හැරී කේන්ගේ ගෝල නියඟය නිමා වෙද්දී චෙල්සි නූලෙන් බේරෙයි

142

2018/19 එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ දෙවන සතියට අදාල තවත් තරග දෙකක දී ජයග්‍රහණ වාර්තා කිරීමට චෙල්සි හා ටොටන්හැම් කණ්ඩායම් සමත් විය. මේ තරග ද්විත්වය ඊයේ (18) පැවැත්විය.

ඇත්ලෙටිකෝ ප්‍රහාරයෙන් රියාල් මැඩ්රිඩ් ක්‍රීඩකයින්ට අසාධ්‍යයි

2017/18 UEFA චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ශූරයින් වූ සුපිරි රියාල් මැඩ්රිඩ් කණ්ඩායමත්,

ටොටන්හැම් හමුවේ ෆුල්හැම් පසුබසී

වෙම්බිලි ක්‍රීඩාංගණයේ දී සුපිරි ටෝටන්හැම් කණ්ඩායම හා ෆුල්හැම් කණ්ඩායම තරග වැදුණු අතර එංගලන්ත නායක හැරී කේන්ගේ ප්‍රිමියර් ලීග් ගෝල නියඟය නිමා කරමින් ගෝල 3-1ක් ලෙස ජය හිමිකර ගැනීමට ටොටන්හැම් කණ්ඩායම සමත් විය.   

පළමු අර්ධය ආරම්භයේ දී ෆුල්හැම් ක්‍රීඩකයින් වරින්වර ක්‍රියාත්මක වූ ප්‍රබල ටෝටන්හැම් ආක්‍රමණය වැළැක්වීමට සමත් වුවත්, 43 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Lucas Moura දක්ෂ කවාකාර ප්‍රහාරයකින් සිය පළමු ප්‍රිමියර් ලීග් ගෝලය වාර්තා කළේ පළමු අර්ධයේ පෙරමුණ හොට්ස්පර් ක්‍රීඩකයින්ට ලබා දෙමින්.

පළමු අර්ධය: ටෝටන්හැම් 01 – 00 ෆුල්හැම්   

Ryan Sessegnonගේ සුපිරි උත්සහයක් Joe Bryan විසින් දක්ෂ ලෙස හරස් පන්දු යොමු කිරීමක් මගින් Aleksandar Mitrovic වෙත යොමු කළ අතර නිසි ලෙස ස්ථානගත වූ පන්දුව පහසුවෙන් දැල වෙත යොමු කළේ ෆුල්හැම් කණ්ඩායම වෙනුවෙන් 52 වන මිනිත්තුවේ දී ගෝල සමකරමිනි.   

මද වෙලාවක් යනතුරු අස්ථාවරව සිටි ටෝටන්හැම් ක්‍රීඩකයින් 70 වන මිනිත්තුවට ආසන්නයේ ප්‍රබල ප්‍රහාර දියත් කරන්නට ආරම්භ කළේය.

74 වන මිනිත්තුවේ දී ටෝටන්හැම් ක්‍රීඩකයින්ට නිදහස් පහරක් හිමි වූ අතර Kieran Trippier ලෝක කුසලානයේ දී තමන් වාර්තා කළ ගෝලය මෙන්ම තවත් අලංකාර කවාකාර මාර්ගයේ ගිය ගෝලයක් වාර්තා කළේ ටෝටන්හැම් කණ්ඩායම තරගයේ ඉදිරියට රැගෙන එමිනි.

අනතුරුව වහා ක්‍රියාත්මක වූ Lamela දක්ෂ ධාවනයකින් පන්දුව ඉදිරියට රැගෙන ගිය අතර පෙර ගෝලයට මිනිත්තු තුනකට පසු හැරී කේන් Lamelaගේ පන්දු යොමු කිරීමක් ගෝල රාමුවේ පහළ කෙළවරින් දැල වෙත යොමු කළේ ටෝටන්හැම් කණ්ඩායමේ ජය තහවුරු කරමිනි.

