එරන්දි සහ ප්‍රවීනා ශ්‍රී ලංකාවට ජය ගෙනඑයි

919
Erandi Liyanage

ඉන්දියාවේ සිලිගුරු හී පැවැත්වෙන 4 වන SAFF කාන්තා පාපන්දු ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව මාලදිවයින හමුවේ පරාජයට පත් වීමෙන් පසුව, ඊයේ (28) භූතානය සමඟ පැවතී තරගයේදී, ශ්‍රී ලංකා නායිකා එරන්දි ලියනගේ සහ ප්‍රවීනා පෙරේරා විසින් දෙවන අර්ධයේදී ලබාගත් ගෝල ද්විත්වය සමඟින් තරගය ගෝල 2-0 ලෙස ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් විය.

පසුගිය ලිපි: මාලදිවයින සහ නේපාලය විසින් ශ්‍රී ලංකාවත් භූතානයත් පරාජය වේ

ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්හක තරගයේදීම ගෝල 5-2 ලෙස මාලදිවයින හමුවේ පරාජයට පත් වූවත් මින් වසරකට පෙර ගෝල 3-0 ලෙස ඔවුන් පරදා ජයග්‍රහණය ලැබගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්ව තිබුනි.

තවද මෙම තරගාවලියේ පැවති තවත් තරගයකදී නේපාලය හමුවේ ගෝල 8-0 ලෙස භූතානය පරාජයට පත්විය.

අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට නම් මෙම තරගය ජය ගැනීම අත්‍යාවශ්‍යව තිබූ ශ්‍රී ලංකා පිලට, මෙම තරගය දැඩි පීඩනයක් ගෙනඑන එකක් විය.

ශ්‍රී ලංකා පිලේ දස්කම් පළමු අර්ධයේදී කැපී පෙනුනද බුතාන කණ්ඩායමේ ද දස්කම් නිසාවෙන් ප්‍රථම අර්ධය නිමාවට පත්වූයේ කණ්ඩායම් දෙකම ගෝල කිසිවක් වාර්තා නොකරමිනි.

දෙවන අර්ධයේදී කණ්ඩායම් නායිකා එරන්දි ලියනගේ විසින් දෙවන අර්ධයේ දී පළමු ගෝලය වාර්තා කිරීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගන්නට සමත් විය.

එරන්දි විසින් ප්‍රතිවාදී ආරක්ෂක බැමි අතරන් පන්දුව රැගෙන ගොස් භූතාන පන්දු රකින්නිය මවිත කරමින් ගෝලය තුලට එල්ල කරන ලද ඒ පහර සැබැවින්ම අනර්ඝ පහරක් විය.

77 වන මිනිත්තුවේදී ප්‍රවීනා පෙරේරා විසින් දෙවැනි ගෝලය ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා කරන්නට සමත් වූ අතර කෙසේ නමුත් ශ්‍රී ලංකාවට අර්ධ අවසන් පූර්ව වටය වෙත පිවිසීමට තරම් සාර්ථක ලකුණක් කරා යෑමට නොහැකි වීම නම් කනගාටුවට කරුණකි.

ශ්‍රී ලංකා කාන්ත පිල ගෝල 4-0ක් සහ ගෝල 3-0 ලෙස පිලිවෙලින් 2012 සහ 2014 SAFF කාන්තා පාපන්දු ශූරතාවලියේ දී භූතානය පරාජයට පත් කර ඇත.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 02 – 00 භූතානය

තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට