහුගේ නිල ට්විටර් ගිණුම හැකර්වරුන්ගේ ප්‍රහාරයකට ලක්වීමත් සමඟින් ඔහුගේ කීර්තිනාමය පළුදු වන ආකාරයේ ජාතිවාදී ප්‍රකාශයන් කිහිපයක්ම ඒ හරහා සටහන් කර තිබීම යන කරුණු කාරණා පදනම් කරගෙනයි.

ටෙහෙරානය සහ වොෂින්ටනය අතර මේ වන විට නිර්මාණය වී තිබෙන අර්බුදකාරී තත්වය හමුවේ ඇමරිකානු පාර්ශවයට පක්ෂග්‍රාහී වන අයුරින් ඉරාන විරෝධී මතවාද සහ අදහස් කිහිපයක්ම ඔහුගේ ට්විටර් ගිණුමේ දැකගැන්නට ලැබීම නිසාවෙන් ක්‍රීඩාලෝලීන් ද ඇතුළු බොහෝ දෙනෙකුගේ අවධානය මේ දෙසට වඩාත් යොමු විය.

මේ වන විටත් ක්‍රියාත්මක වන බිග් බෑෂ් ලීග් T20 තරගාවලියේ බ්‍රිස්බන් හීට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ලෙහ්මාන් මහතා ඊයේ (7) දිනයේ දී සිඩ්නි තන්ඩර් කණ්ඩායමට එරෙහිව පැවති තරගය සඳහා සහභාගී වී සිටින අතරතුර දී මෙසේ ඔහුගේ ට්විටර් ගිණුම යම් අයෙකු හෝ පර්ශවයක් විසින් අවභාවිතා කර ඇති බව විශ්වාස කෙරේ.

මෙවැනි පිළිකුල් සහගත ක්‍රියාවන් තමන් කිසිසේත්ම අනුමත නොකර බවට දැඩිව කියා සිටි ඩැරන් ලෙහ්මන් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ 341,000 පමණ වන තම අනුගාමිකයන් පිරිස නොමඟ යවමින් සිදු කළ මෙම නින්දිත ක්‍රියාව ඉතාමත් පහත් ගණයේ වින්දනයක් ලබාගැනීම උදෙසා සිදු කර ඇති බවටයි.

19න් පහළ ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ වෙනස්කම් රැසක්

ජනවාරි මස 17 වැනිදා සිට පෙබරවාරි මස 9 වැනිදා ……..

“වසර ගණනාවක් තිස්සේ මම ගොඩනඟාගෙන ආපු මගේ ප්‍රතිරූපයට කැළලක් එක් කරන්න ගත්ත මේ උත්සහය පිළිබඳ ඇත්තටම මමයි මගේ පවුලේ උදවියයි ඉන්නේ දැඩි කනස්සල්ලෙන්. ඒ නිසා මම තීරණය කරා ඉදිරි කාල සීමාව පුරාවටම සමාජ මාධ්‍ය ජාලා සහ ඒ සම්බන්ධ ක්‍රියාකාරකම්වලින් සම්පූර්ණයෙන්ම ඈත්ව ඉන්න.”

“මම මේක දැනගත්ත වෙලාවේ ඉදන් අද උදේ වෙනකන් දැඩි පරිශ්‍රමයක් යෙදුවා සියලුම දේවල් නිවැරදි කරලා යථා තත්වයට ගේන්න.” යනුවෙන් ගැටලුව නිරාකරණය කරගැනීමෙන් අනතුරුව මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය කැඳවූ අවස්ථාවේ ඒ මහතා සඳහන් කර සිටියේය.

මීට අමතරව බ්‍රිස්බන් හීට් කණ්ඩායම් කළමනාකාරිත්වය ද මෙම සිදුවීම නිසාවෙන් කිසියම් පාර්ශවයක් අපහසුතාවට පත්වූයේ නම් ඒ පිළිබඳව කණ්ඩායමක් වශයෙන් තම කනගාටුව පළකොට සිටින බවට සඳහන් කොට තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<