ලිවර්පූල් නැවතත් පළමු ස්ථානයට; මැන්චෙස්ටර් සිටි දැවැන්ත ජයක්

129

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවැනි සතියේ තරග පසුගිය සති අන්තයේ දී (22,23) ක්‍රියාත්මක වූ අතර මේ සති අන්තයේ දී ලකුණු සටහනේ පෙරළි කිහිපයක්ම සිදු විය.

චෙල්සි, මැන්චෙස්ටර් සිටි දැවැන්ත ජයග්‍රහණ වාර්තා කරද්දී ලිවර්පූල් පල්ලම් බසී

සතියක ජාත්‍යන්තර තරග විරාමයෙන් පසු එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය පසුගිය සෙනසුරාදා (15) නැවත ඇරඹුණු අතර විරාමයෙන් පසු පළමු……

චෙල්සි තෙවන ස්ථානයට ඇද දමමින් ලිවර්පූල් කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණට පැමිණි අතර මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ ගෝල 5-0ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ද සමත් විය.

ටෝටන්හැම් හොට්ස්පර්, අර්සනල් කණ්ඩායම් ද ජයග්‍රහණ වාර්තා කළ අතර ප්‍රබල කණ්ඩායම්වලින් ජයක් වාර්තා කර ගැනීමට නොහැකි වූයේ චෙල්සි කණ්ඩායමට හා මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම්වලට පමණි.

එයිනුත් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හමුවේ පළමු කාණ්ඩයට නවක වුල්ෆ්හැම්ප්ටන් වොන්ඩර්ස් කණ්ඩායම ගෝල 1-1ක් ලෙස තරගය සම කර ගැනීම  විශේෂත්වයක් විය.


ලිවර්පූල් කණ්ඩායමට සිහිනයක් බඳු ආරම්භයක්

වුත්හැම්ප්ටන් කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පවත්වා ගනිමින් සයවැනි සතියේ ද අපරාජිතව සිටින්නට ලිවර්පූල් කණ්ඩායම සමත් වූ අතර ඒ ජය නිසාම නැවත වතාවක් ලකුණු සටහනේ පළමු ස්ථානයට පත් වන්නට ඔවුන් සමත් විය.

 

සිව්වැනි සතිය අවසන්; ලිවර්පූල් තවමත් පෙරමුණේ

2018-19 එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වන සති අන්තය නිමා වූයේ බලාපොරොත්තු වූ ප්‍රතිඵල රැසක් සමඟිනි. එංගලන්ත ප්‍රිමියර් ලීග්……

වාර්තා වූ ගෝල ත්‍රිත්වයම පළමු අර්ධයේ වාර්තා වීමේ විශේෂත්වයක් වූ අතර ස්විස්ටර්ලන්ත සුපිරි ක්‍රීඩක Xherdan Shaqiri සිය පළමු ප්‍රිමියර් ලීග් තරගයේ දී ගෝල අවස්ථා දෙකකට සහය දැක්වීම ද විශේෂත්වයක්.

10 වන මිනිත්තුවේ දී ඔහුගේ ප්‍රහාරයක් සවුත්හැම්ප්ටන් ක්‍රීඩක Wesley Hoedt ගේ වැදී දැල තුලට ගියේ ලිවර්පූල් කණ්ඩායමට ගෝලයක් හිමි කර දෙමිනි.

21 වන මිනිත්තුවේ දී ‘Corner’ අවස්ථාවක් මැනවින් සිය හිසෙන් දැල වෙත යොමු කරමින් ලකුණු පුවරුව දෙගුණ කරන්නට Joel Matip සමත් විය.

කිහිප වරක්ම උත්සහ කිරීමෙන් අනතුරුව ලිවර්පූල් සුපිරි ක්‍රීඩක මොහොමඩ් සලාහ් පළමු අර්ධය අවසානයට මොහොතක් ඉතිරිව තිබිය දී තවත් ගෝලයක් වාර්තා කළේ Xherdan Shaqiriගේ නිදහස් පහරින් ගෝල රාමුවේ වැදී ආපසු පැමිණි පන්දුව දක්ෂ ලෙස දැල්ගත කරමිනි.

ශූරයින්ගේ ලීග් තරගාවලියේ කාලසටහන එළි දැක්වේ; වසරේ ක්‍රීඩකයා මෝඩ්රික්

2018-19 තරග වාරය සඳහා UEFA ශූරයින්ගේ ලීග් තරගාවලියේ කාණ්ඩ තේරීම ඉකුත් 30 වැනිදා ප්‍රංශයේ මොනාකෝ හිදී පැවැත්විය. UEFA ශූරයින්ගේ…….