(pic1)   

ඒ අනුව ටෝටන්හැම් ක්‍රීඩකයෝ තමන් සහභාගී වූ තරග දෙකම ජය ගත් අතර ෆුල්හැම් කණ්ඩායමට තරග දෙකක් අවසානයේ කිසිදු ලකුණක් ලකුණු සටහනේ තැබීමට හැකි වූයේ නැත.

අවසන් ලකුණු තත්වය: ටෝටන්හැම් 03 – 01 ෆුල්හැම්

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • ටොටන්හැම් – Lucas Moura 43′, Kieran Trippier 74′, Harry Kane 77′
  • ෆුල්හැම් – Aleksandar Mitrovic 52′

ලිවර්පූල් හා මැන්චෙස්ටර් සිටි කණ්ඩායම් පහසු ජයග්‍රහණ වාර්තා කරයි

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ ඊයේ (12) පැවති තවත් තරග දෙකකින්


ආර්සනෙල් ප්‍රහාරය හමුවේ චෙල්සි නූලෙන් බේරෙයි

සුපිරි ආර්සනෙල් හඹා ඒම හමුවේ මාක්ස් ඇලෝන්සෝගේ තීරණාත්මක ගෝලයෙන් ගෝල 3-2ක් ලෙස තියුණු ජයක් හිමිකර ගැනීමට චෙල්සි කණ්ඩායම සමත් විය. මේ සුපිරි තරගය ස්ටම්ෆොර්ඩ් බ්‍රිජ් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.  

තරගය ආරම්භ වීමත් සමඟ 9 වන මිනිත්තුවේ දී පෙඩ්රෝ ඇලෝන්සෝගේ හරස් පන්දු යොමුකිරීමක් උපයෝගී කර ගනිමින් සුපිරි ගෝලයක් රැස් කළේ ආරම්භයේම චෙල්සි කණ්ඩායම පෙරමුණේ තබමින්.  

ආර්සනෙල් කණ්ඩායමේ Pierre-Emerick Aubameyang හට ඉතා ආසන්න අවස්ථාවක් ගිලිහී යාමෙන් මොහොතකට පසු 20 වන මිනිත්තුවේ දී මොරාටා Cesar Azpilicuetaගේ පන්දු යොමු කිරීමක් සාර්ථකව දැල වෙත යොමු කළ අතර චෙල්සි ක්‍රීඩකයින්ට හා ප්‍රේක්ෂකයින්ට පහසු ජයක සුවඳ දැනෙන්නට විය.

සිය පළමු අවස්ථාව ගිලිහුණු නමුත් දෙවන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් Henrikh Mkhitaryan 37 වන මිනිත්තුවේ දී පළමු ආර්සනෙල් ගෝලය වාර්තා කළ අතර ඉන්පසු හැරෙන තැපෑලෙන් Alex Iwobi වෙත සුපිරි පන්දු යොමු කිරීමක් සිදු කළේ Alex Iwobiගේ ගෝලයත් සමඟ තරගයේ ගෝල සම කරමින්.     

පළමු අර්ධය: ආර්සනෙල් 02 – 02 චෙල්සි

පහසු ජයග්‍රහණයක් බලා සිටි චෙල්සි ප්‍රේක්ෂකයින් වික්ෂිප්තව සිටිය දී දෙවන අර්ධය ආරම්භ වූ අතර කරට කර තරගයකින් අනතුරුව අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පැමිණි සුපිරි ක්‍රීඩක ඒඩන් හැසාඩ් තරගයේ චෙල්සි කණ්ඩායම දෙසට හරවා දෙන්නට සමත් විය.

හැසාඩ්ගේ දක්ෂ පන්දු යොමු කිරීමක් ඇලෝන්සෝ 81 වන මිනිත්තුවේ දී දැල වෙත යොමු කළේ ආර්සනෙල් බලාපොරොත්තු අවාසනාවන්ත ලෙස බිඳ දමමින්.

අවසන් ලකුණු තත්වය: ආර්සනෙල් 02 – 03 චෙල්සි

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

  • චෙල්සි – Pedro 9′, Álvaro Morata 20′, Marcos Alonso 81′
  • ආර්සනෙල් – Henrikh Mkhitaryan 37′, Alex Iwobi 41′

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<