පළමු අර්ධය: ලිවර්පූල් 03 – 00 සවුත් හැම්ප්ටන්

දෙවන අර්ධයේ කිසිදු ගෝලයක් වාර්තා නොවූ අතර තරග අවසානයේ ලිවර්පූල් කණ්ඩායම පිට පිට සිය හයවැනි තරගයත් ජය ගත්තේ චෙල්සී කණ්ඩායමෙන් පළමු ස්ථානය උදුරා ගනිමිනි.

අවසන් ලකුණු තත්වය: ලිවර්පූල් 03 – 00 සවුත් හැම්ප්ටන්

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • ලිවර්පූල් – Wesley Hoedt 10′ (og), Joel Matip 21′, Mohamed Salah 45 +3′

චෙල්සි කණ්ඩායමට පළමු ස්ථානය අහිමි වේ

පස්වැනි සති අන්තය නිමා වන විට ලකුණු සටහනේ පළමු ස්ථානයට පත් වූ චෙල්සි කණ්ඩායමට සයවැනි සති අන්තයේ දී තෙවන ස්ථානය දක්වා පල්ලම් බැසීමට සිදු වූයේ වෙස්ට් හැම් යුනයිටඩ් කණ්ඩායමේ හමුවේ ගෝල 0-0ක් ලෙස තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසයි. ඒ අනුව චෙල්සි කණ්ඩායමේ තරග පහක අඛණ්ඩ ජයග්‍රහණ වාර්තාව අවසන් විය.

වෙස්ට් හැම් කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර 31 වන මිනිත්තුවේ දී චෙල්සි ගෝල රකින්නා, Kepa Arrizabalaga, Michail Antonioගේ උත්සහයක් ව්‍යර්ථ කළේ වෙස්ට් හැම් කණ්ඩායමේ නිසැක අවස්ථාවක් වළක්වමිනි.  

66 වන මිනිත්තුවේ දී මොරාටාගේ උත්සහයක් ව්‍යර්ථ වූ අතර තරගය අවසන් වීමට මිනිත්තු 13ක් ඉතිරිව තිබිය දී Andriy Yarmolenko හට චෙල්සි වෙනුවෙන් ගෝලයක් සටහන් කිරීමට නොහැකි වූයේ Robert Snodgrassගේ පන්දු යොමු කිරීම ඔහුගේ හිසේ වැදී ඉවත ගිය නිසයි.  

ඒ අනුව චෙල්සි කණ්ඩායමට තෙවන ස්ථානය දක්වා පසු බසින්නට සිදු විය.

අවසන් ලකුණු තත්වය: චෙල්සි 00 – 00 වෙස්ට් හැම්


මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට දැවැන්ත ජයක්

රියාද් මහරෙස් මැන්චෙස්ටර් සිටි කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ මැන්චෙස්ටර් සිටි හා කාඩිෆ් සිටි අතර තරගය අවසන් වූයේ ගෝල 5-0ක දැවැන්ත ජයක් මැන්චෙස්ටර් කණ්ඩායමට හිමි කර දෙමිනි.

මැන්චෙස්ටර් කණ්ඩායම වෙනුවෙන් සිය 300 වන තරගයේ දී Bernardo Silvaගේ පන්දු යොමු කිරීමක් අලංකාර ලෙස දැල වෙත යොමු කළ Sergio Aguero මෙවර තරග වාරයේ සිය සිව්වැනි ගෝලය වාර්තා කර ගන්නා ලදි.  

ඉන් මිනිත්තු තුනකට පසු Leroy Saneගේ පන්දු යොමු කිරීමක් ගෝල රකින ක්‍රීඩක Neil Etheridge පසු කරමින් Bernardo දැල වෙත යොමු කළේ ලකුණු සටහන දෙගුණ කරමිනි.   

පළමු අර්ධය අවසානයට මිනිත්තු තුනක් ඉතිරිව තිබිය දී Ilkay Gundogan අලංකාර ගෝලයක් වාර්තා කළේ Raheem Sterling සමඟ දක්ෂ ලෙස පන්දු හුවමාරු කිරීමක් සමඟිනි.  

පළමු අර්ධය: මැන්චෙස්ටර් සිටි 03 – 00 කාඩිෆ් සිටි

මහරෙස් 67 වන මිනිත්තුවේ දී හා 89 වන මිනිත්තුවේ දී ගෝල ද්විත්වයක් වාර්තා කරමින් මැන්චෙස්ටර් කණ්ඩායම චෙල්සි පසු කරමින් දෙවන ස්ථානයට රැගෙන යන්නට සමත් විය.

අවසන් ලකුණු තත්වය: මැන්චෙස්ටර් සිටි 03 – 00 කාඩිෆ් සිටි

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ  

  • මැන්චෙස්ටර් සිටි – Sergio Agüero 32′, Bernardo Silva 35′, Ilkay Gündogan 44′, Riyad Mahrez 67′, 89′

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<